(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
බනිස් කෑල්ලක් පිට උතුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් අද ( 6 දා ) උදේ මිය ගිය බව හලාවත පොලිසිය කියයි.
ඇගේ මව විසින් දැරියට බනිස් ගෙඩියක් කෑළි වලට කඩා කවමින් සිටිය දි ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කර ප්‍රාථමික සත්කාර ඒකකයෙහි රඳවා ප්‍රතිකාර ලබා දෙන අතරේ මියගොස් තිබුණි.
මෙසේ මියගොස් තිබෙන්නේ හලාවත මැල්පුර විසු ලංකා හළුගේ අමෙලියා විතාරා ප්‍රනාන්දු ( 3 ) නමැති දැරියයි
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.

මේ ඡායාරූපයේ සිටින්නේ විතාරා දියණියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැළැක්විය හැකිව තිබු මරණයක්.. දරුවාගේ හිස පහතට වෙන සේ හරවා උරහිස් අස්ථි දෙක මැදට වන සේ සාමාන්‍ය පීඩනයක් ඇති වෙන විදිහට පහර පහක් ගසා (ඉංග්‍රීසියෙන් බැක් බ්ලෝස්) සිරවුණා දේ පිටතට ගත හැකියි.. නොහැකි නම් රෝහලට යන තුරු දරුවාට කෘතීම ස්වසනය සහ හෘද පීඩනය දිය යුතුයි. මේවා අපේ රටේ මිනිස්සුන්ට දිය යුතු සෞඛ්‍ය උපදෙස්, විශේෂයෙන් කුඩා දරුවන් සිටින දෙමව්පියන්ට... පුංචි දුවේ ඔබට නිවන් සුව... !!!
මේක රටේ මාතෘ අධ්‍යාපනයේ අඩුව නිසා සිදුවුණු දෙයක්. වෙන එකක් තබා මාධ්‍ය ආයතන පවා මෙයට වගකිව යුතුයි. කෙල්ලෝ කොල්ලන්ගේ ලව් ඉලව් පෙන්වන රුපවාහිනී මෙවැනි අධ්‍යාපනික වැඩ සටහන් වලට එක පැය භාගයක්වත් වෙන්කරනවා නම්....
මෙහෙ තියෙන හැම රුපවාහිනී නාලිකාවයි, හැම රේඩියෝ චැනල් එකෙයි පෙන්නන්නෙ විකාර... ටෙලි ඩ්‍රාමා විතරයි. ඉඳල හිටලා පත්තරයක පොඩියට ඕවා ගැන දානවා. ඔය මගුල් නවත්තලා මිනිස්සුන්ට හදිසි අනතුරකදි කරන්න ඕනෙ දේවල් ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මිනිහෙක් ලංකාවෙ නෑ. ඒ වගේම රක්ෂණය කියන දේ ගැන මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න කෙනෙක් ලංකාවෙ නෑ. මනුස්සයා මැරුණාම ගෑනි සහ ළමයි පාරට වැටෙන රටක රක්ෂණය කියන දේ කොච්චර වටිනවද? බොන්න වියදම් කරන මුදල ගෙව්වම ඈති ඒකට. දෙමාපියන්ගේ නොදැනුවත්කමට ජීවිතේ නෑති වුණ පොඩි බබාට නිවන් සැප.... ආයිමත් මේ වගේ දුකක් ලැබෙන්න එපා.
මේ වගේ හදිසි අනතුරුවලදි ප්‍රතිකාර කළ යුතු ආකාරය මාතෘ සායනවලදී තමයි උගන්වන්න ඕනේ. පත්තරවල දැම්මට දෙමව්පියෝ ඕවා කියවන්නෙත් නැහැ. ලංකාවේ හදිසි අනතුරුවලින් ආපදාවලට ලක්වන අය ප්‍රථමාධාර නොදන්නා කම නිසා බොහෝවෙලාවට හානි වැඩිකර ගන්නවා. විශේෂයෙන් වාහන අනතුරුවලදි උදව්වට එන්නේ අහල පහල අය... ඒ අය මනුස්සකමට උදව්වට ආවාට මේ වගේ අවස්ථාවල ක්‍රියාත්මක විය යුතු ආකාරය දන්නේ නැහැ. ලෙඩාව කකුල් දෙකෙන් ඇදල සමහරවෙලාවට එලියට ගන්නේ. කකුල පුපුරලා තිබුනොත් කකුල කැඩිලතමයි නතර වෙන්නේ. රටක් වශයෙන් අපිට හදිිසි අනතුරවලදි ක්‍රියාත්මක විය හැකි පුහුණු බලකායක් අවශ්‍යයි. පාසල් මට්ටමින් පොලිස් කොට්ටාස මට්ටමින් ක්‍රියාත්මක විය හැකිය.