(ඉන්දිකා රාමනායක)

බන්ධනාගාරය තුළ සිදු කරන මත් කුඩු වැටලීම් නවත්වන ලෙසට තර්ජනය කරමින් බන්ධනාගාර නියාමකවරයකු ගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදී ගිනි අවි පෙන්වා ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු තලංගම පැලවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී  අත්අඩංගුවට පත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර අම්පිටිය පදිංචි (34) හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් මැයි මස 12 දින මෙම සැකකරු ඇතුළු කණ්ඩායමක්. ඉහත බන්ධනාගාර නියාමකවරයා ගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදී ඔහුට පහර දී, බන්ධනාගාරය තුළ සිදු කරන වැටලීම් වහා නතර කරන ලෙසට තර්ජනය කර ඇත.