අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කරන ප්‍රභූවරුන් සමඟ සබඳතා පවත්වන බව කියන වෛද්‍යවරයකු ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ තමාට වාර්තානක් ලැබුණු බවත්, පරීක්ෂණයෙන් පසු පියවරක් ගන්නා බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
‘බන්ධනාගාර රෝහල අයිති බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. ඊට වෛද්‍යවරුන් ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. එහි සිටි වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත වන ප්‍රභූන් සමග සබඳතා පවත්වනවා. එම ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා. මේ ගැන මට වාර්තාවක් ලැබී තිබෙනවා. පරීක්ෂණයකින් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වෛද්‍ය නිලධාරීන් දැන්වත් දැඟලීම නැවැත්තුවොත් හොඳයි! (නි)
ප්‍රීති, ඔබගේ අදහස ඉතාම කාලෝචිත කාරණාවක්. සමස්තයක් හැටියට ගත්තොත් අපේ රටේ දොස්තරලා ගැන ඇත්තේ දැඩි කළකිරීමක්. බොහෝ දොස්තරලා සල්ලි නැතුව ලෙඩාගේ මුහුණවත් බලන්නේ නැහැ. (නි)
ඕවා ඔක්කොම අර දොස්තර මාෆියාවේ වැඩ. මොවුන්ව පාලනය කරන්න ඕනෑ (නි)
සමහරුන්ට දොස්තරලව පෙනෙන්න බැහැ .ඒ වුණාට ලෙඩක් දුකක් වුණාම වෙන කොහේ යන්නද (නි)
අනේ වැඩක් බලාගනින් හැම රෙද්දටම අත දාන්නේ නැතුව. තමාගේ අමාත්‍යාංශය බල්ලට ගිහින්. (බ)
අනේ යන්න මහත්තයෝ ...ඔයාට දැන්ද වාර්තාව ලැබුනේ ..කාගෙන්ද ..?හිරකාරයෙකුගෙන්ද ? නිකම් එක ගන්න හදන්න එපා ...මේ අපේ ලංකාදීපේ වාර්තා නොකරන්න . මේ... ලංකාවේ පළාත්ගණනවත් ? දිස්‌ත්‍රික් ගාණවත් මැති ඇමතිලා නොදනී ..? මේ අසාධාරණ වැඩ වලට හවුල් එකෙකුටවත් දඩුවම් නොකළ අතර ..නාස්ති කළ මහජන මුදල් සම්බාරයට ..මේ මිනිසුන්ගේ සේරගේම වැඩ තහනම් කළ යුතුයි ..? (බ)
මේකට දෙමල හරි මුස්ලිම් හරි වෛද්‍යවරයෙක් දැම්ම නම් හරි අපේ උන් කවදාවත් විශ්වාස කරන බැරී ජාතියක්..මේ දොස්තරයත් උපරිම දඩුවම් දිය යුතුයි (බ)
ෂුවර් එකට දත් දොස්තර කෙනෙක් වෙන්න ඇති, දත් දොස්තරයෙකුට පුලුවන්ද එම්බීබීඑස් දොස්තර කෙනකුට පාට් එක දාන්න. නිකන් ඉල්ලන් කන්නේ නැතුව හිටියනම් හොද නැද්ද. අනාගතේ (වැඩිකල් නොගොස් ) මේ අයටත් ඔතනට තාවකාලිකව නෙමෙයි සදා කාලිකවම ඉන්න එන්න තියන තැන. හොදින් ආරක්ෂා කරගෙන හිර ගෙදර රෝහල සිංගප්පුරු රෝහල වගේ..(බ)
පුදුම වැඩේ කියන්නේ ඔය කියන එව්වා මෙච්චර ඉක්මනට හොයා ගත්ත එකයි.සම්මානයක් දෙන්න වටිනවා අම්මප.! (බ)
දත් දොස්තරයා මේ පාර නම් ඇදගෙනම නාගන්න වගෙයි හදන්නේ.අමාත්‍යාංශය බල්ලට ගිහිල්ල (බ)
මේවා වැරදි වැඩ.. නීතිය ක්‍රියාත්මක විය යුතුයි (ර)
අනේ අම්මෝ, මේවා සිද්ධ වුනේ කොයි කලේ ඉදලද, දැන් වාර්තාව එනකල් ඉන්නවලු. (හේ)
බන්ධනාගාරේ ගැරඬි විතරක් නෙමේ,මෙතන ඉන්න ගැරඬින්ටත් භූමිතෙල් ගෑවිලා වගෙයි? අධෝ මුඛයටත් වඩා මුඛය අපවිත්‍ර එවුන්ට ඇත්ත ඇලජික් බව අපි කවුරුත් දන්නවා. එහෙම එවුන්ගේ කට සුද්ද කරන්න, දත් දොස්තරලා වෙනුවට, වැසිකිලි සෝදකයින් අවශ්‍ය කරන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔය බන්ධනාගාර වෛද්‍ය හොරුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. (බ)
හිරේ ගිය අය ප්‍රභූවරුන් වෙන්නේ කොහොමද? (හේ)
අනේ පව් මෙතුමා මේවා දන්නේ අදලුනේ.....(හේ)
අනේ මෙයාලා දැන් මොකුත්ම දන්නෙ නැහැනේ! (නි)
පත්තරෙන් කියවලාද, ඔත්තුවක් ලැබිලද, රාජිත මහත්තයා දැඩි දඬුවම් දීම සඳහා පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙන්නේ? මේ යහපාලන රජය කරපු එකම පරික්ෂණයකින්වත්, තවම කවුරුන් හෝ වැරදිකරු වෙලා, එයා කියන විදියේ දැඩි දඬුවම් වලට යටත්වෙලා තිබේද? (නි)
ඔය කටින් මොනවද කියන්න බැරි? (නි)
දොස්තරගෙ නමයි, පැටිකිරියයි අපි නම් දැනගත්තා (නි)
ඉස්සර අපේ රටේ වෛද්‍යවරු කියන්නේ මිහිපිට ඉන්න දෙවිගොල්ලෝ වගේ පිරිසක්. පිටරටවල නම් අදටත් එහෙම තමයි. නමුත් අපේ රටේ ජනතාවගේ අවාසනාවට, අද අපේ රටේ ඉන්නේ දොස්තර මාෆියාකාරයෝ ටිකක්. සල්ලි දෙනවා නම් ඔය මිනිස්සු නොකරන දෙයක් නැහැ. කාට තිත්ත වුණත් ඇත්ත ඒක තමයි. එහෙම ඇත්ත තිත්ත කට්ටිය තමයි මෙතනත් අදහස් දමලා තියෙන්නේ. (නි)
එතකොට අර බන්ධනාගාරගත වෙලා හිටපු සමහරු හිටියේ ලක්ෂරි වාට්ටුවල? ඇපදීලා විනාඩි පහෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා. (නි)
කාලෙකින් නියම අදහස් ටිකක් කියෙව්වා. ස්තුතියි ලංකාදීප! (නි)
අපි නම් මේවා ඒ කාලේ ඉඳලම දන්නවා (නි)