IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බෝපේ සභාව හොර රහසේ

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (07) පැවති විශේෂ සභා රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සභා රැස්වීම වාර්තා කිරීමෙන් වළකින්නැයි සභාපති උක්වත්තේ චන්දිම හිමියන් දැනුම් දීමත් සමග සභාව උණුසුම්කාරී තත්ත්වයකට පත්විය. සභාපති හිමියන් කියා සිටියේ මාධ්‍යයට විශේෂ සභාවාරය සඳහා ආරාධනා නොකළ බවයි.

මේ අවස්ථාවේ දී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීරුන්වන දිල්රුක් අබේකෝන් මහතා සහ ප්‍රේමලාල් අබේසේකර මහතා සභා රැස්වීම ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබාදිය යුතු බවත් ඉදිරියේදී ඔවුන්ට ඒ සඳහා ආරාධනා කළ යුතු බවටත් යෝජනාවක් ස්ථිර කළහ. ඒ සමග සභාපති හිමියෝ සභාව මැයි 11 දිනට කල් තැබූහ.

සභාවේ සිදුවන දූෂණ අක්‍රමිකතා සහ වැරදි ජනතාවගෙන් වසංකැර ගැනීම සඳහා සභා රැස්වීම ආවරණය කිරීමට මාධ්‍යයට ආරාධනා නොකරන බවත් එය වරදක් බවත් පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් සිටියහ. මන්ත්‍රීවරු පැවසුවේ සභාව මැයි 11ට කල් තැබීම ද නීති විරෝධී බවයි.

අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයකට විශේෂ සභා රැස්වීම කැඳවා තිබූ බව පැවසූ සභාපති උක්වත්තේ චන්දිම හිමියෝ කියා සිටියේ එම කාර්යයන් අවසන් වූ පසු සභාව කල් තැබූ බවයි. විශේෂ සභා රැස්වීමක් බැවින් මාධ්‍යවේදීන්ට ආරාධනා නොකළ බව ද හිමියෝ කීහ.



අදහස් (0)

බෝපේ සභාව හොර රහසේ

මංජුල Tuesday, 07 April 2015 07:23 AM

මේ අපේ දේශපාලඥයන් හැසිරෙන ආකාරයයි. (ස)

:       0       0

\සිංහ Tuesday, 07 April 2015 03:27 PM

අනේ මොනවද මේ වෙන්නේ ලංකාවේ ( දී)

:       0       0

දුමින්ද Tuesday, 07 April 2015 07:31 AM

හංගන්න ඕන දේවල් ඇති. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 07 April 2015 08:10 AM

එතකොට මේ ආණ්ඩුවෙන්ම නේද කිව්වේ තොරතුරු දැනගැනීම පිණිස මාධ්‍යට නිදහස ලබාදුන්නයි කියලා. (බ)

:       0       0

ලහිරු Wednesday, 08 April 2015 05:08 AM

ඉසුරන්දි, මෙතන හංඟන්න හදන්නේ ,මරාගේ ගෝලයෝ ,චන්දිම හිමි , දිල්රුක්,අභයසේකර , කියන්නේ මරාට කඩේ යන අය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site