(මනෝප‍්‍රිය ගුණසේකර)
මිනී මැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට ජිවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
නඩු විභාගය අතුරතුරදී අධිකරණය මඟහැර පළාගොස් සැඟවී සිටින විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ විනිසුරුවරයා ඒ සදහා විවෘත වරෙන්තු නිකුත් කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සදහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඩුවම් නියම කරන බව විත්තිකරුට දඩුවම් නියම කරමින් විනිසුරවරයා සදහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ පී.එම්. නිමේෂ සුජිත් පෙරේරා නමැත්තාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd