මෙයට වසරකට පෙර ඵංගලන්තයේ සිටි දමිල ජාතික තරුණියක්(30) ඉතාලියේ පලෙර්මෝ නුවරට පැමිණෙනුයේ තමාගේ පෙම්වතා (31) සමග විවාහ විමටය. විවාහය ලියාපදිංචි කිරිම සදහා රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට තූන් වතාවක් ගිය ද නොයෙක් අඩුපාඩු පෙන්වමින් දෙදෙනා ආපසු හරවා යවා තිබේ. ඵ් අනුව මාස දහයකට වඩා වැඩි කාලයක් ඔවුන්ට තම විවහාය ලියාපදිංචිය වෙනුවෙන් බලා සිටීමට සිදු විය. පසුගියදා එසැණ අප යමි අවශ්‍යතාවයක් වෙනුවෙන් වීදේශ ලේකමි කරුණාතිලක අමුණුගම මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ වු මොහොතක මේ ගැන අප ඔහු දැනුවත් කෙළෙමු. ඔවුන්ගේ සියලු තොරතූරු තමාට ලබාදෙන ලෙසත් ඵ් අනුව තමා මැදිහත්ව ඉතාම ඉක්මනින් විවහා ලියාපදිංචියට දිනයක් ලබා දෙන බවත් ලෙකම්වරයා අප හා පැවසීය. ඵහෙත් ඔහුගේ කාරුණික මැදිහත්වීමට ප‍්‍රථම තානාපති කර්යාල නිළධාරින් මෙයට දින කිහිපයකට පෙර සිවිවෙනි වතාවේ දී ඔවුන් දෙපලගේ විවහාය ලියාපදිංචි කර ඇත. තම විවාහ ලියාපදිංචිය වෙනුවෙන් සිව් වතාවක් රෝමයට පැමිණ ආපසු පලේර්මෝ නගරයට යෑම සදහා ඔවුන් දෙපල ගෙවා දැමු දුර ප‍්‍රමාණය කිලෝමිටර් 7200කි. ගමන සදහා දින අටක්ද ගමන් වීයදමි වෙනුවෙන් යුරෝ 2400ක්ද (රුපියල් 400800ක්) ඔවුන්ට වැය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිලේච්ඡ විදියට අහිංසකියින් මරණවා කියලා කියන්න ජිනීවා ආපු අය ආන්ඩුවෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ.(නදී)
රෝමයේ තානාපති ඇතුළු නිලධාරීන් වංචනිකයින් බව සියළු දෙනා පවසද්දී ඇයි මේ රජය ඔවුන්ට තවත් අවස්ථාව දෙන්නේ.(නදී)
ආදරයට භාධා හැමතැන (දී)
ලංකාවේ තානාපති කාර්යාල වල කාර්යක්ෂමතාවය ගැන මට නම් සෑහීමකට පත්වෙන්න බැහැ. (නි)
අපිත් කොල්ලෝ කාලේ කකුල් දෙක ගෙවෙනකල් හිටගෙන හිටියා (දී)
මටනම් පව් කියලත් හිතෙනවා(දී)
දරු මල්ලෝ ලැබිච්ච දවසක කියලා හිනාවෙන්න පුළුවන් (දී)
මට නම් මතක් උනේ මගේ තරුණ කාලය (දී)
පව් කියලත් හිතෙනවා (දී)
අන්තිමට දින්නා කොහොම හරි (දී)
බදින්න ලොකු වෙහෙසක් දරලා (දී)
අමාරුවෙන් ලබන දේ තමයි ලස්සනම (දී)
ආදරයට කොහේදෝ භාධා නැත්තේ (දී)
ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට අපගේ ප්‍රණාමය! (නි)
අසරණ ජෝඩුවක් (දී)
මට පේන්නේ ඉතාලියේ තව තානාපති කාර්යාල දෙකක් වත් දාන්න වෙයි වගේ. මට හිතාගන්න බැරි ඇයි ලංකාවට ඉන්දියන් තානාපති කාර්යාල දෙකක් ඉල්ලලන්නේ ඇයි කියලා. ලංකාව ඉතාලිය වගේ ලොකු රටක් නෙමෙයිනේ.(නදී)
මේ වාගේ කථා දැන් දිගටම අහන්න ලැබෙනවා. (නි)