තමා පැහැර ගත්තැයි මීගොඩ වැලිහේන වත්තේ දේපළ වෙළඳාම් ව්‍යාපාරික සුගත් චමින්ද පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කර ඇතැයිද ඔහු පැහැර ගැනීමට ලක්වී නැතැයිද මිගොඩ පොලිසිය හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.පී.නෙළුන්දෙණිය මහතාට වාර්තා කළේය.
නාඳුනන පිරිසක් මග හරස්කර පසුගිය පෙබරවාරි 27 වැනිදා කැලණි ගඟ අසබඩදී තමා පැහැරගත්තැයි ව්‍යාපාරිකයා දින කිහිපයකට පසුව බේරී ආ බව පවසමින් පොලිසියට පැමිණිලි කර ඇත. ඔහුගේ දුරකථන පණිවිඩ අනුවද ඔහු පැහැර ගැනීමට ලක්වී නැති බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
පැහැරගත් බව කියන දවසේ ඔහු තම මෝටර් රථය හංවැල්ලේ කැලණි ගඟ අයිනේ නවතා අවිස්සාවේල්ලට ගොස් බැංකුවෙන් මුදල් ගෙන සාප්පු සවාරියේ යෙදී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහුටද ඔහුගේ බිරිය අනූෂාටද තවත් සිව්දෙනකුටද ජූලි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි යවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් විසින් තමන්ව ගස් බැදගත් රටක තමන් විසින්ම තමන්ව පැහැරගත්තා වෙන්න බැරිද? (ම)
ව්‍යාපාරිකයන් කොහොමත් බොරුවෙන් වංචාවෙන් කටේ බලයෙන් ජයගන්න දක්ෂ පිරිසක්නේ.මෙයාලත් දේශපාලකයන්ට දෙවෙනි වෙන්නේ නැහැ.(අ)
ඉසුරන්දි හරි, රටේ දේශපාලන වෙළඳ ව්‍යාපාර තමයි වැඩි. (නදී)