2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටු වාර්ථාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාර දුන්හ.
එම පරීක්ෂණ වාර්ථාව මඟින් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබා දීම නිර්දේශ කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක මහතා හා විශ‍්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්. කේ. ලියනගේ මහතා කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය කියයි.
මියගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබාදීම නිර්දේශ කර ඇත්තේ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ගැටුම් ඇති නොකළ, තුවාල ලැබූ හෝ මිය ගිය රැඳවියන් සඳහා පමණක් ය.
මේ සිද්ධිය නිසා අයුක්ති සහග ලෙස දඩුවම් පමුණුවා ඇති රැඳවියන්ට සහන සැලසීම පිණිස එම අයුක්ති සහගත දණ්ඩන නියමයන් සමාලෝචනයට භාජනය කළ යුතු බව මෙම තී‍්‍රපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.
පරීක්ෂණ වාර්ථාව පෙන්වා දෙන ආකාරයට ඇතැම් පොලිස් නිලධාරීන්ට චෝදනා පත‍්‍ර භාරදීමේදී යුක්ති සහගත හා සාධාරණත්වය පිළිබඳ අවධානයක් යොමු කල යුතු බව පෙන්වා දෙන කමිටුව, පොලිස් නිළධාරීන්ට අයුක්ති සහගත ලෙස දඩුවම් පමුණුවා ඇති බව ද කොමිසමේ අදහස වී තිබේ.
ත්‍රිපුද්ගල කමිටුව රැඳවියන්ට ලඟා විය නොහැකි ස්ථානවල අවි ගබඩා ස්ථාපිත කිරීම, බන්ධනාගාර කාර්ය මණ්ඩලයට යෝග්‍ය අවි ආයුධ සැපයීම, වැඩි දියුණු කරන ලද බන්ධනාගාර ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දීම, අධිකරණ වෛද්‍ය විද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා දියුණු වැඩපිළිවෙලක් හඳුන්වා දීම, බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණය අඩු ජනාකීර්ණ ප‍්‍රදේශවල ස්ථාපිත කිරීම, රජයේ රසපරීක්ෂණ දෙපාර්තුමේන්තුව දියුණු කිරීම ආදී නිර්දේශයන් ගණනාවක් මෙම තී‍්‍රපුද්ගල කමිටුව විසින් පෙන්වා දී ඇති අතර එම නිර්දේශයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අවශ්‍ය පියවර ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. සිරකරුවන්ද මනුෂ්‍යයෝය (නි)
කිසිම අහිංසකයෙක් හෝ ගැටුම් වලට සම්බන්ධ නොවූවෙක් මේ සිදුවීමේදී මිය ගියේ නැහැ. (ර)
එතකොට මේ අය අතින් උන වැරදි ? (ර)
කිසිම අහිංසකයෙක් හෝ ගැටුම් වලට සම්බන්ධ නොවූවෙක් මේ සිදුවීමේදී මියගියේ නැතිබවයි මගේ හැඟීම. (නි)
සිරකරුවෝද මනුෂ්‍යයෝය! (නි)
මට නම් පෙනෙන්නේ බන්ධනාගාර ගැටුමෙන් පසු රටේ තිබු තර්ජන ගර්ජන හා එකිනෙකාට දිගුවූ චෝදනා කිසිවක් මීට ඇතුළත් නැතිබවයි. (නි)
නරකද විජේතුංග මහත්තය ඔය හිරේ ඉදල එන කාත් කවුරුවත් නැති අයි ආර් සි කාරයෙක් ගෙදර ගෙනිහින් දරු කමට හදා ගත්තනම්.(අ)
ඇයි දැන් මේ පරණ දේවල් ගැන හාරා අවුස්සන්නේ? (නි)
මටත් මතකයි මේ සිද්ධිය... (නි)
සිරකරුවොත් මනුස්සයෝ තමයි .නමුත් එකිනෙකාගේ ක්‍රියාකලාප හේතුවෙන් තමයි මේ මනුස්සයාගේ අමනුස්සකම් ඉස්මතුවෙන්නේ. (බ)