බම්බලපිටියේ රූපලාවන්‍ය ආයතනයේ දී මිය ගිය දොස්තර ඊ ඒ ප්‍රියංගාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි  දොස්තර නිමල් ගමගේ ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අද නියෝග කළේය.

රස පරීක්ෂක හා වෛද්‍ය මණ්ඩලයේ වාර්තා ලැබී නැතැයි පොලිසිය ප්‍රකාශ කළේය.

දොස්තර ගමගේට ඇප ඉල්ලමින් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා කරුණු දැක්වීය.

ඔහුට ඇප දුනහොත් වෛද්‍යවරුන් අතර වර්ජනයක් පවා ඇති විය හැකි බව පොලිසිය කියා සිටියේය.