ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ළඟාවූ අවස්ථාවේදී අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.
ගම්මන්පිල හා ගුණවර්ධන මන්ත්‍රීවරු ජිනීවා නුවරට පැමිණියේ තනි තනිවමය. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද එහි ගිය අතර ඔහු ගියේ තවත් යානයකිනි. ඒ අනුව මන්ත්‍රීවරුන් තිදෙනා ගුවන් යානා තුනකින් ජීනීවා නුවරට ගොස් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට සංදේශයක් බාර දුන්හ. ඒ තමනට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා රජයෙන් සිදුවෙතැයි කියන අසාධාරණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුම්වත් කිරීම සඳහාය.
උදය ගම්මන්පිල මහතා පළමුවෙන්ම ජිනීවා නුවරට ළඟාවූ අතර එහිදී සිය ගමන් මල්ල නැතිවී ඇතැයි ඔහුට දැනගන්නට ලැබී ඇත. නිශ්චිතවම එය ගමනාරම්භයේදී ගුවන්යානයට දමා නැති බව කියති. ඔහු ඒ සම්බන්ධයෙන් ජිනීවා ගුවන්තොටුපළට දැනුම් දුන්නේය.
ඒත් සමගම මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ජිනීවා නුවරට ගොඩබැස්සේය. ඔහු පුදුමයෙන් ගම්මන්පිල ළඟට ගොස් තමාගේ ද ගමන් මල්ල නැතිවූ බව දන්වා සිටියේය.
ඒ සමගම ගම්මන්පිල ඔහුට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ගමන් මලු නැතිවූවන්ගේ සමාජයට ඔහුවද සාදරයෙන් පිළිගන්නා බවයි.
බන්දුල ගුණවර්ධන සිය අත් බෑගයේ අවශ්‍ය තරම් ඇඳුම් දමාගෙන පැමිණ සිටි නමුත් ගම්මන්පිලගේ සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔහුගේ නැතිවූ ගමන් මල්ලේ දමා තිබී ඇත. ඒ හේතුවෙන් ඔහුට දත් බුරුසුවේ සිට සියලු දෑ මිලට ගැනීමට සිදුව ඇත.
කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ සංදේශය අන්තර් පාර්ලිමේන්තු සංගම් ප්‍රධාන කාර්යාලයට බාරදෙනු ලැබු අතර එම සංදේශය ගම්මන්පිලගේ පරිගණක බෑගයේ තිබීම හේතුවෙන් ඔවුන් මුහුණ පෑමට ගිය උභතෝකෝටික ප්‍රශ්නයකින් ගැලවීමට හැකිවී ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට එනකොට මේ තුන්දෙනා කලිසමත් නැතුව ඒවිද ? (අ)
අපේ රට කවදාවත් දියුණුවක් නැත්තේ ඒකයි. මේක දැන් අන්තර්ජාතික කුමන්ත්‍රණ නෙමේද (බ)
ඇඳුම් නම් නැතිවුණත් ප්‍රශ්නයක් නැහැ. කොහොමටත් අපේ දේශපාලඥයෝ ඇඳුම් ඇන්දත් නැතුවා වගෙයිනේ (නි)
අප්‍රේල් 1 දින ජෝක් එකක් නේද? කට්ටියම ඇදගෙන වගේ (බ)
අනිල්, ඔයා හරි. මේ අදහස් දාපු සමහර අය යන්නේ කොහෙද මල්ලේ පොල්. (නි)
මේක අපේ කට්ටියට අප්‍රේල් පළවැනිදා වෙනුවෙන් දීපු ලනුවක්ලු..(ම)
අනේ මෙයාලා රෙදි ඇඳගෙනද දන්නේ නැහැ ගියේ? මේගොල්ලෝ බලයේ ඉන්න කාලේ කියපුවට ජිනීවා අයට හිනා ඇති (නි)
මුන් තුන්දෙනා ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ (නි)
බොරු සෝබන වැඩනෙ, බලය ලබාගන්න කරන වැඩ. එකපාරක් රු 100 ක් එකතු කෙරුවා. (බ)
කවුද ගන්න ඇත්තේ.(හේ)
දැන් ඉතින් රෙදි ගන්නත් වියදම් කරන්න වෙන්නේ දුප්පත් අපිටමයි,(බ)
කිසිම වගකීමක් නැති පාටයි. ඔහොම කල්පනාවක් නැතුව කොහොමද? (ම)
ඉමේෂ්, එ්ක නම් ඇත්ත. හැබැයි, මේ තුන්දෙනා නැතිවුනාට වඩා පාඩු ඇති ගමන් මලු තුන නැතිවුනොත්. ඒවායේ මොනවා හරි වටිනාකමක් ඇතිනේ! (බ)
මෙගොල්ලට බලය තිබෙන කලේ වේදිකාවක නැග්ගොත් කලේ පලු යනකම් ජිනිව වලට බනින එක , දැන් තමා ජිනීවා වන්දනා මාන කරන්න යන්නේ (හේ)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්....(බ)
අර පොල් ගැසූ සිද්ධියේ ප්‍රතිඵල එළව එළවා පළදෙනවා වගේ (නි)
තමන්ගේ ගමන් මලු රැකගන්න බැරි මිනිස්සු කොහොමද තමන්ගේ රටේ මිනිස්සු රකින්නේ? (නි)
යහපාලනයේ අය ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. සුබ අනාගතේ කට්ටිය වගේමයි, වෙනසක් පේන්න නැහැ. පහත් වැඩ පහත් යැයි පිළිගන්නා සමාජයක් බිහිවන්නේ කවදාද? (නි)
ජිනිවා ගැන කලින් කියපුව මතක නැතුව වගේ මේගොල්ලන්ගේ බැග් ටිකත් ලැගපු තැනක අමතක වෙන්න ඇති. (බ)
ආශ්චර්ය අාපසු ඇවිල්ලා! (නි)
ඔය හේතුවම ඇති ඉතින් සරණාගත වීසා ඉල්ලන්න (නි)
මේ බෑග් නැතිවීම ගැන සන්තෝෂයෙන් අදහස් ලියන පුද්ගලයින්ට හැඟීමක් නැහැ මේක වැරදි වැඩක් කියලා. මිට කලිනුත් ආණ්ඩු වලට විරුද්ධ මන්ත්‍රීලා රට ගියා, මෙහෙම පහත් වැඩ කරලා නැහැ. මෙය නරක පූර්වාදර්ශයක් (නි)
පොල් ගෙනියන්න අමතක වෙලාද? දෙවියන්ට පොල් ගැසීමෙන් පස්සේ ගොඩක් අයගේ මුදල් පසුම්බි, බෑග් නැතිවෙනවා. (නි)
මේක නම් කවුරුහරි හිතලම කරපු වැඩක් වගේ මට නම් පෙනෙන්නේ (නි)
මේ තුන්දෙනා ආපසු එන ගමනේදී තව මොනවා නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
නියම තුන්කට්ටුව! යන යන තැන මොකක්හරි ප්‍රශ්නයක්.... (නි)
ඔයාලා හිතන්නේ මේක කුමන්ත්‍රණයක් කියලාද? මෙදා පාර මම ලංකාවෙන් එනකොටත් මේ පාර බෑග් දෙකම නැහැ (බ)
මේක නම් උවමනාවෙන්ම කවුරුහරි කරපු වැඩක්. (නි)
ඔය තුන් දෙනා එකට ඉන්න. නැත්නම් ඔය තුන්දෙනත් නැතිවෙයි. පුදුමයි අර “හෑන්ඩ් ෆෝන්“ මන්ත්‍රී ගියේ නැති එක. නැත්නම් ඕකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයි. (නි)