වයස අවුරුදු 13ට අඩු දරුවන්ගෙන් සීයයට 25කට වඩා වැඩි පිරිසක් ‘ඇදුම‘රෝගයෙන් පෙළෙනා බව සෞඛ්‍ය අංශ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ඇදුම රෝගයේදී ඇති වන අධික කැස්ස (රාත්‍රිය) කැස්ස සමඟ ඇති වන වමනය,හතිය ,නිතර ඇතිවන ශ්වසන බාධාවන් ගණන් නොගෙන සිටීමත් රෝගී ප්‍රතිකාර වෙනුවෙන් ලබා දෙන ඉන්හේලර් භාවිතා කිරීමට දක්වන අනිසි බියක් දරුවන්ගේ ඇදුම රෝගය උත්සන්න වීමට හේතු තිබේ.
රෝග ලක්ෂණ පහළ වී ඇති දරුවන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතට යොමු කර ප්‍රතිකාර ලබාගත යුතු වේ.
එසේ නොමැතිව රෝග ලක්ෂණ තාවකාලික මැඩ පැවැත්විමට ෆාමසි වලින් ඖෂධ හිතුමතේට ලබා දීම රෝගය දරුණු වීමට ප්‍රධාන තවත් හේතුවක් බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒෂාන්ත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
කුමන ලය රෝගී තත්ත්වයක් හෝ නොසලකා හැරීම නොකළ යුතු අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සිටින ලය රෝග විශේෂඥවරුන් වෙතට යොමුව රෝග විනිශ්චය කර ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂැගි, උපුල්, ඔය දෙන්නටම පොදු උත්තරයක් මම දෙන්නම්. මේ ලෙඩේ "හොඳ කරන්න " ඔලු දෙකක් තිබෙන දොස්තරලා නැහැ. කාගෙවත් ළඟ වෙන ග්‍රහලෝක වලින් ගෙනා බෙහෙතුත් නැහැ. එහෙම කව්රුහරි කියනවා නම් එයා බොරුකාරයෙක්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලෙඩේට තියෙන්නේ සම්ප්‍රදායික බෙහෙත් ටිකක්. මේක හොඳකර ගන්න ඕනෑ නම් වෛද්‍යවරයා දෙන බෙහෙත් හරියට නොකඩවා ගන්න ඕනෑ. දෙවන වැදගත්ම දේ තමයි රෝගය උත්තේජනයට හේතුවන සාධක වලින් "පුළුවන්තරම් " මඟහැර සිටීම. (නි)
හොඳ ලිපියක් (නි)
ඇදුම යි ඇඳුමයි දෙකම එක වගේද පෙනෙන්නේ? (ම)
ලිපි කොච්චර හොඳ උනත් වැඩක් නැහැ ,මේ ලෙඩේට හරියට බේත් දෙන /ගන්ඩ පුළුවන් දොස්තර කෙනෙක් ගේ නොම්බරයක මේකේ දානවද.දොස්තරලා නම් ඉන්නවා ඒ උනාට හරියටම මේ ලෙඩේට හරියටම හරිද කියල දන්නේ නැහැ.පුලුවන්නම් මේ ලිපියට අදාල කෙනා හොයල දුන්නොත් ලොකු දෙයක් .මොකද එයා මේ ගැන හරියටම දන්නා කෙනා වෙන්ඩ ඇති (බ)
පානදුර ශාන්ත ජෝන් ජාතික පාසැල ළඟ ඉන්නවා දොස්තර රුක්ෂණ. විශේෂඥදොස්තරලට බැරි ඇදුම මොහු සනීප කරනවා. (බ)