බැඳුම්කර කොමිසම ඉදිරියේ ඉදිරිපත් වූ කරුණුවල දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින් කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය කාර්යාලය මේ බව ප්‍රකාශ කරන අතර ජනවාරි 08 වැනි දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කරලීමට බැවින් රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ද, සොයා බැලීමට ද රජය හැම විටම ක්‍රියා කර ඇති බව එහි පෙන්වා දෙයි.
ඉදිරියට ද ඒ පිළිවෙතම අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමනි, අපි ලොකු විස්වාසයක් ඇතිකර ගත්ත ඔබතුමා බිද වැටුණු දුෂිත වූ ආර්ථිකය ගොඩනගයි කියල. පුදන කොටම කාපි යක කියල ඔබගේ සුවච මීතුරා අර්ජුන මහේන්ද්‍රන් බිලියන 59 ක් ගැහුවා. ඔබ කිසුදු අදික්ෂණයක් නොකර ඔහු ආරක්ෂා කලා මේ පරීක්ෂණයේදී ජනතාව ඉතා විමසිල්ලෙන් පසුවෙන්නේ. සමහර විට අර්ජුන පසුගිය මැතිවරණයට වියදම් කරන්න ඇති. ඒ උනාට මේ විදියට රජයේ දේපොළ කොල්ලකන්න දෙන්න බැහැ. ඔබගේ හිත මිතුරු රවී අසාර්ථකම මුදල් ඇමතිතුමා. හර්ෂට මුදල් ඇමති කම දෙන්න තිබුන. ඊලග අසාර්ථකම පත් කිරීම තමයි මාරපන විදෙස් ඇමැතිකමට පත් කිරීම. ඔබගේ හිතවතුන්ට සහන දීම නිසා ජනාදිපති තුමත් අසරණ බාවයට පත් කලා.
බහුතරයකගේ විරෝධතා මධ්‍යයේ විශ්වාසය පිලිබදව පුරසාරම් දොඩමින් වගකීම බාර ගන්නවා කියමින් මහා බැංකු අධිපති තනතුරට අර්ජුන් මහෙන්ද්‍රන්ව පත්කර මුළු මහත් ජාතියම ප්‍රපාතයට අද දැමු අයට තමන් ගත් වගකීම දැන් අමතක වෙලා. මහත්මා දේශපාලනක් ගැන කතා කරන මොවන් තම නිගමනයන්වල අසාර්ථකත්වය පෙනී පෙනී තිබියදී අපේ රට තව තවත් විනාශ නොකර දැන්වත් තම තනතුරුවලින් ඉවත් නොවන්නේ මන්ද?
මෙහි (මහා බැංකු කොල්ලය) යටි අරමුණක් තිබේද කියා සැක උපදවයි. ආර්ථිකය බිඳ දමා, ජනතාවට බඩ ගින්න ගැන විතරක්ම සිතන්නට ඉඩ සලස්වා, සන්ධීය (ෆෙඩරල්) ආණ්ඩු ක්‍රමයක් වෙත රට ඇදගෙන ගොස් 'ඊළාමය' බිහි කර ගැනුමද අපේක්ෂාව? මේ සිදුවන දේ දැන දැනත්, අගමැතිගේ ආර්ථික උපදේශක පාස්කරලිංගම් 'බකන් නිලන්' හිටියේ ඇයි? ඔහුගෙන් ප්‍රශ්න කල යුතුයි! අගමැති පත් කල හොර විමර්ශන කමිටුවෙන්, ඔවුන්ගේ වාර්තාව පිළිබඳව ප්‍රශ්න කල යුතුයි! ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාතිශය බහුතරය ෆෙඩරල් වාදීන් වුයේ අහම්බුවකින්ද? කුඹුරු (වී) වගාව අඩු කල යුතු යයි කෘෂිකර්ම ඇමති ප්‍රසිද්ධියේ කිව්වේ ඇයි?
අවු 20ක් තිස්සේ දේශපාලන පළිගැනීම් වලට ලක්වුණ පාක්ෂිකයින්ට අවු 3ක් ගිහිල්ලත් විසදුමක් දෙන්න බැරිවෙච්ච ඔබ අසාර්ථක පක්ෂ නායකයෙක්. රටේ පාලනය ලැබුණ ගමන් තමන්ගේ නැදැෑ හිතමිතුරන් නුසුදුසු තනතුරු වලට පත්කර රටේ ආර්ථිකය බංකොලොත්කර රටේ මහජනතාවගේ මුදල් කොල්ලකැමට සලැස්වු ඔබ අසාර්ථක රාජ්යනායකයෙක්. කරැණාකර තවත් පව්නොදී ඉල්ලා අස්වෙන්න.
අපෝ එන්න එපා මේ ටිකට කරපු දේවල් හොඳටම ඇති...
අගමැතිතුමනි, ඔබ තුමා බැඳුම්කර කොමිසමට පැමිණීම හොදයි. මම දක්වා ඇති සරල ප්‍රශ්නවලට පිළිතුරක් දෙන්න . මහා බැංකුවේ අදිපති තනතුරට ලංකාවේ සුදුසු පුද්ගලයන් සිටියදී සිංගප්පුරු පුරවැසියෙක් පත් කලේ ඇයි? තම අභිමතය පරිදි පත් කිරීමෙන් පසු ඔහුගේ කාර්යන් ගැන අධීක්ෂණය කලාද?
අගමැතිතුමනි, අපේ රටේ කුසලතා තිබෙන දක්ෂ නිලධාරීන් සිටියදී ඇයි සිංගප්පුරු පුරවැසියෙක් පත්කලේ? ඔහුගේ කාර්යන් අදීක්ෂණය කලාද? මේ ප්රශ්නය මතුවූ අවස්ථාවේ ඔබ පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා වන පරදි ලොකු ප්‍රකාශයක් කළා. වංචාව අනාවරණය වීමෙන් පසු ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් උණා. සිදුවූ අලාභය බිලියන 59 යයි. අගමැතිතුමා මෙයට වග කිව යුතුයි . ඉදිරි කාලයේදී රටට ඇත්තටම ආදරය කරන ශක්තිමත් නායකයෙක් බිහි වේවා!