මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දමා සෘජු ස්ථාන ගත ක්‍රමය අනුව භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළේ තමාගේ තනි තීරණයකට අනුව බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (06) පිළිගත්තේය.
කොමිසමට සහය වන වැඩබලන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඒ බව පිළිගත්තේය.
ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය - මහ බැංකුවේ මුල්‍ය මණඩලය විසින් සෘජු ස්ථානගත කීරීමේ ක්‍රමවේදය නතර කරන්න කිසිදු තීරණයක් ගත්තේ නැහැ නේද?
පිළිතුර - නැහැ.
ප්රශ්නය - බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දමා සෘජු ස්ථාන ගත ක්‍රමය අනුව භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළේ තමාගේ තනි තීරණයකට අනුව නේද?
පිළිතුර - ඔව්. එය මා පිළිගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තනිකරම බොරුවක්. මම කලිනුත් කිව්වා. මෙයා සියලු වැරදි බාරගෙන රටින් පනිනවා. එහෙම නැත්නම් ලංකාවේ පුරවැසියෙකු නොවන ඔහුට මෙවැනි තනතුරක වගකීම් පැවරීම නීතියට පටහැනි බැවින් ඔහුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකියි කියලා සියල්ල ඉවර කරනවා. මේ සැලසුම මතම තමයි මෙයාව පත් කලෙත්. හරියටම විදුලි පරිපථයක ෆියුස් එක දානවා වගේ. වැඩේ ගැස්සුනොත් අර්ජුන් මහෙන්ද්‍රන් ෆියුස් එක ලඟින් පිච්චිලා උඩ ඔක්කොම බේරෙනවා.
ලංකාවේ පුරවැසියෙකු නොවන අර්ජුන් මහෙන්ද්‍රන් මහා බැංකුවේ අධිපතිකමට පත් කල අගමැතිට දඬුවම් කරන්න පුළුවන් නීති ක්‍රමවේදයක් නැද්ද?
මීට පෙරත් ඉහල තනතුරුවලට විදෙස් සම්භවයක් තියන උදවියගෙන් සේවය අරගෙන තිබෙනවා! විදේශ මුදලින් පඩි එහෙමත් ගෙවලා තියනවා. උදාහරණයක් රොනී රණසිංහ ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් එයාර් ලංකා ගුවන් සේවය හැදුවා. වැඩෙත් ලස්සනට කළා.... ලෝකේ හොඳම ගුවන් සේවයක් වුණා.
අගමැති ඔහු සම්බන්ධයෙන් වග කියන බවට පාර්ලිමෙන්තුවේ සඳහනක් කරලා තියෙනවා. ඊට අමතරව ඔහු ආරක්ෂා කිරීමට දැඩි උත්සාහයක් දරලා තියෙනවා. එයට ප්‍රමාණවත් සාක්ෂි ඇති, රටට මොහුකල විනාශය අගමැතිට ගෙවීමට සිදුනොවේද?
මම මොකට බය වෙන්නද කියල හිතාගෙන ඇති.
හිටපු මුදල් ඇමති , අගමැතිතුමා,අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මුලිකත්වයෙන් තමයි මේ මිලියන 59 වංචාව සිදුකර තිබෙන්නේ. විවිද ආකාරයෙන් වංචාවට අනුබල දීපුබව ඔප්පුවෙනවා. මෙයෙට පසුබිම වන්නේ අර්ජුන් මහෙන්ද්‍රන් පසුගිය මැතිවරණයට එ ජ ප වියදම්කරන්න ඇති එයට වරදානයක් ලෙස මෙම වාසිය ගැනීමට අගමැතිතුමා අනුබල දෙන්න ඇත. කොමිසමේ නිර්දේශයන් නීති පති දෙපාර්ත මේන්තුවට ඉදිරිපත් කලවිට එතන ගල් ගැසේවි. අවසාන ප්‍රතිපලය එයයි.
මේ කොමිසම තනිකරම කාලය කන්න පටන්ගත්තු බොරුවක් ,මුල්‍ය වංචාවක් වෙලා තිබෙනවා කියල සැකයක් තිබෙනවා නම් පරීක්ෂණ කර අධිකරණයේ නඩු පවරන්න පොලිසියට පුළුවන්
රෝහණගේ තර්කය හරි. සිදුවුනේ එයයි. කල උදව්වට ප්‍රති උපකාරයක් තමයි කරලා තිබෙන්නේ. වෙලා තිබෙන දේ සක් සුදක් සේ දැන් පැහැදිලියි. හොරකම් කළවුන් සහ එයට අනුබල දීපු අයටත් දඬුවම් කල යුතුයි. එයයි යහපාලනය.
මුදල් ප්‍රමාණය ඉතාමත් ලොකුයි. එහෙත් මෙතන තියෙන ප්රශ්නය, බැඳුම්කරය නිකුත් කරපු ක්‍රමවේදය මිස වංචාව නොවේ. එමනිසා දඬුවම් කිරීමට පවා නොහැකි වරදකි මේ..
විදේශ පුරවැසිකම තනතුරු ලබා දෙන්න බාධාවක් නම්, ආරක්ෂක ලේකම්, ආර්ථික සංවර්ධන ඇමති ධුරවලට මොකද කරන්නේ? අනික මේ පුවතේ ඇයි ප්‍රශ්න හා පිළිතුරු දෙකක් පමණක් දක්වන්නේ? මොනවද පාඨකයාගෙන් සඟවන්නේ? සෘජු ක්‍රමය වේවා වෙන්දේසි ක්‍රමය වේවා ක්රමයේ වංචාවක් නෑ. ඒක ක්‍රියාත්මක කිරීමෙයි ගැටළුව තියෙන්නේ. කොහොමහරි එක දෙයක් පැහැදිලියි.
මේ ප්‍රවුර්තිය වැරදියි. අර්ජුන් මහෙන්ද්‍රන් කලේ මේකේ අනිත් පැත්ත. සෘජු ස්ථාන ගත ක්‍රමය නවතා බැඳුම්කර වෙන්දේසි ක්‍රමය අනුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කිරීමයි.