කන්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයයේ දෙවැනි මහලේ බඹර ජනපදයකි.
ලොකුම බඹර කූඩුවේ දිග අඩි පහකි.තවත් බඹර කූඩු කිහිපයක්ම ඇත.කන්තලේ ඔරලෝසු කණුව පෙදෙසේ මෙම කාර්යාලයද තවත් රජයේ කාර්යාල කිහිපයක් ද පිහිටියේය.
කන්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයයේ දෙවැනි මහලේ බඹර ජනපදයකි.
ලොකුම බඹර කූඩුවේ දිග අඩි පහකි.තවත් බඹර කූඩු කිහිපයක්ම ඇත.කන්තලේ ඔරලෝසු කණුව පෙදෙසේ මෙම කාර්යාලයද තවත් රජයේ කාර්යාල කිහිපයක් ද පිහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර රාජකීය විද්‍යාලයේ රීඩ් මාවත පැත්තේ ගොඩනැගිල්ලේ මීට වඩා ලොකු වද බැඳලා තිබුනා. පාරෙන් අනික් පැත්තේ රේස් කෝස් එකෙත් විශාල වද තිබුනා. (නි)
දැන් ඉතින් වැඩකරන ගමන් හොදට පැණි කන්න පුලුවන් කට්ටියට ! (නි)
පළාත් සභාවකට ගිහිල්ලා බැන්ඳා නම් තමයි වඩා සුදුසු. (නි)
ඕක බදින්න තිබුනේ පාර්ලිමේන්තුවේ මොකද එතකොට බඹරුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි මොන විදිලිද විදින්නේ මේ විදින විදියට කියලා (නදී)
ප්‍රා ලේකම් කාර්යාලය නැතුව ප්‍රා. සභාවක්වත් අල්ලා ගත්තා නම් තව කමක් නැහැ (නි)
බඹරු වද බඳින්නේ ඔවුන් ආරක්ෂාකාරීයි කියලා හිතන තැන්වල පමණයි. ඒත් ඇයි මෙතන? (නි)
මේ වගේ තැනකට ගියාම වැඩක් කරගන්න තියන අමාරුව කියල වැඩක් නැහැ. පගාව රජ වෙලා මේවගේ අයට උත්තර දෙන්න හොදම වෙලාව මේක (නදී)
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා, ඔබ යන්නේ කාර්යාල කාමර සොයලා? (නි)
වැරදි වැඩ හමුවේ එළව එළවා කාපන් බඹරුනේ ..? (නි)
දිනේෂ් සිගිරිය කොහෙද? කන්තලේ කොහෙද? එය වගේ දුරක් පොඩි කෘමියෙකුට යන්න පුලුවන්ද? (ස)
දැන් බබරුන්ටත් ලංකාවේ ගෙයක් හදාගන්න තැනක් නැතුව වගේ පේන්නේ. අනේ පව්. (නදී)
කට්ටිය දැන් පාරට බහීද දන්නේ නැහැ බඹරුන්ට විරුද්ධව? (නි)
පැණි වෑහෙන කතා කිය කියා ඉන්න පුලුවන් අපේ කට්ටියට දැන් (නි)
ඒ පැත්තේ උදවියට ළඟදීම බඹර පහස ලැබෙයි වගේ. (නි)
බැරිද ඔය බඹරුන්ට කීයක් හරි දීලාවත් අර අහවල් පැත්තේ වද ටිකක් හදන්න කියන්න. (නි)
ප්‍රවේශම් වෙන්න. බඹරු ඇත ළඟ ! (නි)
බඹරා ඇල්ලුවට කමක් නෑ. නැත්නම් හැම තැනටම රිංගන්න එන්නේ පිට දේසක් කරයෝනේ.(අ)
අනේ ඔය ගසා කන අයට විදපන් හොදටම රිදෙන්න (අ)
1988 දී රාජකීය විද්‍යාලයේ බභරු ළමයින්ට විද්ද. මම එවකට 8 වසරේ . මගේ අතටත් විද්ද .මගේ අත වසට පන්තිය තිබුනේ රීඩ් මාවතින් අනිත් පැත්තේ තර්ස්ටන් පාර පැත්තට වෙන්න. (අ)
බඹරු නුදුටු මලක් කොයින්දෝ ? කියල සින්දුවක් අහල තියෙනවා , මම සිතන්නේ මේ ප්‍රාදේශීය කාර්යාලයේ හොඳ මල් තිබෙන්න පුළුවන් , එ්කයි බඹරු පදින්චි වෙලා තියෙන්නේ (නදී)
මෙපණ විශාල වෙනකම් බලා ගෙන හිට්යේ ඇයි?(අ)
බඹරු ගැනද දෙබරු ගැන ද මේ කියන්නේ (අ)
පින තියනවා නම් කොහෙත් මී වද බඳිනවලුනේ. කන්න තියෙන්නේ පැණි (නි)
අල්ලලා පමණක් මදි, ජාතික ධනය සහ කාලය කමින් පුටු රත්කරන අය බලල දෙලෝ රත්වෙන්න ඇන්නොත් තමා වටිනාකම,....බඹරු ඉන්න තැන කපරාරු ගැලවිලා ,ඒවා ට පිළියම් නැද්ද? ටික ටික කැඩිලා බිමට පහත්වන තුරුම පිළියම් නැත, (අ)
වාසනාව තිබෙන තැනටලු බඹරා එන්නේ. මෙතන බඹර කූඩුවක්ම හැදුවේ වාසනාවේ උල්පතක් ලැබෙන්න තිබෙන නිසා වෙන්න ඇති (නි)
නේද මිනිපේ, මෙච්චර කාලයක් මොනවා කළාද කාර්යාලයේ? පිරිසිදු කරන විට(මකුළු දැල් කැඩුවේ නැති වුණත්) අඩුගානේ පොළොව අතුගානවිටවත් දකින්න එපායැ (නි)
දෙබරු බඳින්නේ කඩදාසි වගේ දේවලින් තැනු කූඩුවක්. මේ ඉන්නේ බඹරු. මොවුන් ඉහළ සිට පහළට එල්ලෙන වදයක් හදන්නේ.පහළම කොටසේ ඉන්නේ පිලව්.වදය වසා මැස්සන් සිටිනු දැකිය හැක. මෙම ගොඩනැගිලි කොටස පාලුවට තිබෙන්නට ඇත. (නි)
මේකට පිළියම් යොදන්නේ , මේ අහළ පහළට බලවතෙක් සම්ප්‍රාප්ත වෙලා එයාට බඹරු ඇනපුදාට තමයි. එතකන් " බඹර නාදේ ඇසෙන මානේ " තමයි. (නි)
දැන් පුලුවන්නේ කට්ටියට බඹරා වගේ ඉන්න (නි)
සීගිරියේ හිටි බඹරු එළවපු එකේ ඵලවිපාක තමයි මේ (නි)
"බඹරු ඇවිත්" (නි)