IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බියගමින් බඩු පැන්නූ කතක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බියගම ප්‍රදේශයේ පිහිටි කම්හලකින් භාණ්ඩ ඇසුරුම් කිරීමට යොදා ගන්නා ප්ලාස්ටික් පෙට්ටි 312 ක තොගයක් සහ රබර් අත්වැසුම් 1402 තොගයක් සොරාගෙන ගිය බව කියන කාන්තාවක් ඊයේ( 29) සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

අඩංගුවට ගත් සැකකාරිය පදිංචිව සිටින වේයන්ගොඩ, නාරංවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ මේවා සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම සැකකාරිය එම කම්හලේ සේවය කරන තැනැත්තියකි.

බියගම ප්‍රදේශයේ පිහිටි කම්හලේ සිට මේවා සැකකාරියගේ නිවසට ප්‍රවාහනය කිරීමට යොදා ගත් බවට සැලකෙන කුඩා ලොරි රථයක් පොලිස් භාරයට ගෙන එහි රියදුරා ද සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය සඳහන් කරයි.

බියගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකාරිය සහ සැකකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන ඒ බව වේයන්ගොඩ පොලීසියට දැනුම් දී ඇත.

 



අදහස් (0)

බියගමින් බඩු පැන්නූ කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site