බියගම දී හෙරොයින් මත්කුඩු කිලෝ 85.5 අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට නිල ඇඳුමෙන් හා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු හතලිස් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යොදවනු ලැබූහ.
තුන් මාසයකට කළින් ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් කුඩු නියෝජිතයන් ගමන් කරන මඟෙහි තැන තැන එම පිරිස රඳවනු ලැබ සිටියහ.
කොටහේනේ පදිංචිකරුවන් වන අයියාත් මල්ලීත් සමඟ ඉස්තරම්ම වර්ගයේ හෙරොයින් කුඩු කිලෝ අසූ පහමාරක් අල්ලා ගැනීමේ මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බලකයේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හා පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකුගේ සුපරීක්ෂණය යටතේ සිදු විය.
අයියාත් මල්ලීත් කැලණිය බිගයගම පාරේ එක් ස්ථානක දී මුණ ගැසුණු බවත්, මල්ලී එතැන දී හයිබ්‍රිඩ් කාරයට මාරු වූ බවත් දැනගන්නට ඇත.
පසුගිය අවුරුදු පහේ දී කුඩු නඩු 585ක් මහේස්ත්‍රාත් අධිකරණයේ ද, 421ක් කොළඹ මහාධිකරණයේ ද පවරා ඇත.
54 දෙනෙක් දැනට කුඩු ගෙනවුත් වැරදිකරුවෝ වී පෝරකයට නියම කරනු ලැබ සිටිති.
175 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්වලට යටත් වී සිටිති. කුඩු නඩුවලට 394 දෙනෙක් වැරදිකරුවෝ වී සිටිති.
දඩ වශයෙන් දැනට රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් අය කැර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා වෙන්න ඕනේ බියගම වෙනකල් ඔය කුඩු තොගය ආපු එක ගැන (දී)
ලංකාවේ කුඩු ව්‍යාපාරය කරන්නේ හරියට කිලෝ 50 සෙමෙන්ති කොට්ට ගෙන්වනවා වගීනේ.රටකට ගිය කලක්. (දී)
අහු උනොත් මෙච්චර දැඩි දඬුවම් ලැබෙන බව දැන දැන මේවා කරන්නේ මොනතරම් ලාභයක් ඇතිද? අනික මේවා පොඩි මිනිසුන්ට කරන්න පුලුවන්ද? අහුවෙලා හොර පාරෙන් කී දෙනෙක් නිදහස් කළා කියලා ගාන දාලා නැහැනේ! (නදී)
වැරදිකරුවන් වෙන්නේ පහළම මිනිසුන්. ලොකු අතු ඉදිරියටත් මේවා කරාවි. මේ ඇල්ලූ කුඩු වලට වෙන දේ මොකක්ද කියලත් දැනගන්න කැමතියි (නි)
මේ කුඩු ගෙන්නපු මනුස්සයා අද පෝය දවසේ සිල් අරගෙනද දන්නේ නැහැ (දී)
කාගේද දන්නේ නැහැ (දී)
ලොක්කන් රජ සැපට. සොක්කන් පෝරකයට . මේ වගේ පොඩි මිනිස්සු අල්ලලා පෝරකයට නියම කළා කියල මේ වසංගතය කවදාවත් නැති කරන්න බැහැ (නදී)
මට දුක මේ නිලදාරීන් ගැන. මේගොල්ලන්ව කොහේට මාරු කරලා දාවිද දන්නේ නැහැ. කුඩු නැති පැත්තකට දාවි (නදී)
මුන් කෙලින්ම එල්ලලා මරන්ඩ ඕන (අ)
මහා මොළ කාරයෝ කට්ටියක් හිරේට යනකට තව කට්ටියක් වැඩට හොයා ගන්නවා. මේවා නැති කරන්නනම් මහමොල කාරයෝ අල්ලන්න ඕනේ (නදී)
තව ඉස්සරහට තවත් වැඩි වෙනවා මේ තත්වය රට තුල (දී)
ඉතා සාර්ථකව සිදුකල කුඩු මෙහෙයුමට සහ එයට දායකවූ සියලු දෙනාටම අපේ උත්තමාචාරය. (නදී)
කලට වෙලාවට හිග නැතිව කොමිස් මුදල ලැබෙනවානම් ලංකාවට කුඩු නෙමෙයි මොනවා ගෙනාවම මොකෝ? (දී)
ගාමිණී - සිරි මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි (දී)
ටික දවසකින් කියියි ඔව්වත් ලී කුඩු හෝ පාන් පිටි කියා (නදී)
මෙම මත්කුඩු කි.ග්‍රෑම් 85.5 බියගමට ආවේ ,ගුවනින්ද ?නැවෙන්ද ?පියාඹන පීරිසිය කින්ද ? (දී)
මේ අර ගිය පාර කන්ටේනර් එකේ ආපුවමද දන්නේ නැහැ ? (නදී)
කොටි ත්‍රසතවාදීන් විනාශ කරන්න පහසුයි මේ කුඩු වසංගතය නැති කරන්න බැහැනේ සමාජයෙන් (දී)
අති විශිෂ්ටයි සහාය වු නිලධාරීන්ට ප්‍රණාමය(දිල්)
යුද්ධ කරන්නෙ මැරෙන්නෙ සොල්දාදුවොනේ. පරදින්නෙ ජනතාව. රජවරු තමයි දිනන්නෙ. දැන් ඉන්නෙ කුඩු රජාල, එතනෝල් රජාල, කැසිනෝ රජාල සහ කොමිස් රජාලයි. ඒ ගොල්ලො හැමදාම දිනනවා. (නදී)
මාස 3කට කලින් ඔත්තුව ඇවිල්ල තියෙන්නේ (දී)
දැන් ඉතින් කවුරු හරි ලොක්කෙක් ඔය කුඩු ටික විකුණලා හම්බ කරගනී (දී)
අනාගතය ගැන කවර කතාද ජීවිතය ගැනවත් ස්තිරයක් නැති කොට (දී)
අපේ අනාගතය කොතරම් බියකරු වේවිද? (දී)
එස් ටී එෆ් වැඩකට බැස්සොත් ඉතින් කුමන කතාද ? ඔබ ගැන අපට ආඩම්බරයි එස් ටී එෆ් සුබපැතුම්! (නදී)
මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ තී දෙනෙකුට දඩුවම් දීලා තියෙනවද? හාල්මැස්සෝ අහුවෙනවා. හිරේ යනවා. ඒත් මහ එකාව අල්ලාගන්න බැරි වෙන්නේ ඇයි? පොඩි එකාගෙන් ප්‍රශ්ණ කරලා අල්ලන්නේ නැත්තේ ඇයි? (නදී)
අර මතක නැති වුන කුඩු ජාවාරම් අල්ලන්නේ කවදාද? (නදී)
ඔය අහුවුන ඒවා මාස 3 කට කලින් ආපු ඔත්තුවක්ලු. ඔත්තුව නැත්නම් අල්ලන්න බැරිද ? (නදී)
නෑ මේ කුඩු නෙවෙයි ටින් වලට දාන්න ගෙනාපු බෙබි පවුඩර් වගයක්නේ අහුවෙලා තියෙන්නේ (නදී)
මේ අල්ලන්නේ හාල් මැස්සෝ විතරයි. මෙව්වා කරන තෝරු මෝරුන්ට කිට්ටු වෙන්නවත් බෑ. (නදී)
ජනාදිපති තුමනි, රට හදන්න ඕනේ නම් කරුණාකර 'ලංකාදීපේ' එසැනින් පුවත් කියවන්න. වන්දි බට්ටයින්ට ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ. ලංකාදීපේ ජනමාද්‍යවේදීන් ගේ ක්‍රියාවන් ගැන මගේ ප්‍රණාමය. (නදී)
සමහරු කුඩු අල්ලනේ නැති වෙනකොට පලු යන්න බනිනවා.. අල්ලනකොට වෙන කතා කියනවා..මොනවා කරත් අඩුපාඩුම දකින කොටසක් රටේ ඉන්නවා.. (දී)
ලංකාවට රාජ්‍ය අනුග්‍රයෙන් ආනයනය කරන කුඩු ප්‍රතිඅපනයනය කරන්න විදිමත් වැඩ පිළිවෙලක් හැදුවනම් රටත් ගොඩ.අපේ දරුවනුත් ගොඩ. (දී)
කුඩු මෙහෙයුමට දායක වූ සැමට අපේ ප්‍රණාමය.!(දිල්)
මත්කුඩු කිලෝ 85.5 තව ටික දවසකින් ග්රෑම් 500 ය දක්වා වාෂ්ප වේවිද දන්නේ නැහැ.නීතියක් නැති රටේ මොනවද වෙන්න බැරි? (දී)
මිගිද ,ලංකාවේද ඉන්නේ නැත්නම්? (නදී)
මේක ලොකු රඟපෑමක් ද? පරණ ඒවා වහලා අලුත් වැරදිකාරයො හොයාගන්න (නදී)
දැන්වත් පොලිසියට හොදක් කියන්න (දී)
මේවාට බොහෝවිට වගකිවයුත්තන් අනුගමනය කරන්නේ බිහිරි ප්‍රතිපත්තියක්. සමහරවිට මතට තිත තබා දැන් අවසන් ඇති (නි)
කාර් එකේ මෙච්චර ගොඩක් ආවනම් කන්ටේනර් එකක කොච්චර ගොඩක් එන්න ඇතිද ? (දිල්)
මෙවන් උදාර මෙහුමක් කරපු අපේ රණවිරුවන් හට තවත් මෙවැනි මෙහුම් කිරීමට සක්තිය ලැබේව (දී)
මේකත් ෂුවර් එකටම ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ අහු වෙනවා විතරයි පෙන්නන්නේ. (දිල්)
ලංකාදීපයට ස්තුයි ' (දී)
ලංකාදීපයට ස්තුයි (දී)
සත්‍ය , ඇයි අහන්නේ? අපහාසයක්ද?උපහාසයක්ද? (නි)
දැන් රටේ නීතියක් නැහැ. ත්‍රස්තවාදයට වැඩිය හපන් මේක. ජනපතිතුමනි, තරාතිරම නොබලා මේ වසංගතයත් අතුගා දමන්න (නි)
කලිනුත් කන්ටේනර් ගණන් ඇල්ලුවා නේද? ඒත් තවමත් පාලනය වෙලා නැහැ වගෙයි (නි)
රටේ අනාගත දරු පරම්පරාවට නම් සුභ අනාගතයක් ස්ථිරයි කියලා අපිට ඉතාම පැහැදිලිවම පෙනෙනවා (නි)
මම නම් හතර පෝයටම සිල් ගන්න මනුස්සයෙක්. මේවා අහනකොටත් දුකයි (නි)
මාසයකින් කුඩු වසංගතය ලංකාවෙන් සහමුලින්ම ඉවත් කරන්න පුළුවන් නම්... (නි)
කවදා හරි අපිට දැනගන්න පුළුවන් වෙයි මේවා ගෙනාවේ කවුරුද කියලා (නි)
මෙහෙයුම් සහ දඩුවම් තවත් දැඩි කළයුතුය. රට ජාතිය වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට විශේෂ ප්‍රණාමය! ඡායාරූප සහිතව පළකළාට ලංකාදීපයට පොහෝ දිනයේ ගොඩක් පින්!මෙහෙයුමට එක්වුණ සැමටමත් ගොඩක් පින් !! (නි)
අපිට හෙට වෙනකොට මොනවා අහන්න ලැබෙයිද කියලා බයයි.අද පෝය දවසේ වෙලත් අහන්න ලැබුණු දේවල් බලන්න (නි)
නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණ එස්.ටී.එේ. භටයන්ට ස්තූතියි! (නි)
ඔත්තුව හරිහැටි නොලැබුණා නම්... මොනවා වෙයිද? (නි)
බලන්න අද පෝය දවසේ අහන්න දකින්න වෙලා තිබෙන දේවල්.... (නි)
එස්.ටී.එෆ්. එකට අපගේ ප්‍රණාමය! (නි)
නම් ගම්ද හෙළි කරන්න. ලංකාදීපයට මල් මිටක්... (නි)
බලන්න අද දවසේත් මේ මිනිස්සු කරන දේවල් වල හැටි? (නි)
විශේෂ කාර්ය බලකායට අපේ උත්තමාචාරය! (නි)
මේකට කවුරුන් සම්බන්ධ ඇද්ද? වෙනත් රටවල වගේ මරණ දඩුවම දීලා එල්ලන්න. හිරේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. අනේ අපේ රටට ගිය කල! (නි)
අපි බලමුකෝ මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන කියන්නේ මොකක්ද කියලා (නි)
රටේ තත්ත්වය නම් එන්න එන්නම භයානකයි (නි)
පෝය දවස කියලාවත් හිතුවේ නැති හැටි? (නි)
හිරේ දාලා නම් වැඩක් නැහැ. වෙනත් සාධාරණ දඩුවමක් දෙමු (නි)
මේවා කවුරු ගෙන්වන්න ඇද්ද? පිළිතුර ළඟදීම දැනගන්න හැකිවේවි (නි)
බලන්නකෝ දැන් රට යන අත... (නි)
ලංකාදීප එසැණ පුවත් වලට අපේ ගෞරවය, ජනතාව දැනුවත් කරන එකට. ලංකාවේ කුඩු පසුපසින් සිටින්නේ හිතා ගන්නවත් බැරි බලවත් පුද්ගලයින්. අහුවෙන්නේ පොඩි මිනිසුන්.ලංකාවට ගිය කලක්! (නි)
දැන් හොයාගන්න ඕනෑ මේ සහෝදරයන්ට අනුග්‍රහය දැක්වූ උදවිය කවුද කියලා. බය නැතුව මෙච්චර තොගයක් මහමඟ එකවිට ගෙනියන්න සුළු පරිමාණ කුඩු මුදලාලි කෙනෙකුට බැහැනේ. (නි)
අනිවාර්යෙන්ම දේශපාලුවෙක් සම්බන්ධ ඇති. ඒේක ආයේ බලන්න දෙයක් නැහැ. පොඩි කෙනෙකුට ඕක කරන්න බැහැ. තව ටික දවසකින් අමතක වෙලා යාවි. කෝ එතකොට අර කලින් අල්ලපු කන්ටේනර් එකට මොකද වුණේ? (නි)
විශේෂ කාර්ය බලකායට අපගේ ප්‍රණාමය! (නි)
නියමයි! (නි)
මේ වසංගතය එන්නේ පාකිස්තානයෙන්. ලංකාවේ නවාතැන් දී ඇති පාකිස්තාන් ජාතිකයින් ගැනද දෙවරක් සිතිය යුතුයි. දේශපාලඥයන්ගේ මැදිහත්වීමක්ද තිබෙනවා. එස්.ටී.එෆ්. භටයින් කරන මෙහෙය අනර්ඝයි (නි)
මේ කළ මෙහෙය අගය කරනවා (නි)
මේ දකින දසුන් දෙස බැලුවහම සුපිරිම ස්ථානයක් තමයි අපිට මැවී පෙනෙන්නේ.අහෝ ශ්‍රී ලංකා! (නි)
කොටි ත්‍රස්තවාදයත්, පාතාලයත්, මුදල් මත රැදුණු දේශපාලනයත් නිසා පහුගිය දශක කීපයේ ලංකාවේ කුඩු ව්‍යාපාරය දරුණු ලෙස ව්‍යාප්ත වුණා.ඉතාමත් පහසුවෙන් කෝටි ගණන් ලාභ ලබන්න පුළුවන් මේ ව්‍යාපාරය මොන තරම් මර්දනය කළත් ,මොන නීති ගෙනාවත් නතර කරන්න බැහැ, පාලනයක් කරන එක හැරෙන්නට (නි)
බන්දුල පෙරේරා, මේක නතරකරනවට අකමැති මොකද? ...... නැතිවම බැරුව වගේ ?....... (දී)
ලොකු තැන නිදැල්ලේ. උන්ගේ වැරදි වහන්න පොඩි එවුන් ඇතුලේ.(නදී)
අනේ මෙහෙම සමාජයක් (දී)
විශේෂ කාර්ය බලකාය ඔවුන්ගේ කාර්යය නිවැරදිව ඉටුකොට තිබෙනවා (නි)
මේක පිටුපස සිටින්නේ කවුද කියලා දැනගන්න කැමතියි (නි)
ඉස්සර අපි මිනීමරු ප්‍රභාකරන්ගෙන් දරුවන් බේරාගන්න පාසල් වල ගේට්ටු මුරකළ කාලයක් තිබුනා. දැන් අපේ මිනීමරු කුඩු මුදලාලිලාගෙන් අපේ දරුවන් බේරාගන්න ඔවුන්ගේ පස්සෙන් යන්න සිද්ධ වෙලා. ලංකාවේ අනාගත දරු පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි! (නි)
බන්දුල පෙරේරා නම් ලංකාවෙන් කුඩු වසංගතය ඉවරයක් කරනවා දකින්න කැමති නැහැ වගේ. (නි)
සැලසුම් සහගත ක්‍රියාවක් (දී)
දැන් මේ කුඩු වලට මොනවද කරන්නේ? මොනවා වුණත් අපරාදේ! (නි)
කොහොමත් ගොඩක් දුරට මේ වගේ වැඩ කරන්නේ ලොකු ලොකු අයනේ. ඒක තමයි ලංකාවේ ක්‍රමය (නි)
කුඩු බිස්නස් කාරයන්ගේ පහලම ගෝල බාලයෝ තමයි ඔය අහුවෙන්නේ .ඕවට වගකියයුතු අය ((මාර සීන් එක අපේ බඩු වගයක් අහුවෙලා, ඔයටික කොහොමද එලියට ගන්නේ, කීයක් යට කරන්නවෙයිද දන්නේ නැහැ,)) කියල හිත හිත පුටුවක් වුඩ කකුලක් පිට කකුලක් දාගෙන පාඩුවේ ඇති.ලංකාවේ තරුණ පරම්පරාවම කුඩු බිල්ලන්ට අහුවෙනවා .ඉතාම සීග්‍රයෙන් කුමන ආකාරයකින් හරි ඔය අල්ලපු කුඩු විනාස කරනවානම් බොහොමත් සතුටුයි. (දී)
පේනවා නේද කුඩු විපාකයේ තරම (දී)
කොහොමද වැඩ ඔත්තුව හරිහැටි දුන්නා එස්ටීඑෆ් ඇල්ලුවා මට දුක මේ නිලදාරීන් ගැන ඉතා සාර්ථකව සිදුකල කුඩු මෙහෙයුමට මගේ උත්තමාචාරය ! (දී)
වැරදිකරුවන්ට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ (නි)
ලැජ්ජයි ලංකාවේ ජිවත් වෙන්න (දී)
මේවා ලෙහෙසියෙන් පොඩි මිනිසුන්ට නම් ගෙන්නන්න බැහැ (නි)
ප්‍රතිචාර දැක්කාම දුක හිතෙනවා මිනිස්සු ගැන (දී)
කන්ටේනර ගණන් එනකොට කිලෝ 85 ක් පුදුමයක් නැහැ. මර්දනය කිරීම ගොඩක් හොද වැඩක්. (අ)
මරණ දඩුවම දෙන්න. සෞදිය වගේ දඩුවම් දෙන්න. මිනුස්සු හුරතල් කරන්න එපා. (දී)
සමාජයේ බලය තියන අයට මත්කුඩු අහු උනාට ප්‍රශ්නයක් නෑ (දී)
මෙතන තියෙනවා විශාල අනතුරක් බියගම කියන්නේ ලංකාවේ හැමතනකින්ම පිරිස් ආපු තැනක් වෙළඳ කලාප නිසා, මේ වගේ ප්‍රදේශ විනාශ කලාම ලංකාවම විනාශ වෙනවා (දී)
මුලින් ඇල්ලූ කුඩු කන්ටේනරයට වුණේ මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි. (නි)
කතාව ඇත්ත මමනම් මගේ ළමයි ලංකාවේ තියන්නේ නැහැ, ලංකාවත් දැන් පිට රට වගේ තමයි විනාශ වෙලා , ඉතින් කොහේ තිබ්බාහම මොකද , අඩු තරමේ ඉංග්‍රීසි ටිකවත් හරි යනවා ළමයට (දී)
අද පෝය දවසේ අහන්ඩ ලැබුණු කණගාටු දායක ආරන්චිය (දී)
වැරදිකරුවන්ට මොන විදිහේ දඩුවමක් දෙයිද දන්නෙ නැහැ (නි)
සංජීව හීනයක්වත් දැකලද නැගිට්ටේ? (නදී)
මොනවා කලත් එකෙන් කොහොම ඇල්ලුවත් අයෙමත් එකම කරනවනේ එකයි නවත්වන්න ඕනේ (අ)
මම බය නැතිව කියනවා මේ හෙරොයින් මත්කුඩු තොගය පකිස්ථානයෙන් ආනයනය කල බව, මේවා ගෙන්වන අය අපේ රටේ ප්‍රබලයෙක් මිස දුප්පත් අපි වගේ අය නොවෙයි, අහෝ පුදුමයකි ලක්දෙරණ විනාශ කිරීමට මෙතරම් මත්කුඩු රටතුල තිබියදීත් වගකිව යුතු පිරිස් මුනිවත රකිමින් නිදහස් නිවහල් රටක අපි අද ජිවත් වන්නෙමු යැයි ප්‍රකාශ කීරීම කණගාටුවට කරුණකි, (දී)
වාහන අංකය කාගේද? (දී)