(සිරංගිකා ලොකුකරවිට)
නිදහස් චතුරශ්‍රය අසළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ අද (26) උදෑසන සිට බඹරවද කිහිපයක් ඇවිස්සීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ සියලුම දොර ජනෙල් වසා දමා ඇති බව අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
බඹරුන් විශාල වශයෙන් ගොඩනැගිල්ල වටා සැරිසරමින් සිටින බව ද පැවසෙයි.
මාස කිහිපයකට පෙර මෙම ගොඩනැගිල්ලේ තිබූ බඹර වද කිහිපයක් ඉවත් කළ ද යළිත් බඹරවද බැද තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහාහරි වැඩක් කරගන්න ඇවිත් රස්තියාදු කරලා ඇති....
බඹරුනේ, අනේ කොහොම හරි දියවන්නාවට යන්න. මේ මග රස්තියාදුනොවී. එහෙ තියෙනවා මුළු රටටම කුණු නිෂ්පාදනය කරන තැනක් .එතන ඉන්න, අපේ ලේ බොන ඌරෝ රංචුවට ඇනපියව්. ආයේ නොනැගිටින්නම.
කොළඹ හතේ බඹරු හිටියේ අද ඊයේ නොවෙයි. 70 දශකයේ රාජකීය විදුහලේ රීඩ් ඇවනියු එක පැත්තේ සහ ඊට ඉදිරියෙන් තිබු රේස් කෝස් එකේ බඹර වද දුසිම් ගණනක් තිබුණා. අත්‍යාවශ්‍යම වෙලාවක හැර අපි කිසිවිටක බඹරුන් ඇවිස්සුවේ නැහැ.
මේ බඹරුවත් විද්දොත් මෙයාලට මොලේ පෑදෙන්න... රටේ මහජනයාට කරන දේවල් වලට විදින්නම තමා ඕනේ. තමන්ගේ සමාජයීය වගකීම නිසිපරිදි ඉෂ්ට කරන්න බැරිවුණා...
හිතවතුන්ට වාසිවෙන ලෙසත්, අනෙක් අයට අවාසියටත් වැටුප් චක්‍රලේඛ නිකුත් කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නේද? ඔය පෙර කාලයේ එවැනි දෙයකින් අසාධාරණයට ලක්වූ පිරිසක් වෙන්න ඇති. 2005 සිට අසාධාරණයට ලක්වූ අයත් එන්න ඉන්නවා.