IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘බබාගේ ඇදුම ගැන මාපිය සැළකිල්ල මදි ‘

වයස අවුරුදු 13ට අඩු  දරුවන්ගෙන් සීයයට 25කට වඩා වැඩි පිරිසක් ‘ඇදුම‘රෝගයෙන් පෙළෙනා බව  සෞඛ්‍ය අංශ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ඇදුම රෝගයේදී ඇති වන අධික කැස්ස (රාත්‍රිය) කැස්ස සමඟ  ඇති වන වමනය,හතිය ,නිතර ඇතිවන ශ්වසන බාධාවන් ගණන් නොගෙන සිටීමත් රෝගී ප්‍රතිකාර වෙනුවෙන්  ලබා දෙන ඉන්හේලර්  භාවිතා කිරීමට දක්වන අනිසි බියක් දරුවන්ගේ ඇදුම  රෝගය උත්සන්න වීමට හේතු තිබේ.

රෝග ලක්ෂණ පහළ වී ඇති දරුවන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතට යොමු කර ප්‍රතිකාර ලබාගත යුතු වේ.

එසේ නොමැතිව රෝග ලක්ෂණ තාවකාලික මැඩ පැවැත්විමට ෆාමසි වලින් ඖෂධ හිතුමතේට ලබා දීම රෝගය දරුණු වීමට ප්‍රධාන තවත් හේතුවක් බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ  වෛද්‍ය ඒෂාන්ත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

කුමන ලය රෝගී තත්ත්වයක් හෝ නොසලකා හැරීම නොකළ යුතු අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සිටින ලය රෝග විශේෂඥවරුන් වෙතට යොමුව රෝග විනිශ්චය කර ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

‘බබාගේ ඇදුම ගැන මාපිය සැළකිල්ල මදි ‘

ජයන්ත Saturday, 21 March 2015 12:52 AM

ෂැගි, උපුල්, ඔය දෙන්නටම පොදු උත්තරයක් මම දෙන්නම්. මේ ලෙඩේ "හොඳ කරන්න " ඔලු දෙකක් තිබෙන දොස්තරලා නැහැ. කාගෙවත් ළඟ වෙන ග්‍රහලෝක වලින් ගෙනා බෙහෙතුත් නැහැ. එහෙම කව්රුහරි කියනවා නම් එයා බොරුකාරයෙක්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලෙඩේට තියෙන්නේ සම්ප්‍රදායික බෙහෙත් ටිකක්. මේක හොඳකර ගන්න ඕනෑ නම් වෛද්‍යවරයා දෙන බෙහෙත් හරියට නොකඩවා ගන්න ඕනෑ. දෙවන වැදගත්ම දේ තමයි රෝගය උත්තේජනයට හේතුවන සාධක වලින් "පුළුවන්තරම් " මඟහැර සිටීම. (නි)

:       0       0

විදානගේ Saturday, 21 March 2015 01:46 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අමර Friday, 20 March 2015 09:29 AM

ඇදුම යි ඇඳුමයි දෙකම එක වගේද පෙනෙන්නේ? (ම)

:       0       0

ෂැගී Friday, 20 March 2015 09:46 AM

ලිපි කොච්චර හොඳ උනත් වැඩක් නැහැ ,මේ ලෙඩේට හරියට බේත් දෙන /ගන්ඩ පුළුවන් දොස්තර කෙනෙක් ගේ නොම්බරයක මේකේ දානවද.දොස්තරලා නම් ඉන්නවා ඒ උනාට හරියටම මේ ලෙඩේට හරියටම හරිද කියල දන්නේ නැහැ.පුලුවන්නම් මේ ලිපියට අදාල කෙනා හොයල දුන්නොත් ලොකු දෙයක් .මොකද එයා මේ ගැන හරියටම දන්නා කෙනා වෙන්ඩ ඇති (බ)

:       0       0

උපුල් Friday, 20 March 2015 10:37 AM

පානදුර ශාන්ත ජෝන් ජාතික පාසැල ළඟ ඉන්නවා දොස්තර රුක්ෂණ. විශේෂඥදොස්තරලට බැරි ඇදුම මොහු සනීප කරනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site