අලි ඇතුන් පිට යෑමට ද කරත්ත චාරිකාවෙන් වනය හා වන සතුන් බැලීමට ද එන විදෙස් සංචාරකයින් නිසා හබරණ හිරිවඩුන්න ගමේ දුප්පතුන්ගේ බත් හැලිය ඉදෙයි. නැතිවි යන බර බාගේ ද නව තාක්ෂණයේ ජංගම දුරකතනයේ ද ඔවුන්ගේ පිහිටට එයි. ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ සංචාරකයාය. හිරිවඩුන්නේ සිට රජ්ජුමාලා වැව හා මින්නේරිය වැව් දක්වා මහ කැලෑව මැදින් කරත්ත දොළහක් සංචාරක චාරිකාවට සුදානම් කැර ඇත. ගොන් දෙන්නා බැදි කරත්තේ සංචාරකයින් සිව් දෙනා බැගින් ගම වටා රැගෙන යාමට එක් අයකු ගෙවිය යුතු ගාස්තුව රුපියල් 700කි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බරබාගේ දිනේවා. ගැමියන්ට ඉසුරු ගෙනේවා
හොඳ ක්‍රියා මාර්ගයක්. සුඛෝපභෝගී රථවාහනවල නැග යනවාට වඩා ඔවැනි ස්වභාවික ගමන් බිමන් වලට සංචාරකයන් විශේෂ කැමත්තක් දක්වන බව ඉතා ප්‍රකටය.
අතීතයට යන එක හොද සළකුණක්. තව තවත් පරණ දේවල් නව ආකාරයෙන් එළිදැක්වීමට උත්සාහ ගනිමු
පරිසර හිතකාමී සංචාරක සේවාව අගයමු.
හොරකමක් වංචාවක් නැතිව ඔය වැඩේ කරන්න. එතකොට ඔබලාට දීර්ඝ කාලයක් රැකියාව කරගෙන ඉන්න පුලුවන්. ඉක්මණට මුදල් උපයන්න වැරැදි වැඩ කරන්න එපා
කෝ මේ ගමේ මග නැගුම? මට පෙනෙන්නේ 1800 අවුරුද්දෙ ගමක් හැටියටයි.
සාධාරණ මුදලක් ගන්න මේ අයත් මුදල් හොයන්නෙ මහන්සි වෙලා
හරිම ලස්සනයි. නමුත් මුදලේ සාධාරණකම ගැන දුක් වෙන්න එපා. මොකද අපි බටහිර රටකට චාරිකාවක් ගියාම අපි මුදල් සොයන හැටි සුදු මහත්වරු හිතන්නෙත් නැහැ