
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාරවල වහළවල් මත නැගී රජයේ දේපළවලට හානි කරමින් විවිධ ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ දරන සහ උද්ඝෝෂණය කරන රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර නීතිය අනුව කටයුතු කරන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට තමා උපදෙස් දුන් බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය .
මේ අතර වැලිකඩ සහ මහර බන්ධනාගාරවල වහළවල් මත නැගී උද්ඝෝෂණ කළ රැඳවියන් රාජ්‍ය ඇමති වරයාගේ ඉල්ලීමක් අනුව එම වහළවල් වලින් බැස උද්ඝෝෂණ ක්‍රියා මාර්ගය අතහැර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වලින් පැවසේ.
එලෙස නොහික්මුණු ලෙස කටයුතු කරන කිසිම රැඳවියෙකුට කිසිම සමාවක් හෝ සහනයක් තමාගෙන් නොලැබෙන බවත් පසුගිය කාලයේදී එලෙස නොහික්මුණු ලෙස හැසිරුණු සිරකරුවන්ගේ නාම ලේඛනයක් තමා දැනටමත් ලබාගෙන ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වහළවල්මත නැගී උද්ඝෝෂණ කරන සිරකරුවන්ට ජනපති පොදු සමාව යටතේ කිසිසේත්ම සමාවක් හෝ සහනයක් නොලැබෙන බවද ඔහු කීය.
විවිධ ඉල්ලීම් දිනා ගැනීමට වහළවල් මත නැගීම නිසා බන්ධනාගාරවල දේපළවලට හානි සිදුවී ඇති බව පැවසූ රත්වත්තේ මහතා සිරකරුවන්ට යම් ප්‍රශ්නයක් තිබේ නම් ඒවා බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම්දී විසඳා ගත හැකි බවද පැවසුවේය.
සිරකරුවන් යම් යම් ප්‍රශ්න දැනුම් දෙන අවස්ථාවේදී ඒවා විසඳා දීමට විශේෂ ප්‍රමුඛත්වයක් දක්වා මැදිහත් වන්නැයි බන්ධනාගාර ප්‍රධානීන්ට තමා උපදෙස් දී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉන්න ඕන මිනිස්සුන්ට හිර ගෙයක් පාලනය කරන්න දීපු ලෝකයේ පළමු රට වෙන්න ඕනෑ මේක..!!!
හැමෝටම මාධ්‍ය ආයතනයක් හිමි සහෝදරයෝ නැහැ..!!! ඇත්ත කතාව ඒකයි...
ඇයි වහලට නැග්ගොත් වෙඩි තියන්නද...? අක්කා ලොක්කි කාලේ නම්, ඒ විදේශිකයාට වෙඩි තිබ්බා. ඒ මිනීමරුවා දැන් දියවන්නාවේ. මාර රටක් මේ සිරි ලංකාව. ඡන්දෙ දුන්නු බල්ලන්ට තලන්න ඕනෑ ඉස්සෙල්ලාම...
අර දහ දෙනෙක්ව වෑන් එකක් ඇතුලේ ඝාතනය වූ සිද්ධියට මොකද වුණේ?
මේ සිරි ලංකාවේ නැතිව මේ ලෝකයේ වෙනත් රටක ඔබ සිටියානම්...!!! තවමත් ඔබ බන්ධනාගාරය ඇතුළේ ඉන්නේ. සිතට එකඟව සිහිපත් කරන්න පහුගිය වකවානුවේ ඔබ කරපු දේවල් ගැන...