පසුගිය කාලයේ ප්‍රසිද්ධ විවාහ උත්සවයකින් යුගදිවි ගමන් ඇරඹූ බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර්, නැවතත් සුපුරුදු රංගන ජීවිතයට පිවිස තිබේ. ඒ සමගම උණුසුම් පුවතකින් බොලිවුඩ්පුරයම විමසිලිමත් වී ඇති බවයි සඳහන් වන්නේ. ඒ බිපාෂාට මවක වීමේ ලකුණු පහළ වී ඇති බවයි.
පසුගියදා තම සැමියා, කරන් සිං සමග නැදෑ හිතවතුන්ගේ නිවෙස්වලට ගිය බිපාෂා, ඉන්පසුව වෛද්‍යවරයකු හමුවන්නට පිටත්ව ගිය බවයි සඳහන් වන්නේ. ඇතැම් ඉන්දියානු පුවත් සඳහන් කරන්නේ මේ නව යුවළ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමුවෙන්නට ගොස් ඇති බවත්, මේ දෙදෙනා කිහිප වතාවක්ම ඒ විශේෂඥ වෛද්‍යවරයා හමුවී ඇති බවත්ය.
මේ වෛද්‍ය හමුවෙන් පසුව පැතිරුණු කටකතාවලට අනුව නම් බිපාෂා මවු පදවිය ලබන්නට සැරසෙන බවයි සඳහන් වන්නේ. මේ කටකතාව පැතිරී ගිය සැණින් එයට වහාම ප්‍රතිචාර දක්වන්නට බිපාෂා අතපසු නොකළාය. ඇය පැවසුවේ පැතිරී යන මේ ආරංචිය මුළුමනින්ම අසත්‍යයක් බවයි. “පෞද්ගලික ජීවිතවලට බලපාන මේ වගේ වැදගත් දේවල් ගැන මගේ රසික පිරිස මීට වඩා ගෞරවයක් දක්වාවිය කියල මම හිතනවා. මොකද මේ වගේ දේවල් සුළුවෙන් සලකන්න පුළුවන් කාරණා නොවන නිසා. මේ ආරංචිවල කිසිම ඇත්තක් නැහැ” බිපාෂා මේ අයුරින් ප්‍රතිචාර දැක්වූයේ මේ පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවට සඳහන් කරමිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බිපාෂා මවක් වෙයි?