(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දීර්ඝ කොට ඇත.
ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇත.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීඬණ කොමිසම පත් කොට ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස පත් කොට ඇත.
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ මෙම කොමිසමේ කටයුතු සිදු කිරීම සඳහා පසුගිය ජනවාරී 27 වැනිදා මාස තුනක කාලයක් සඳහා මෙම කොමිසම පත් කළ අතර එහි කාලය අදින් (27) අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමින් කළ ඉල්ලීමකට අනුව කොමිසමේ කාලය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කරන ලදී.
ඒ අනුව ලබන ජුලි 27 වැනිදා දක්වා කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් බලය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පාලකයෙක් මගේ ජිවිතයට දැකලා නැහැ... මේ හදන්නේ ලිස්සලා යන්න විතරයි. යහපාලනය නොවේ යම පාලනය....
කොහොම හරි ඉන්න ඕනේ නිසා ඉතුරු ටිකත් 2020 වෙනකල් රබර් වගේ ඇදගෙන ගිහින් ඊට පස්සේ ඇපෙත් නැතුව ගෙදර යයි. රටත්, ජාතියත්, ආගමත්, ආර්ථිකයත් නැත්තටම නැති වූනා වෙනසක් හොයන්න ගිහින්.
ප්‍රතිපත්තියක් නැතිකම මොවුන්ගේ උසස්ම ප්රතිපත්තියයි. චන්දා