රටේ සියලූම භාණ්ඩ හා සේවා මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් හා විශේෂ බැංකු සේවා සැපයීමට (නැෂනල් පේමන්ට් ෆ්ලැට්ෆෝර්ම්) අයවැයේ දී දුන් අනුමැතිය අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සමක් ගොනු කළේය.
මේ යෝජනාව නිසා මූල්‍ය පාලනයේ දී ශ්‍රී මහ බැංකුවට සහ පාර්ලිමේන්තුවට හිමි බලතල කප්පාදුවට ලක් කිරීමක් වන බැවින් ඒ සඳහා අවසර දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලශූන්‍ය කිරීමට නියෝග කරන්නැයිද ඔහු ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කුඩා නිෂ්පාදන අන්තර්ජාලය හරහා සෘජුවම ලෝකයට විකිණීමට තිබෙන අවස්ථාව මෙතුමා ලංකාවේ ජනතාවට අහිමිකරන්නද හදන්නේ (නි)
මේ කියන ඊබේ සහ ඇමසෝන් වලින් මමත් ගනුදෙනු කරනවා. අන්තර්ජාල ගනුදෙනු ක්‍රමය මගේ දැනුමේ හටියට නම් ඒ හැටි වරදක් නැහැ. නමුත් කාටත් අමතක නැතුව ඇති මේ බජට් එකෙන් ඊබේ සහ ඇමසොන් වලින් මිලදී ගන්නා භාණ්ඩ වලට බද්දක් පැනවු බව. මේ හදන්නේ අන්තර්ජාල ගනුදෙනු වලින් වැඩි බදු ආදායමක් ගන්න ක්‍රමයක් පාදාගන්නයි. (නි)
රුපියල් 2500 ට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියපු පුද්ගලයෝ කොහොමද නවීන තාක්ෂණයට කැමති වෙන්නේ (නි)
ඔන්ලයින් ගෙවීම් හා මේ දේ අතර වෙනස වෙනසක් තියනවා. ඇමසෝන් හා ඊබේ ගනුදෙනු වෙන විදිය ගැන නෙමෙයි මේ කියන්නේ. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මෙතුමා කියන කතාව ඇත්ත. සමහරු ආර්ථික කටයුතු පිළිබඳව කිසිම දෙයක් නොදැන මෙතන අදහස් දැක්වීම සුදුසු නැත. (නි)
මෙයාලට ඉතින් කරන්න වැඩකුත් තියෙන්න එපායැ (නි)
ඔය කියන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මෙයා විරුද්ධවෙන්නෙ ඇයි?? (නි)
දැනටමත් භාණ්ඩ හා සේවා මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් හා විශේෂ බැංකු සේවා සිදුවනවා නේද? උදා :- ඊ-බේ සහ ඇමසෝන් (නි)
මෙතුමට බනින්න ඕනමනම් බනින්න.හැබැයි මෙතුම කියන දේ දන්න අයනම් බනින්න ඕනකම තිබුනත් මේ වෙලාවෙ නිහඬව ඉන්නවා.(හේ)
නලින්, මෙතුමා කියන කතාව සහ ආර්ථික කටුයුතු දැනීම තිබෙන නිසා වෙන්න ඇති රුපියල් 2500/- ඇති කිවුවේ (නි)
මේ අයගේ කයිවාරු ගණන්ගන්න එපා මහත්වරුනි. (නි)
ඔබතුමාලට ඉතින් යල්පැන ගිය ක්‍රම වලින් එළියට එන්න අමාරු බව අපි දන්නවා. කරුණාකරලා මේ රටේ මිනිසුන්ට කෙළින්ම ලෝකෙට යමක් විකුණලා කීයක්හරි හොයා ගන්න ඉඩ දෙන්නකෝ. (නි)
මෙතුමා තවමත් ජීවත්වෙන්නේ අතීතයේ බවයි පෙනෙන්නේ. අහෝ බන්දුල - නොදිටි මොක්පුර! (නි)