(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ 07 බාන්ස් පෙදෛසේ රුපියල් කෝටි ගණනක් වටිනා දෙමහල් නිවෙසක් සහිත ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කෝලහල කළ දෙපිරිසක 26 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමටගොඩ, කිරුළපොන සහ සෙවනගල ආදි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 - 56 අතර වයසේ පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.
බාන්ස් පෙදෙසේ වෙඩි තැබීමක් සිදු වූ බවට කුරුඳුවත්ත පොලිසිය ලද තොරතුරක් අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහි සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ බව පොලිසිය අවබෝධ වීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම ගැටුම පාලනය කිරීමට පියවර ගෙන ඇත.
එම ගැටුමට හේතුව දෙමල් නිවසක් සහිත අක්කර භාගයක පමණ ඉඩමක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල ඉඩමට දෙපිරිසකට කිසිම හිමිකාරිත්වයක් නොමැති මෙම දෙපිරිස එය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ගත් උත්සාහයෙද් මෙම ගැටුම ඇතිව තිබේ.
හිමිකාරිත්වය පෙන්වා එය අත්පත්කර ගන්නැයි පොලිසිය දෙපිරසටම දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළහතා හිටියා නම් ඔහොම වෙයිද? මෙළහකටත් අල්ලාගෙන...