ගෑස් රැගෙන ආ විදේශ නැවක් පොලිසිය හා ආයතන හයක් එක්ව දින දෙකක් පුරා කොළඹ වරායේදී දැඩි සෝදියට ලක් කළ බව පොලිසිය කියයි.
එම නැවේ කුඩු කිලෝ 130ක් ඇතැයි ඔත්තුවක් ලැබී තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රේගුව, වෙරළාරක්ෂක බළකාය, නාවික හමුදාව හා පොලිස් නාවික කොට්ඨාසය යන ආයතනවලට අයත් සිය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග පොලිස් සුනඛයන් යොදා ගනිමින් සෝදිසි කළද සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද පසුගිය දිනක ලංකාවේ කෙනෙක් ගෑස් ටැංකියක් කපලා ඇතුළට කුඩු දමාගෙන ලංකාව වටේම ගිහිල්ලා විකුණලා ඉතිරිටික පොලිසියට අහුවුණා? ඒ වගේ ගෑස් ටැංකියක් ඇතුළේ හරි ඇති.හොඳට තව හොයා බලන්න (නි)
කවුද මේ ඔත්තුව දීලා තියෙන්නේ? (නි)
සිරිමෙවන්ට චීත්තයක් මගෙන්. ඔයාට මොනාටද හලෝ ඔත්තුව දීපු කෙනා (නදී)
දින දෙකක් පරීක්ෂා කරලා හමු වුනේ නැතත් ඔත්තුව ඇත්ත වෙන්න බැරිද. කුඩු ගේන අය ගෙනෙන්නේ අහු නොවෙන විදියට හංගල තමයි. ඒ නිසා තවත් උත්සාහ කළොත් නරකද (බ)