නිමන්ති රණසිංහ
බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවේ විභාගයට කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව විසින් තීරණය කර ඇතැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29) සඳහන් කළේය.
එම සිද්ධියට අදාළ නඩුව අද (29) අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අධිකරණ සේවා කොමිසන් සභාව විසින් එවන ලද ලිපියක් සම්බන්ධයෙන් එසේ කරුණු ඉදිරිපත් කළ අතර ලබන 4 වැනි දා සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
එසේම මෙහි සැකකරුවන් වු පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත්... මාමා දෙනකම් බෑනා කූඩුවේ...