IMG-LOGO

බොබ් ඩිලන්ල, ජැකී චෑන්ල වගේද සාරි පොටේ නංගිලා

මීට ටික දවසකට උඩදී අපට අහන්න ලැබුණු ආරංචියක් නිසා සංගීතය ගැන ලෝකයේ තියෙන අදහස ගැන අපට ඉඟියක් ලැබුණා. ඒ ප්‍රවෘත්තියෙන් කියවුණේ සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන නොබෙල් සම්මානය මේ වතාවේ දුන්නේ ලෝක ප්‍රකට සංගීතකරුවෙකු වන බොබ් ඩිලන්ට කියලා. ඒක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. බොබ් ඩිලන් තියන්නේ සුප්‍රකට සංගීතඥයෙකු වගේම ගීත රචකයෙක්.

20161118sara-1නොබෙල් සාහිත්‍ය සම්මානය බොබ් ඩිලන්ට ලබාදෙන්න නොබෙල් සම්මාන දෙන කට්ටිය ගත්තු තීරණය ටිකක් රැඩිකල් වැඩක්. මේ ප්‍රවෘත්තියත් එක්ක සමහර අය පොඩ්ඩක් පුදුමයට පත් වුණා. ලෝකයේ ඉහළම සම්මානයක් වන නොබෙල් සම්මානයේ ගෞරවය හෑල්ලුවීමත්මේ නිසා වුණාදෝ කියලා. සමහරුන්ට සාංකාවක් ඇති වෙලා වගේ කතන්දරත් අහන්න ලැබුණා.

ඒත් ඒක එහෙම නොවෙන්නේ ඒ සම්මානය දෙන කට්ටිය තුට්ටු දෙකේ විනිශ්චයකින් මේ තෝරා ගැනීම නොකළ නිසා. ලෝක සංගීතයට, ගීතයට කළ ඉහළම ගෞරවයක් විදියට මේ සම්මානය හඳුන්වන්න පුළුවන්.

මේ එක්කම පසුගිය සුමානේ තවත් ප්‍රවෘත්තියකින් අහන්න ලැබුණේ ලෝක ප්‍රකට නව ජැකී චෑන්ට ඔස්කාර් සම්මානය හම්බවුණා කියලා. ජැකී චෑන් කියන්නේ බොබ් ඩිලන් වගේම ලෝක මට්ටමේ සුපිරිම බඩුවක් තමයි. ජැකී චෑන්ගේ රඟපෑම් නොබලපු කෙනෙක් නැති තරම්. මොකද මිනිහට ඒ තරම්ම ලෝකය පුරා රසිකයෝ රාශියක් ඉන්නවා.

20161118sara-2ලෝක මට්ටමෙන් ඒ විදියට කලාකරුවන්ට සම්මාන දෙද්දී අපේ රටේ අයත් ඇරියේ නෑ. අපේ රටෙත් දැන් සම්මාන උලෙළවල් තොග ගණන් තියෙනවානේ. මෙන්න මේ වගේ සම්මාන උලෙළක් පසුගිය දවසක පැවැත්වුණා. ඒකත් මියුසික් වලට සම්බන්ධ වැඩක්.

බොබ් ඩිලන් කියන සංගීතකරුවා නොබෙල් ප්‍රයිස් එක ගනිද්දී අපේ රටේ මියුසික් වීඩියෝ සම්මාන උලෙළවලදී සම්මාන හම්බ වෙන්නේ සාරිපොටේ කට්ට ගස්සගන්න දඟලන පොඩි නංගිලාට. කොහොමද වැඩේ. මේ සාරිපොටේ කට්ට ගස්සගන්න දඟලන නංගිල තමයි අපේ රටේ කලාකාරියෝ වෙලා ඉන්නේ. බොබ් ඩිලන්ල මේවා දන්නව නම් වහ කනවා සත්තයි.

අපේ රටේ කලා ක්‍ෂේත්‍ර‘ය තමයි ඉතාම ලේසියෙන් එන්ටර් වෙන්න පුවන් එකම ක්‍ෂේත්‍රය. වෙන කොතෙනටවත් ශිල්පයේ නිපුණතාව නැතුව යන්න බෑ. වෘත්තීය සුදුසුකම් නැතුව වෙන කිසිම වෘත්තියකට යන්න බැරි වුණත් අපේ රටේ කලා ක්‍ෂේත්‍රයට නම් ඕනම කෙනෙකුට ඕන හැටියකට ඇතුළු වෙන්න ඕපන් වීසා තියෙන්නේ. ඒක නිසා තමයි මේ සාරි පොටේ කට්ට ගස්සගන්න දඟලන නංගිලට සිංදුත් කියලා නැටුමුත් නටලා සම්මානත් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

20160830Sara-1

 

මේ සාරිපොටේ කට්ට ගස්ස ගන්ත කෙනෙක් හොය හොයා බෙරිහන් තලන නංගිලාගේ සාරි පොටේ කට්ට ගලවන්න නම් ඕන තරම් අයියලා ඉන්නවා. ඔය ගොඩක් නංගිලා සාරිපොටේ  කට්ට අයියලාට කියලා ගලෝගෙනයි කලාවට ඇවිත් තියෙන්නේ කියලා තමයි එයාලා ගැන තොරතුරු දන්න අය නම් කියන්නේ. අනේ අපි දන්නේ නෑ ඕවා. ඔය නළි නංගිලා මීඩියා වලට දෙන ටෝක් වලින් නම් පේන්නේ එයාලගේ ඇඟේ නිල මැස්සෙක්වත් වහලා නෑ කියලයි.

අපේ රටේ කලාව සහ කලාකරුවෝ කියන එක එන්න එන්නම කඩචෝරු මට්ටමට වැටෙනවා කියන එකයි  මේ වගේ බාල වැඩවලින් ඔප්පු වෙන්නේ. ඒත් ඉතින් මේ වගේ නාඩගම් සම්මාන දෙන වැඩ මාරයි කියලා කියන්නත් විදග්ධ කලා පොරවල් අපේ රටේ ඉන්නවා. මිණි කැට යට යන ගොම රිටි උඩ එන කාලේ සාරි පොටේ කට්ට ගලෝගන්න බැරුව බෙරිහන් තැලීමත් මාර සිංදු වෙන එක පුදුමයක් නෑ.

බොබ් ඩිලන්ලා වගේ මිනිස්සු බිහිවෙන්න ඇත්තේ ඒ අයට සුදුසු රටේ වෙන්න ඇති. අපේ රටේ කරුමෙට මාර අම්බරුවෝ ටිකක් තමයි අපේ රටේ කලාකරුවෝ වෙලා ඉන්නේ. ඒක නිසා තමයි සාරි පොටේ නංගිලා ලාසිංඤෝර් මල්ලිලා එක්ක සෙට් වෙන්න සිද්ධ වෙන්නෙ. ඇත්තටම මේවා නොදකින්න අමරදේව උන්නැහේ වගේ අය කලින්ම මිය පරලොව ගිය එකනම් ලොකු දෙයක්.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

බොබ් ඩිලන්ල, ජැකී චෑන්ල වගේද සාරි පොටේ නංගිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site