බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවත් ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කමිටුව ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ද විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙයට ඉක්මන් විසඳුමක් දියහැක්කේ ජනාධිපති කොමිසමක් හරහා විමර්ශනය කිරීමෙන් බව නිර්දේශ හයක් ඇතුළත් කමිටු වාර්තාවෙහි සඳහන් කර තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.
ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ නව ව්‍යවස්ථාවක් ඇතිකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය වන්නේ 1972 ව්‍යවස්ථාව සම්පාදනයේදී අනුගමනය කළ මූලික කරුණු මත පිහිටා කටයුතු කළ බවය යන්න බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පත්වන මන්ත‍්‍රීවරුන්ට රටේ නීති සම්පාදනය පිළිබඳ වගකීම පැවරෙන බව සියලූ මන්ත‍්‍රීවරුන් අවබෝධ කරගත යුතු බව ද ඔහු කීය.
ඡායාරූපය - මනෝජ් හර්ෂික


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකටද මගේ කට කිවුවලු (නි)
මේවට කියන්න දේවල් හිතට එන්නෙ නැහැ (නි)
ශෂික, ඔබ කියන මහත්වරුන් දෙන දෙයක් කාලා, කියන දෙයකට "එසේය මහරජ" කියපු කාලයකුත් තිබුණා. ඒ මහත්වරුන්ට අනාගතයේ ඔබ කියන තත්ත්වයෙන් මිදෙන්නට නොහැකි වෙන්නෙත් මේ මහරජ නිසා බව අද පෙනෙන්නට ඇත. (නි)
කොමිසම කෙසේ වෙතත් බැඳුම්කර නිකුත් කිරීම්, රටේ නීති පද්ධතිය වගේම මූල්‍ය වෙලෙඳපොළ ස්වභාවය ගැන තේරුමක් තියෙන අය කොමිසමට පත් වෙන්න ඕන. මේ සිදුවීම ගැන එක එක අය එක එක වෙලාවට කරන්නේ එක එක කතා. (බ)
"බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ජනාධිපති කොමිසමක්.... සහ ඒ පිළිබඳ සොයාබැලීමට තවත් කොමිසමක්“. අන්තිමට 8 පාස්වත් නැති මිනිස්සුත් ඔය කොමිසන් වල වාඩිවෙන බව අර්ජුන් මහේන්ද්‍රන්ලා දැනගෙන හිටපු නිසා තමයි ඔය වංචාව අත්හදා බැලීමක් සඳහා කරන්න ඇත්තේ. (නි)
මොන කොමිසන් පත්කළත් වැඩක් නැහැ. කාලය මරන්න කරන වැඩ. තාජුඩීන්ගේ නඩුවට මොකද වෙන්නේ? අනිත් නඩුත් කොටඋඩ. යහපාලනය මේකද? (නි)
මහජනයා මුලාකරගෙන මැති ඇමති උතුමන්ලා එම තනතුරු ස්ථිර කරගෙන වැජඹෙනවා. දුප්පත් මිනිස්සු දහදුක් විඳලා බැලමෙහෙවර කරලා බදුත් ගෙවන්න ඕනෑ. මේ තත්වය ලංකාවේ මිනිසුන්ට පෙනෙන්නේ නැද්ද? (නි)
දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා කට වහගෙන ඉන්න මහත්වරුනි බොරුවට කියවන්නේ නැතුව.(හේ)