අප්‍රේල් 7 වැනිදා ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ නගර සීමාවේ ‘‘සෞඛ්‍ය ක්‍රමානුකූල ආපනශාලා‘‘ සඳහා කහ පුවරු ලබාදීමට පියවර ගෙන තිබේ.
කොල්ලුපිටිය, බොරැල්ල, වැල්ලම්පිටිය, බම්බලපිටිය, කොළඹ කොටුව ආදී කොළඹ නගර සභා සීමාවේ ආපනශාලා 150කට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් ආපන ශාලා 50 කට පමණක් කහ පුවරු හිමිවන බව කොළඹ මහ නගර සභාවේ වැඩ බලන ආහාර පරික්ෂක එම්.බී.ලාල් කුමාර මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීසාරෙට අමුඩේ ගැසීමක්. මේ කහ පුවරුව හෙන්චයියලාට හෝ මුදලට දේවි. සෞඛ්‍ය පැත්ත ගැන බලන එකක් නැහැ. මේකත් හරියට පා පුවරුවේ යාම තහනම් වගේ වැඩක්. (ස)
කහ පුවරු නැති කඩ කියන්නේ සෞඛ්‍ය ට අවනත නොවන අය ද ?. අපිට ඒවගේ කඩ ඕනෙද ? කහ පුවරුව කියන්නේ මිල වැඩිකරන දෙයක් ද ? (ස)
සමහර ආපන ශාලාවල කුස්සියේම කක්කුස්සිය තියෙනවා දැකල තියෙනවා (නදී)
නිකම් උඩබලාගෙන ඉන්නවාට වඩා මෙවැනි නිර්මාණශීලී වැඩ වලින් රට හදන්න පුළුවන් (දී)
පුවරුව හිමි උනාට පසුව වැඩ ගැනත් සෙවිය යුතුමය (බ)
මේක නම් හොඳ ඉදිරි වැඩපිළිවෙලක් සාර්ථක වෙන්න පුළුවන් නිතර බලන්න වේවි හොරට කහ පුවරු ගහනවද කියලා (බ)
හොඳ පියවරක් නමුත් නිතර නිතර වැටලීම් අවශ්‍යයයි (බ)
ගතමනාවක් හොයාගන්න ක්‍රමයක් . සුළු ගානක් දීල කහ පුවරුව ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ (බ)
කහ පුවරු ලේඛනය ප්‍රසිද්ද කරනම් තමයි හොඳ. (ස)
පගාව දුන්නොත් පසුව හැමෝටම මේ කහ පුවරුව ලබා ගන්න පුළුවන් වේවි (බ)
ආපන ශාලා වල ආහාර පිසීම පාරිභෝගිකයාට පෙනෙන පරිදි සකස් කළයුතුයි. ඇතැම් රට වල එහෙමයි. (නි)
අන්න (හොර) කහ පුවරු හදන කර්මාන්තශාඅලා බිහි වෙලාලු (බ)
දුෂණය වංචාවට වැට බඳින තුරු මේ වැඩකටයුතුවල ප්‍රතිපල දකින්න ටිකක් කල් ගත වෙයි නේද? (ස)