( රංජිත් රාජපක්ෂ )

නුවරඑලිය බඹරකැලේ ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුනක් පිපිරිමකට ලක් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මුළුතැන්ගෙහි වැඩ අවසන් කර ගැස් උදුන ක්‍රියා විරහිත කර කාමරයට පැමිණෙනවාත් සමග එකවරම විශාල ශබ්දයක් සමග ගැස් උදුන පිපිරි විනාශ වු බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටියේය.

මෙම පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර ,ගැස් සිලින්ඩරය මිට සතියකට පමණ ප්‍රථම නුවරඑලිය ප්‍රදේශයේ අලෙවි නියෝජිතයාගෙන් මිල දි ගත් බව එම නිවසේ පදිංචිකරුවන් කියා සිටියේය.

ගැස් උදුන පිපිරි යාම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.