අප්‍රේල් 7 වැනිදා ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ නගර සීමාවේ ‘‘සෞඛ්‍ය ක්‍රමානුකූල ආපනශාලා‘‘ සඳහා කහ පුවරු ලබාදීමට පියවර ගෙන තිබේ.
කොල්ලුපිටිය, බොරැල්ල, වැල්ලම්පිටිය, බම්බලපිටිය, කොළඹ කොටුව ආදී කොළඹ නගර සභා සීමාවේ ආපනශාලා 150කට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් ආපන ශාලා 50 කට පමණක් කහ පුවරු හිමිවන බව කොළඹ මහ නගර සභාවේ වැඩ බලන ආහාර පරික්ෂක එම්.බී.ලාල් කුමාර මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බය නැතිව කන්න කහ පුවරුව සොයා යන්න
රෂිකා Tuesday, 07 April 2015 09:20 AM
අතීසාරෙට අමුඩේ ගැසීමක්. මේ කහ පුවරුව හෙන්චයියලාට හෝ මුදලට දේවි. සෞඛ්‍ය පැත්ත ගැන බලන එකක් නැහැ. මේකත් හරියට පා පුවරුවේ යාම තහනම් වගේ වැඩක්. (ස)
සමන් Tuesday, 07 April 2015 09:49 AM
කහ පුවරු නැති කඩ කියන්නේ සෞඛ්‍ය ට අවනත නොවන අය ද ?. අපිට ඒවගේ කඩ ඕනෙද ? කහ පුවරුව කියන්නේ මිල වැඩිකරන දෙයක් ද ? (ස)
වසන්ත Wednesday, 08 April 2015 08:27 AM
සමහර ආපන ශාලාවල කුස්සියේම කක්කුස්සිය තියෙනවා දැකල තියෙනවා (නදී)
ටිරෝන් Tuesday, 07 April 2015 11:34 AM
නිකම් උඩබලාගෙන ඉන්නවාට වඩා මෙවැනි නිර්මාණශීලී වැඩ වලින් රට හදන්න පුළුවන් (දී)
දුමින්ද Tuesday, 07 April 2015 06:34 AM
පුවරුව හිමි උනාට පසුව වැඩ ගැනත් සෙවිය යුතුමය (බ)
රාමා Tuesday, 07 April 2015 06:43 AM
මේක නම් හොඳ ඉදිරි වැඩපිළිවෙලක් සාර්ථක වෙන්න පුළුවන් නිතර බලන්න වේවි හොරට කහ පුවරු ගහනවද කියලා (බ)
සුජිත් Tuesday, 07 April 2015 07:12 AM
හොඳ පියවරක් නමුත් නිතර නිතර වැටලීම් අවශ්‍යයයි (බ)
විජයබාහු Tuesday, 07 April 2015 07:13 AM
ගතමනාවක් හොයාගන්න ක්‍රමයක් . සුළු ගානක් දීල කහ පුවරුව ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ (බ)
සමන් Tuesday, 07 April 2015 07:29 AM
කහ පුවරු ලේඛනය ප්‍රසිද්ද කරනම් තමයි හොඳ. (ස)
මොහමඩ් රිස්වාන් සවුදි අරාබිය Tuesday, 07 April 2015 07:38 AM
පගාව දුන්නොත් පසුව හැමෝටම මේ කහ පුවරුව ලබා ගන්න පුළුවන් වේවි (බ)
අමිල Wednesday, 08 April 2015 04:05 AM
ආපන ශාලා වල ආහාර පිසීම පාරිභෝගිකයාට පෙනෙන පරිදි සකස් කළයුතුයි. ඇතැම් රට වල එහෙමයි. (නි)
සුදේශ් Tuesday, 07 April 2015 08:11 AM
අන්න (හොර) කහ පුවරු හදන කර්මාන්තශාඅලා බිහි වෙලාලු (බ)
ඉසුරන්දි Tuesday, 07 April 2015 08:13 AM
දුෂණය වංචාවට වැට බඳින තුරු මේ වැඩකටයුතුවල ප්‍රතිපල දකින්න ටිකක් කල් ගත වෙයි නේද? (ස)