
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය අරාජික වී ඇතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (3)පැවසීය.
මාස දෙකක් ඇතුලත මීගමුව හා මහර බන්ධනාගාර ඇතුලේ බරපතල සිද්ධි දෙකක් වාර්තා වුවද ඒවාට වග කියන්නට කිසිම ප්‍රධානියෙක් නැතැයි ජී.එල්.පීරිස් මහතා පැවසීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.
අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.බන්ධනාගාර පද්ධතියට කොමසාරිස් ජෙනරාල් කෙනෙක් නැහැ.
අපේ රටේ සියලුම බන්ධනාගාර පාලනය කිරීම සඳහා අවසාන බලය තිබෙන්නේ ඒ කොමසාරිස් ජනරාල්ට.එ් අතිශයින් වැදගත් තනතුර තාම හිස්. ඒක පුරවලා නෑ. අවුරුද්දකුත් මාස දෙකක් එම තනතුර හිස්ව තිබෙනවා. තවම ඒ සඳහා ස්ථිර පත්වීමක් කරලා නැහැ. ඒ කියන්නේ බන්ධනාගාර පද්ධතියේ කඳ තියෙනවා, හිස නැහැ යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් රජිතය , කොහොමත් මේ අවුරුද්දට පෙර මිනිහට ස්විප් එක ඇදෙනව ගහල තියෙන ගැහිල්ලට , මුන්ට කලබලයක් පේන්න බැ, ඒ කෙන්වත් චාන්ස් එකක් ගන්න ලැබෙයිද කියල බලනව. ජනතාවට තොපි පේන්න බැ
ඔය අය ඇතුලට යන්න කලින් අපි කොහොමහරි ලොක්කව පත්කරනවා. !ඉස්ටොප් වොරීන්ග් සෑර්!"
ඒ පැත්තට මේ පැත්තට පැන පැන අවුරුදු දහයක් පහළොවක් ඇමතිකම් කරලා රට විනාශ කරන්න හවුල් උන එකෙක් දැන් සුදනා වෙන්න හදනවා
කදයි ,හිසයි දෙකම නැතිවෙන්නයි යන්නෙ රජිතයගෙ නම්
තව ටික කාලයයි , එලියෙ ඉන්න ලැබෙන්නෙ , එතකන් කෑ ගහපල්ලා
තමුන් ගැන උනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෙක් ඇමතිකම් අරගෙන එහෙට මෙහෙට හේත්තු වෙවි සදහටම බලයේ ඉන්ඩ හදපු එකනේ කෙරුවේ.රටේ උද්ගතවූ තත්වය ඉබේ පහළ උනේ නැහැ.හිටපු දූෂිත දේසපාලුවෝ කෙරුවේ මත් ද්‍රව්‍ය ව්‍යාපාරය කරගෙන යන්ඩ ඉඩ හැරපු එක..මීගමුවේ කුඩු ලන්සා,කුඩු ජොනී කුඩු අගමැති ,කුඩු මර්වින් රජකරපු හැටි,කුඩු ජාවාරම් කාරයන්ගේ පිහිටෙන් ගොඩගිය බඩවඩා ගත්තු දූෂිත දේසපාලුවෝ ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා.යහපාලනේ,දර්මිෂ්ඨ සමාජයක්,තාරුණ්‍යයට හෙටක්,ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය කරනවයි කියපු හිටපු දූෂිත දේසපාලුවෝ කුඩ්ඩන්ගෙන් රටටම ආසියවේ ආස්චර්ය නම් පෙන්වලා තියෙනවා..
ඔලු තියෙන අය කරල අපිට කෙ__වලම ගියානේ. පුම්බගෙන හිටියට ඒ ඔලුවල අඩුගානේ මැටිවත් තිබිල නෑ.
අවුරුදු 76ක් රට පාලනය කරලත් අඩුම ගානේ බන්ධනාගාරටික වත් හදාගන්න බැරි උනා,,ඒ උනාට පරම්පරා ගාණකට හොරකම් කරල දැන් ඒ සල්ලි වලින් ආණ්ඩුව පෙරලීමට වලිකනව
තමුන්ටත් ඔලුව තිබුනට මොලේ නැතිබව පේනවා..ජනතාවාදි ඒකාබද්ධ විපක්ෂයක් වෙන්නේ කොහොම ද ඉන්න තරමක් වැඩිපුර ඉන්නේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරපු අයනේ? ලැජ්ජයි .
අවුරුදු 60 ට ඕහෙලා කිසි දෙයක් නොකර අවුරුදු දෙක තුල සියල්ල සම්පුර්ණ කරන්න බෑ,,මේ යුගයේ ජනතාව මූලා කිරීම ලේසි නෑ.