(විනීතා එම් ගමගේ)
සෞදි අරාබියේ ගෘහ රියැදුරකු සේ සේවය කළ ශ්‍රී ලාංකිකයකු අසත්‍ය චෝදනා නගමින් සිරගත කළ හාම්පුතාගෙන් රුපියල් හත් ලක්ෂයක් වන්දි ලෙස ලබා ගත හැකි වී ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
වැලිමඩ, ලන්දේගම, නො.37 ලිපිනයේ පදිංචි එම්.මොහොම්මදු හසීම් මහතා සෞදි අරාබියේ ගෘහස්ථ රියදුරෙකු ලෙස සේවයට ගොස් ඇති අතර එහිදී ඔහු සේවය කළ මාස 15ක් සඳහා වැටුප් ලබා දී නැත.
වැටුප් ඉල්ලා සිටි අවස්ථාවේ හාම්පුතා විසින් බොරු චෝදනා එල්ල කර නඩු පැවරීම හේතුවෙන් මාස 3යි දින 11 ක් සිර දඩුවම් නියම කර ඇත.
ඔහුට වැටුප් ලබා නොදිම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඔහු සිරගතව සිටියදීම කම්කරු උසාවියේ පැවති නඩු විභාගයෙන් අනතුරුව සේවක මහතාට හිමි හිඟ වැටුප් වශයෙන් සෞදි රියාල් 18850 ක මුදලක් හිමිවූ අතර දඬුවම අවසන්ව ඔහු නැවත දිවයිනට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ජාතියේ කට්ටිය නිසා ප්‍රශ්නයක් නැහැ. සංහිඳියාව එහෙම තමයි.
අපේ රටටත් පුළුවන්ද මෙහෙම බොරු නඩු දාලා කරදර කලාට වන්දි ගන්න. විශේෂයෙන්ම ඉඩම් නඩු. ඇස් පනාපිට තමන්ගෙ නෙමෙයි කියන ඉඩම් /පාරවල් වලට සමහරු නඩු පටලවනවා. හේතුව තමයි කල්ප කාලාන්තරයක් නඩු ඇද ගෙන ගිහින් නියම ඉඩම් හිමියාව අපහසුතාවයට පත් කරන්න සහ නඩුව ඇදෙන කාලයට තමන්ට පරිහරණය කරන්න.