ඉකුත් අයවැයෙන් අඩු කළ විවාහ ලියා පදිංචි කිරීමේ ගාස්තුව සඳුදා (16) සිට රුපියල් දහස දක්වා අඩු කළ බව කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් ටී එම් ප්‍රේමසිරි මහතා පැවසීය.
මෙම ගාස්තු අඩු කිරීම් සම්බන්ධව දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය රෙජිස්ට්‍රාර්වරුන් වෙත අද (17) දැනුම් දුන් බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව මෙතෙක් තිබු රුපියල් පන්දහසේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් දහස දක්වා අඩු කෙරේ.
රජය මෙම සහනය දෙන බව ප්‍රකාශ කළේ ජනවාරි 19 වැනිදා අතුරු අය වැය ඉදිරිපත් කරමිනි.එහෙත් එම සහනය මෙතෙක් නොලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ නැකත උදාවෙලා -ඉදිමු අපි ජෝඩු වෙලා (ම)
මෙම නියෝගය දෙන්නත් රෙජිස්ටර් ජනරාල් තුමාට හොද නැකතක් තිබිල නැතුවා වගේ. මේවගේ වැඩ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ උනා නම් ගෙදර යවලා පස්ස බලන්නේ (ම)
දැන් නම් ඉතින් කසාදයක් කරගත්තහැකි යාන්තම්. (ර)
කසාද බැඳලා කොත්තමල්ලි බීලා අපි ඉමුකෝ.... (නි)
ලංකාවේ බඳින එකත් ලෙහෙසි නැහැ. (නි)
අපේ අයට මොන සහනය දුන්නත් හිතට හරි නැහැ (නි)