ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගමික නායකයින්ගේ අනුශාසනා සමග කතෝලික සභාව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද කී අගරදගුරු ආසියා රදගුරුවරුන්ගේ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වූ බවත් එහි අදහස් දැක්වීමට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු ආගමික නායකයන් රැසක් එක්වූ බවත් කීය.
අර්ජුන රණතුංග සමාජ සත්කාරය ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් එසේ කාදිනල්තුමන් අදහස් දැක්වූ අතර එය ඉදිකිරීමට කෙතරම් මුදලක් වියදම් කරන්නේ දැයි දැනගන්නට නැත. යකඩ, ඉවතලන පිටත ලී, කුකුළු දැල් හා ෆයිනල් මල් උපයෝගී කරගනිමින් උස අඩි 325කින් යුක්තව එය ඉදිකිරීමට සැලසුම් කැර ඇත. මෙහි ඉදිකිරීම් අගෝස්තු 18 වැනිදා ඇරැඹිණි. දෙසැම්බර් 22 වැනිදා එය නිම කිරීමට නියමිතය. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙතියි කියති.
ඉදිකරමින් පවතින නත්තල් ගස








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියතුමනි ඔබ වහන්සේගේ අදහස් නම් ඉතාමත් අගනේය (ර)
නත්තල් ගස දැක පොඩි දරුවන්ට ඇතිවන සතුට, දුප්පත් දරුවෙකුට ඉන්න හිටින්ට හිසට වහලක් හදදුන්නොත්, ඒ සතුට හැමෝටම බෙදා ගන්න පුළුවන් . (ර)
කාදිනල්තුමනි ඔබට පින් සිදු වෙනවා. (ර)
බලනකොට වරාය අමාත්‍යාංශයෙන් වරාය සංවර්ධනය හැර සියළු දේ කරනව වගේ.. (ම)
කවුරු කොහොම අදහස් දැම්මත් වෙන්න ඕනෑ දේ වුණා. (නි)
ඔව් ඇත්ත දුප්පත් අයට උපකාර කිරීමයි හොඳම දේ. ඔබට හිස නමා ආචාර කරනවා (ර)
අමන්ත, අපි තොරණ් ගහන්න ඔපමන වියදම් කරන්නේවත් රජයේ අනුග්‍රහය ලබන්නේවත් නැත. පටන් ගත්තෙත් ඕගොල්ලෝ, ඉවර කළෙත් ඕගොල්ලන්ගේ උවමනාවට. (නි)
ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත අප රටේ ඉන්න තැනක් නැතුව කීදෙනෙක් ඉන්නවද? (ර)
මෙවැනි දේවල් වලට මෙතරම් වියදම් කිරීමෙන් ඇති ඵලය කුමක්ද ? (ර)
අනේ, විද්‍යා හැමදේම සුන්දරව විචිත්‍රව, දකින, ඔයාල වගේ අය දෙකෝටි අසු ලක්ෂයක (මිලියන් 28 ක) වියදමක් දරලා හදන නත්තල් ගහක් දැකලා අමන්දානන්දයට පත් උනාට, කාදිනල් තුමාට හා බුද්ධිමත් කතෝලික හා බෞද්ධ ජනතාවට මේවා වැඩකට නැති දේවල් බව තේරෙනවා (ර)
මෙතුමා නම් අරහත් බවට පත් වූ කෙනෙකි . සාදු ,සාදු සාදු! (ර)
කව්රු කිව්වත් අපි නම් ජයට නත්තල් කනවා,නත්තල් තියෙන්නේ හොදට කන්න බොන්න (ර)
ලෝකෙන් ලොකුම දේවල්වලට අපි හරි දක්ෂයි. (ම)
මේකෙන් ලෝකයාට ලංකාව පිලිබදව හොද ප්‍රචාරයක් ලැබෙනවා. අසරණ ජනතාවට උදව් කිරීමෙන් හොඳ නත්තලක් අපටත් ඔවුන්ටත් විද ගන්න පුළුවන් (ර)
ච්රදිනල් පියතුමනි ඔබට මගේ ප්‍රණාමය!. අසරණ දුප්පත් දරුවන්ට එක වේලක් කුසගින්න නිවන්න පුලුවනිනම්, එක තමි ලොකුම නත්තල (ර).
ජිවිතයේ විවිධත්වයක් අවශ්‍යයි (ර)
ඔබ තුමා රටට සම්පතකි, රටට ආදරය කරන, සැබෑ ආගමික නායකයෙක්. (ර)
නාස්තියට විරුද්ධ වූ ඔබතුමාට ස්තුතියි (ර)
කාදිනල්තුමාගේ අදහසට මගේ ප්‍රණාමය. මේ නත්තල් ගහ හදන්නේ ලෝකේ ලොකුම එක වෙන්නලු. (ර)
මේකට වඩා කොච්චර ඕනේ නැති දේවල් කරලා තියෙනවද ... කීයක් හරි කඩා ගන්න පුළුවන් දේවල් නම් උඩ පැනල කරන්නේ . පෙන්නේ නැද්ද නෙලුම් කුලුන වගේ දේවල්. ඒ සල්ලි වලින් දුප්පත් ඉස්කෝල කීයකට බිල්ඩින් හදන්න තිබ්බද.? (ර)
අපේ තත්වය අපිම නොදන්නා කම නිසයි මේ වගේ දේවල් කරන්නේ. අඩු ගානේ ඇමෙරිකාවේ වත් නොකරන වැඩ තමා මේවා. මුලදී ඇමෙරිකාවේ විශාල පයිනස් ගස් ප්‍රධාන නගරවලට ගෙනවිත් සැරසුවත් එය බොහෝවිට නවතා දමා ඇත්තේ වියදම හා ගස් වලට හානි කරන්න අකමැති නිසා. එත් අපේ රටේ ඔය වියදමින් කරන්න පුළුවන් වටිනාකමක් ඇති වැඩ කොච්චර නම් තියනවද? (ර)
අතේ පයේ උතුරන්න මුදල් ගැවසෙන කොට තමන් කවුද කියල අමතක වෙනවා. ඊට පස්සේ බලන්නේ රටම හාමතේ හිටියත් තමන් කෙරුමා කියලා පෙන්නන්න මොකක් හරි පුම්බල පෙන්නන්න හදනවා. (ර)
මේකට දැනටමත් මිලියන ගානක් වියදම් කරලා ඇති. ඒ සල්ලි ආයෙත් ගන්න බැහැ. මේකට විරුද්ධ වෙන්න තිබුනේ මුල් දවස් වලමයි. අගෝස්තු සිට මේ දක්වා කොපමන වියදම් කරන්න ඇද්ද. (නි)
දෙකෝටි විසිඅට ලක්ෂයක් කියන්නේ නාස්තියක් තමයි. විසිඅට ලක්ෂෙත් ඉතා වැඩියි. ඉවත ලන දෙයින් නම් හදන්නේ ඔච්චර වියදමක් මොකද. කාදිනල්තුමා විරුද්ධ නත්තල් ගහට නෙවෙයි මේ යන අධික වියදමටයි. (ර)
අගරදතුමන් ඇතුළු සබාවට මගේ උත්තමාචාරය පුද කරමි!! මෙන්න නියම නායකයින්,ඔබ තුමාගේ ප්‍රකාශය අනිකුත් ආගමික නායකයින්ටත් පහළවේවා!!මම බෞද්ධයෙක්මි (ර)
මෙතනට අදහස් ලියා ඇති 99%ක් පමණ දෙනා මතුපිට අර්ථය ගැන පමණක් සිතා හද පත්ලෙන්ම යමක් කියා ඇතත් ඔබ සැම නොදන්නා බොහෝ දේ අප කාටත් හොරා දිය යට ප්‍රවාහයක් සේ ඇදී යනවා. මුලාවූ බව ජාතියක පිරිහීමේ ලක්ෂණයක්. කෙසේ වෙතත් ජයග්‍රාහී පිරිස එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බිම හෙළා ගෙන තිබෙනවා. (ර)
මම නම් කාට කාටත් කියන්නේ "බොරු වැඩ" එපා කියල. බොරුව වගේම දෙබිඩි වැඩ යේසුතුමා තරයේම පිළිකෙව් කළා. (ර)
කාදිනල් තුමාගේ තීරණය ඉතා උතුම්. (ර)
ගිනි අවුලන මිනිසුන්ම ගිනි නිවන්න ඉදිරිපත්වෙන රටක් මේක.(හේ)
එලොවටත් පලක් නැති, මෙලොවටත් වැඩක් නැති දේවල් කරන්න නම් අපේ අය උපන් හපන්නු. සමහර විට අපේ රටේ අයට කෙසේ වෙතත්, නත්තල් ගස් නොදැකපු බටහිර ක්‍රිස්තියානි රටවල් වල අයට ලොකුවට පේන්න කරන දෙයක් වෙන්න ඇති? මේ දැනුයි ඒකත් මට තේරුනේ. (ර)
මේ කාදිනල් තුමා මොනතරම් බුද්ධිමත්ද ? ඔබට ප්‍රණාමය (ර)
පියතුමනි ඔබට මගේ ප්‍රණාමය!. (ර)
මෙම ප්‍රකාශයට හේතු වුයේ තමන්ගේම අදහසක් නම් එය ප්‍රජාතන්ත්‍රවාදී අය්තියකි. එහෙත් අගෝස්තු මස ඇරඹි මෙම කර්තව්‍යට විරුද්ධව ප්‍රකාශයක් කිරීමට මෙතරම් ප්‍රමාධ වීමයි ගැටලුව.. මෙම ඉදිකිරීමට යන වියදම ලැබෙනුයේ රජයේ මහජන මුදලින් නොවන බව අනුමාණයයි. මෙය අතර මග නැවැත්වීම, මේ වනවිට හදවතින්ම කැපවී මෙය ඉදිකිරිම සඳහා උපරිමයෙන් සහයෝගය ලබාදෙන අයට කරන බලවත් අසාධාරණයක් බව නොසිතෙන්නේ ඇයි? (ර)
මේක බොරු වැඩක්. අනික දෙසැම්බර් 22 වැනිදා නිම කිරීමට නියමිත නම් නත්තලට දවස් කීයද තියෙන්නේ? (ර)
මේක දැන් කියල වැඩක් නෑ. වැඩේ පටන් ගන්න කොට ඔය විරෝධය ඉදිරිපත් කලානම් තමයි වටින්නේ. (ර)
මේක හොඳ අදහසක්.මේක ජනතාවගේ මුදල් නාස්ති කිරීමක්.මේ මුදල් පිලිකා රෝහලට ලබා දෙන්න (ර)
ලෝකෙන් උසම, ලොකුම එක හදන්න හුඟ දෙනෙකුට වුවමනාව තියෙනවා. ඔය මුදලින් ගෙවල් සිය යක් හදමු. හපන්කම් නෙවෙයි අවශ්‍ය පිහිට වීම නත්තලයි. (ර)
මෙවැනි නාස්තිකාර වියදමක් දරන ව්‍යාපෘතියක් පටන් ගන්න යන බව මෙයට මාස කීපයකට පෙර වෙබ් අඩවියක් මගින් ජනතාව අතරට පණිවිඩය රැගෙන ගිය බව මතකයි , එම දිනවලදී ම මෙම ව්‍යාපෘතිය ගැන ක්‍රියාත්මක වී ඔය දැන් කියන කරන ප්‍රකශ කල හැකිව තිබුණි , නමුත් දැන් කල්ගත වී ඇත (ර)..
ලෝකයේ ලොකුම ගවලෙන දියවන්නාවේ නේ තියෙන්නේ පාට පාට ලයිට් ටිකක් දැම්මනම් පංකාදු පහයි (අ)
මේ වැඩේ නම් බොහොම අගෙයි (නි)
පියතුමනි , නවතන්න දැන් පරක්කු වැඩියි. (ර)
කරන්න දෙයක් නැති නිසා වෙන්නැති මෙවැනි දේ කරන්නේ. කදිනල්තුමනි ඔබට ගරු කරමි (ර)
කර්දිනල්තුමා කිව්වා වගේ ඕකට දාන මුදල් දුප්පත් අයට දෙන්න (ර)
නත්තල් ගහ නාස්තියක් තමා , නමුත් නවත්වන්න උවමනාව තිබුනානම් ඒක කරන්න තිබුනේ මීට කලින්. (ර)
නත්තල හැමෝටම සතුටක් ගෙන දෙන්නක් විය යුතුයි. ඔබේ කතාව හරි පියතුමනි (ර)
මේ සඳහා වියදම රුපියල් එක් කෝටි විසිපන්ලක්ෂයක් බව වෙනත් පුවත්පතක සඳහන්වී තිබුණා. කාදිනල් හිමිපාණන් හට බොදු,කිතුනු සහ හින්දු සියලුම දුප්පත් ලාංකික ජනතාවගේ නමස්කාරය පිරිනමමු. (ම)
ඔන්න ප්‍රායෝගිකව ජීවත්වන සහ මග පෙන්වන උදවිය. ආගමික නායකයින්ට මනුෂ්‍යත්වය නැත්නම්..., ඔවුන් මානසිකව ජීවත්වෙන්නේ ම්ලේච්ච ගල් යුගයේ. ඔවුන් නිතරම ලේ පිපාසිතාවයි ඉන්නේ. අගරදගුරුතුමනි.., ඔබට මාගේ උත්තමාචාරය.(හේ)
ඔබවහන්සේ වගේ ප්‍රයෝගිකව හිතන දේශපාලකයෝ හරිම දුර්ලබයි. අපේ රටට වුණ නස්පැත්තිය. නියඟයෙන් හෝ ජල ගැල්මෙන් විනාස උණු වගාව නිසා සේසතම නැති වුණු ගොවියෝ වස බිලා මැරෙනවා, තවත් කොටසක් ගෙයක් දොරක් නැතිව අපා දුක් විදිනවා, (ම)
මහේෂ් මම ඔබ සමග එකගයි මගේ අදහසත් එයයි (ර)
ඒ කතාව නම් ඇත්ත.(හේ)
ඔව් මේවා අපරාද වැඩ. ටික දවසකින් අයෙමත් ඕක අයින් කරලා දානවා. මනුස්සයෙක්ට උදව්වක් කලොත් එක හැමදාම තියෙනවා (ර)
අපි හැමෝම මේ ගැන හිතුව. එත් නොකිව්වේ හිත රිදෙයි කියල. නාය ගිහින් අනාථ වුනු අය තවම මහපාරේ. (ර)
මගේ ආචාරය (ම)
මෙයනම් නාස්තියක්. ජේසුස් වහන්සේ පැවසුවෙත් දුප්පතුන්ට උදව් කරන්න කියලයි. ඒ නිසා මේ සල්ලි අසරණ අය අතර බෙදදුන්නනම් ඉවරනේ (ර)
අපගේ ජීවිත තුළ ජේසු සමිඳුන්ගේ ආදර්ශය අප පිළිපැදිය යුතුය. උන්වහන්සේ වදාළාක් මෙන් ඇති අය නැති අය අතර බෙදාහදා ගත යුතුය. එයයි, සැබෑ නත්තල....(ම)
ඔබතුමාගේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. (ර)
සමාජ සත්කාර කියන්නේ මේවගේ නාස්තිකාර බොරු සොබන වලටද ඇමැතිතුමෝ! (ම)
මෙයයි සත්‍යය.(හේ)
හොද පින්වන්ත උතුම් අදහසක්, (හේ)
ඔය වැඩේට කෝටි එක හමාරක් වැය වෙනවලු. මොකක්ද ඔයින් රටට හෝ ජනතාවට ලැබෙන සෙතේ. මට අහු උනොත් ඔක්කොම අරන් ගිහිල්ලා බෙදලා දෙනවා දුප්පත් මිනිස්සුන්ට. (ර)
අපි ඔබ වැනි ආගමික නායකයන් අවශ්‍ය වේ.(හේ)
මෙන්න නියම ආගමික නායකයෝ.ඔබ වහන්සේට අපේ ගෞරවනීය ප‍්‍රණාමය! (හේ)
මුදල රැපියල් ලක්ෂ 450 (ර)
ඔබ තුමාගේ අදහසට හිස නවා ආචාර කරමි. අපේ රටේ කියමනක් තියෙනවා" .. කසා ගන්නට නියපොත්තක්වත් නැතිව මහා ලොකු වැඩ කරන්න යනවා.." කියලා.සම්පුර්ණ සත්‍ය කියමනක්..අපේ රටේ රින ආර්ථික ශක්තිය ගැන ශතයකටවත් මායිම් නොකර කරන පිස්සු වැඩවලින් වෙන්නේ අපි තව තවත් පිටු පසටම යාමයි..අනික රජයේ සේවකයින් " ස්ව කැමැත්තෙන් " කියන කොටස නම් මම පිලි ගන්නේ නැහැ. මෙය බිය ගන්වා රස්සාව ඇපයට තබාගෙන කරන සෙල්ලමකි.(හේ)
ලොකුම නත්තල ගහ හැදුවා කියලා ලෝකයට අපෙන් වැඩක් නැ.මිට වඩා වැදගත් දෙයක් කලා නම් හොද නැද්ද . (ම)
මේ වගේ බොරු වැඩ වලින් කාවවත් රවට්ටන්න නොහැකිබව අගරදගුරුතුමාගේ ප්‍රකාශයෙන් පසුවවත් මේ දේශපාලකයෝ දැනගත්තොත් හොදයි (ර)
මට තවමත් හිතාගන්න බැරි මේකේ මොකක්ද තියෙන "සමාජ සත්කාරය" කියන එක.(ර)
පන්සලේ, පල්ලිය ඝන්ටරය නද කරනවිට ජනයා එකතුකරන ක්‍රමය දැන්වත් පමාවී හෝ කලයුතුයි (ර)
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අපේ රටට සම්පතකි. මේ කාලකන්නි දේශපාලකයින්ගේ මොලගෙඩි සෝදනු මැනව හිමිපාණනි. (බ)
ඔබතුමන්ට මාගේ ආචාරය (බ)
දැන් වත් තේරුම් ගන්න . ඔය වගේ බොරු වැඩ නොකර එතුමා දුන්න ආදර්ශය වටහා ගන්න . සියලුම දේශපාලනය කරන අයටත් හොඳ පාඩමක් . (ර)
මම බෞද්ධයකු වශයෙන් ඔබ වහන්සේගේ නිර්භීත ප්‍රකාශයට හිස නමා ආචාර කරමි (නි)
දුප්පත් මිනිස්සුන්ට පිහිටක් වෙනවනම් හොඳයිනේ (ර)
මෙවැනි ආගමික නායකයන් අපේ රටට වාසනාවන් (නි)
නිකන් සල්ලි දෙන්න ගියාම නිෂ්පාදනයක් නැහැ. නිර්මාණයක් නැහැ. මිනිස්සු දුප්පත් වෙන්නේ භෞතික සම්පත් වලින් නොව ආකල්ප වලින්. නිකන් සල්ලි දෙනවට වැඩ හොඳයි කිසිවක් නොකර ඉන්නවනම්. එයට වඩා හොඳයි නත්තල් ගහක්වත් හැදුවනම්. (ර)
දැනට නිර්මාණය කර ඇති මේ ප්‍රමාණය උඩම අර්ජුන මහත්තයව තිබ්බානම් හරි!!! (ම)
පියතුමනි . මා බෞද්ධයෙක් . ඔබ තුමාට වැඳ නමස්කාර කරමි. (ර)
මේකනම් ඉතිහාසගත වෙන අවස්ථාවක් (නි)
මම බෞද්ධයෙක් වෙමි . අපගේ ස්වාමීන් වහන්සේ කෙනෙකු වත් බෞද්ධ කටයුත්තක් කිරීමෙදී , ඔවැනි දෙයක් කියාවි යැයි සිතීමට අපහසුයි .(බ)
අර්ජුන මැතිඳුනි ඔබට අපේ සුභ පැතුම්. ශ්‍රී ලංකාව ඉහළට උසවා තැබුවාට. (ම)
දුප්පත් මිනිසුන්ට ගෙවල් කීයක් හදලා දෙන්න තිබුන සල්ලිද? මේ මිනිසුන්ගේ මොළය තියෙන්නේ කොහෙද? (නි)
අගරද තුමනි ඔබවහන්සේගේ ආකල්පය මම බැති සිතින් නමදිමි. (බ)
වරායෙ අය නත්තල් ගස් හදනකොට, ලංකාවෙ ආර්ථිකයට වුවමනාම තෑන වන වරායෙ වෑඩ කරන්නෙ කවුද?බොරු වෑඩ.. (බ)
ඕනෑම කලා නිර්මාණයක් සඳහා මූල්‍යමය වියදමක් දැරීමට සිදු වේ.එසේගත් කල චිත්‍රපට,ටෙලිනාට්‍ය සියල්ල සඳහා යටකරන අති විශාල ධනස්කන්ධය කිසිදු පලක් ඇති දෙයක් නොවේ.වසරකට එක්වතාවක් අත්කම් කලාකරුවන් කීපපලක් එක්වී ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීම අගයකල යුත්තකි.මිනිසුන්ගේ ආකල්පමය සහ නිර්මාණාතමක හැකියාව රටේ අභිවෘධිය වෙනුවෙන් යොදාගැනීමට අපේ පාලකයන්ට නොතිබීම ගැන තිබෙන්නේ කණගාටුවකි.දුප්පත් මිනිසුන්ට ආධාර උපකාර කරනවාට සමගාමීව මෙවන් කටයුතුද අගයකිරීමෙන් ඒ මිනිසුන්ගේ නිර්මාණාත්මක කුසලතාවයට ලැබෙන්නේ මනා පිටිවහලකි. (ර)
ලංකාවේ බලඅරගල ශක්තිය පෙන්නපු තවත් අසිරිමත් මොහොතක්. (නි)
බොරු වැඩ කරන මුදල් දුප්පත් පවුල් 100කට ගෙවල් හදන්න තිබ්බා.(හේ)
ඇත්තටම මට හිතෙන්නේ අපේ අගරදගුරු තුමා රට ගැන මිනිස්සු ගැන හිතනවා කියලයි .(ර)
ඉවතලන දේවල් වලින් මෙය හදනවා කියලා මෙහි සදහන් වෙනවා. ඒ වගේම ඡයාරුප වලිනුත් පේනවා. ඒ නිසා මේ දේ තුල ලොකු ප්‍රශ්නයක් න කියලයි මට හිතෙන්නේ. කාදිනල් තුමාගේ අදහසට ගරු කරනවා. මිනිස්සුන්ට උදව් කරන්න ඕන. එක ගැන ප්‍රශ්නයක් නෑ. එත් මෙහෙම හැමෝම කියනවා නම් වෙසක් තෝරන්, විශාල වෙසක් කුඩු, දන්සැල් අවුරුදු උත්සව සංගීත සංදර්ශන සැණකෙළි හැමදේම නවත්තලා දන්නා වේවි. (ර)
පියතුමනි . මා බෞද්ධයෙක් . ඔබ තුමාට වැඳ නමස්කාර කරමි. (ර)
හුසේන් ඔයා හරි. (හේ)
අපේ රටේ ප්‍රශ්න නැත එනිසා කමක් නැත (ර)
මේ උපදේශය දෙන්න තිබුනේ පහුගිය අගෝස්තුවේදී. දැන් ප්‍රමාද වැඩියි කියලයි හිතෙන්නේ. තේරුමක් නැති වියදමක් තමයි. වෙසක් එකටත් ලොකු තොරන් ගහල විදුලිය නාස්ති කරලා වියදම් කරනවා. නමුත් තොරණ නත්තල ගස වගේ දේවලින් ආද්යාත්මක සහ පහන් සිතුවිලි ඇතිවෙන බව අමතක නොකළ යුතුයි. මේවා කරන පුද්ගලයින් දුප්පතුන් වෙනුවෙනුත් යමක් කළා නම් හොඳයි නේද ? (ර)
මෙම නත්තල් ගස වෙනුවෙන් වැය කරන මුදලින් කොයි තරම් නම් තරම් නම් ප්‍රයෝජනවත් වැඩ කරන්න පුළුවන්ද . හිසට වහලක් නැති දුප්පත් අය අපේ රටේ කොයිතරම් ඉන්නවද ඒ වගේ අය සොයා කීපදෙනෙකුට හෝ නිවසක් සාදා දෙන්නේනම් නත්තලේ නාමයෙන් එය ලොකු පිනකි (හේ)
ආදරණීය උතුම් පියතුමනි ඔබ මේ යුගයේ ශ්‍රේෂ්ටයෙකි (ර)
අද කාලේ ආගමික උත්සව කාලෙට තරඟෙට එක එක විකාර කරනවා. වෙසක් එකට ලොකුම තොරණ, නත්තලට ලොකුම නත්තල් ගස. එහෙත් මේ ආගම් වලින් කියවෙන අර්ථය ගැන වැටහීමක් හෝ කියන අදහස් වලට ගරු කිරීමක් සිදුවන්නේ නැහැ (නි)
මම මෙතුමන්ගේ මතයට ගරු කරමි. කතෝලික ආගමේ නියම හරය ඉස්මතුවූ අවස්ථාවක්. මම කතෝලිකයෙකු නොවෙමි.(ර)
මෙතන වැඩි දෙනෙක් බෞද්ධයෝ තමයි කොමෙන්ට් දමන්නේ.... ඔබලාගේ උදවිය වෙසක් සහ පොසොන් උත්සව වලට කරන මුසල් නාස්තිය ගැන කවදාවත් හිතනවාද? (ර)
මහජනතාවගේ මුදල් නාස්ති කරනවා විතරයි (නි)
රටට ආඩම්බරයක් ඔබතුමාගේ අදහස ...නුවණට හුරු ,ආදර්ශයක් (හේ)
ඔබතුමාණන් ගේ අදහස සියයට සියයක් නිවැරදියි. එය කිතුදහමට මෙන්ම සෙසු ආගම් වලටත් එකඟයි. (හේ)
අපි අගරදගුරු තුමාගේ ප්‍රඥා සහගත ප්‍රකාශය අනුමත කරමු. මේ ගහෙනුත් බොහෝ අය හොරකම් කරනවා ඇති. (හේ)
අපේ රටේ වැඩිපුර වෙන්නේ අපරාද වියදම්මනේ (නි)
මම බෞද්ධයෙක්. මගේ ජිවිතයේ ශ්‍රේෂ්ට පුද්ගලයන් 2 කි. බුදුහාමුදුරුවෝ හා ඔබතුමයි. ඔබතුමා කාදිනල් තනතුරට පත්වෙලා රූපවාහිනියෙන් අමතපු පළමු කථාවට මම පැහැදුණා. අපේ රටට ඔබතුමා සම්පතක්. (හේ)
අගරදගුරුතුමනි, ඔබතුමාට අපේ ආචාරය! (නි)
මම බෞද්ධයකු වුනත් අගරදගුරුතුමාගේ අදහස් වලට කවදත් ගරු කලෙමි. එහෙත්, මේ අවස්ථාවේ ඔහුගේ අදහසට එකඟ නොවෙමි. ලොව ලොකුම නත්තල් ගස කෙසේ වෙතත් නත්තල් ගසක් ඉදිකර නත්තල සැමරීමේ වරදක් මම නොදකිමි. වෙසක් සැමරීමට තෝරන්, පහන්, කුඩු ඉදිවන්නා සේම නත්තල සැමරීමටද නත්තල් ගස් ඉදිවිය යුතුය. එසේනම්, බුදුපිළිම, දාගැබ්, අනිකුත් ආගමික සිද්ධස්ථාන ඉදි කරන මුදල් වලින් වෙනත් යහපත් දේ කල හැකිබවද කෙනෙකුට තර්ක කල හැක. (ර)
රෝමයේ වතිකානුවේ වත් නොහදන විදිහේ නත්තල් ගස් මේ රටේ හදනවා.කතෝලික සභාව ඔයවගේ වැඩ අනුමත නොකරන බව අපි දන්නවා. (ර)
හොඳ තීරණයක් (ර)
මම කිතුණුවෙක් නොවෙමි එහෙත් මම එදා සිටම මෙම පියතුමාට ගරුකරමි, මුලින් මම මෙයට තරයේ විරුද්ධ උනත් කිතු දහමට ගෞරව වශයෙන් කිසිවක් නොකීවෙමි. ඔබතුමාට තෙරුවන් සරණයි (ර)
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෙනි, ඔබට හිස නමා ආචාර කරමි. (ර)
ඉතාම මැදහත් සිතින් සිතන පියතුමෙක් අපේ අගරදගුරුතුමා, බෞද්ධයෙක් විදිහට ඒක කියන්න ඕනේ, දුප්පතුන් ගැන හිතන, කතා කරන ඔබ තුමාට පින්....!!! (ර)
කොච්චර කෙරුවත් දුප්පතුන් හිග නොවේ. මෙවැනි දේවල් ඉඳහිටවත් රටකට තිබිය යුතුය. (ර)
අගරදගුරු තුමානි, ඔබට ජාතියේ ප්‍රනාමය. (ර)
ලංකාවේ කොච්චර දුප්පත් ඉස්කෝල තියනවද උදවු කරන්න.(හේ)
රට රටවල් වලින් ණය අරගෙන රටගෙනයන අපි ලෝකයේ ලොකුම නත්තල් ගස හදලා ලෝකයා හිනස්සනවා. මෙන්න අපේ පොලිටික්කන්ගේ මොලේ. (ර)
රටේ කොන්ද පන තියන ආගමික නායකයෝ තවම ඉන්නවා. (ර)
අගරදගුරුතුමනි, මෙයයි වියයුත්තේ. ඇත්තටම සතුටුයි. (නි)
මුලින්ම මේ තීරණය ගත්තා නම් හොඳයිනේ. කෙසේවෙතත් මේ අධික වියදම ගැන දැන දැනත් බහුතර පොදු බොදුනු ජනතාවත්, භික්ෂුන් වහන්සේලාත් විරෝධය පළනොකළේ කිතුතුමාට තිබු ගරුත්වයත්, කතෝලිකයන්ගේ සිත් රිදවීමට තිබු අකමැත්තත් නිසා බව අපට ඉතාම පැහැදිලියි. ඔවුන්ට අපේ උපහාරය .....! (නි)
මුදල් වියදම් කරලා හදන්න පටන්ගන්න කලින් ආගමික නායකයින්ගෙන් අහන්න තිබුණා. අර්ජුන ගෙදරින් ගෙනෙල්ලාද සල්ලි වියදම් කරන්නේ? (නි)
මෙතන කොමෙන්ට්ස් දාල තියෙන අයගෙන් තේරෙනවා වැඩි දෙනෙක් ගරු පියතුමාගේ අදහස අගය කරමින් අනුමත කර තිබෙනවා (හේ)
කාදිනල් තුමා කවදත් දුප්පතුන් වෙනුවෙන් පෙනීසිටි උතුමෙක්. (ර)
අර හැම එකටම පනින අහවල් බලය නිදිද? (නි)
ඇත්ත ඇති සැටියෙන් දුටු ඔබ වහන්සේට නමස්කාර වේවා! (නි)
දේශපාලකයෝ තව පියතුමෙක් ලවා මේක හොද වැඩක් කියලා කියාවිද දන්නෙ නැහැ (නි)
අමන්ත, ඔබ බෞද්ධ අපව පටළවාගන්න එපා. ඔය අදහස ඉදිරිපත් කළේ ඔබතුමන්ලා නියෝජනය කරන අගරදගුරුතුමන් (නි)
ලෝකෙට පේන්න කියලා මේ වගේ බොරු වැඩ කරලා ලෝකෙට පෙන්නුවට, ලෝකේ ඉන්න මිනිස්සු මේ වගේ පුහු දේවල් දැකලා සතුටු වෙන්න තරම් මන්දබුද්ධික නැහැ. (නි)
පාප්වහන්සේ එදා කී දෙයක් මතකයට නැගේ. ආජෙන්ටීනියාවෙන් මගේ උත්සවයට මුදල් වියදම් කරමින් එන්න එපා. ඒ මුදල් දුප්පතුන්ට උදව් කරන සංවිධානයකට පරිත්‍යාග කරන්න. එය මට කරන ලොකුම ගෞරවයකි. මැල්කම් උතුම් අගරදගුරුද ඒ අඩි පාරේ යාම ඉතාමත් ප්‍රශංසණීයයි. ඔබට මගේ ප්‍රණාමය සහ ගෞරවය පිරිනැමේ (බ)
ඇත්ත. ඇයි මේ නාස්තිකාර වියදම්? (නි)
මහේල සමග මම එකගයි. අපේ මිනිස්සු ආධාර මතම යැපෙන ජාතියක් වෙන්න මුලිකම හේතුව සහනාධාර බෙදීමයි. කුමක් හෝ වේවා නව නිර්මාණයක් නොකරන්නේනම් ඔවුන් ගල් යුගයේම රැදෙනු ඇත. මෙම ඉදිකිරිම තුල නිර්මාණකරුවන් ලබාගන්න අත්දැකීම් බොහෝය. ඒ ගැන සිතන්න. ආධාර වෙනුවෙන් ලබාදුන් ඡන්දය නිසා අප රට කෙතරම් ආපස්සට ගියාද. දැන් වත් අලුතින් හිතන්න (බ)
ඇත්තෙන්ම කළයුත්තේ එය නොවේද? (නි)
මම වැරදිනං හදන්න. ඔය සමරන දවසේ හේතුව නිසා ඒ දවස්වල ළමයින් ලක්ෂ 2ක් (මට මතක විදිහට) මරා දැම්මා කියලා ඒ පොත්වලම තියනවා. එතකොට සමරන්න දෙයක් තියනවාද? (බ)
ඔව් ඔය වගේ දේවල් කරන එක මහා අපරාදයක්. මේ රටේ ඕන තරම් අසරණ දුප්පත් අය ඉන්නවා. ඒ අයට ඔය මුදලින් උපකාර කලානම් කොච්චර වටිනවද (ර)
මේක තනිකරම මුදල් අවභාවිත කිරීමක්. (ර)
පියතුමනි මම බෞද්ධයෙක්මි . ක්‍රිස්තු ධර්මයට ගරු කරන අයකු හැටියට මම ඔබ වහන්සේගේ අදහසට ගරු කරමි. මට පෙනෙන විදියට සොබා දහමේ අපතේ යන ගෙඩි වලින් ඉදිවන නත්තල් ගසක්. කලා කරුවන් කීප දෙනෙකුගේ නිර්මාණයක්. හද පත්ලෙන් අතිඋනු කරුණාව ඇති පිරිසක් කරන කර්තව්‍යක්. නත්තල් දවසට පොඩි දරුවෙකුට මෙය දකිනකොට මොන තරම් සතුටක් ඇති වෙඉද. දවස් තුන් සියස් හැටපහේම මහන්සි වී ජීවිකාව ගෙනයන දෙමව්පියන් දරුවන් සමග මෙම නිර්මාණය නරඹන විට මොන තරම් සතුටක් ඇති වේද. සුළු මොහොතකට හරි සතුටක් මිනිසෙකුට ලබාදෙන්නට පුලුවන්නම් එය මිනිස්කමය . මෙය වැරදි අදහසක් නම් මට සමාව දෙනු මැන. ලබන නත්තල මගේ රටට සාමය ගෙන දේවා. (ර)
කාදිනල්තුමාගේ අදහසවත් ගරු කර මේ වගේ සෝබන නාස්තිකාර වැඩ නවත්වා දුප්පතුන්ට උපකාරී වන්න. දුප්පත් සිසුන් දහසකට අධ්‍යාපන ශිෂ්‍යත්ව අරගෙන දෙන්න. (නි)
අපේ බෞද්ධයෝ මේ වගේ නාස්තිකාර වැඩ ගොඩක් කරනවා තමයි. (නි)
අර්ජුන රණතුංග සමාජ සත්කාරයක් කියලා ගහලා තියෙන්නේ හරියට අර්ජුන ගෙදරින් ගෙනත් සල්ලි වියදම් කරනවා වගේනේ. අනේ මන්දා කන්න නැති අසරණ ළමයින්ට කන්න,බොන්න,තෑගී ටිකක් නත්තලට දුන්නා නම් කොච්චර සන්තෝෂ හිතේද? (නි)