ශ්රී ලංකාවේ සිට සෞදිඅරාබි රැකියාව සඳහා යන ශ‍්‍රමිකයෙකු මගින් ඉතා සූක්ෂම ලෙස හෙරොයින් කඩු ග‍්‍රෑම් 37 ක් යැවීමට උත්සාහා කළැයි කියන තිදෙනෙක් අංකුඹුර පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
සෞදි අරාබියේ රැකියාවක් සඳහා යන අංකුඹුර ගල්හින්න බටගොල්ලාදෙණියේ පදිංචි පුද්ගලයෙකු එරට සිටින පුද්ගලයෙකුට යැවීම සඳහා භාරදුන් බූන්දි පාර්සලයක හොරොයින් තොගය අසුරා තිබූ බව පොලීසිය කියයි. මෙහි හෙරොයින්වලට අමතරව මත් බෙහෙත් විශේෂයක් තිබු බව ද පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට ලංකාවේදීම අහුවුනේ. (නදී)
අපොයි ගෙනිච්ච නම් තමා වැඩේ. අනිවාර්යයෙන්ම මරණ දඬුවම! අම්ම තාත්ත දුන්නත් විවුර්ත කරලා බලල ගෙනයන්න. සුළු හෝ සැකයක් ඇති කෙනෙක් දුන්නොත් කඩල බලල උනත් ගෙනියන්න එපා. අලුව අග්ගල තල ගුලි කැවුම් වැනි රස කැවිලි ඇතුලට දාලත් හදන්න පුළුවන්. (දී)
ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක්. ලංකාවේ දී මෙය පරීක්ෂා කර අත් අඩංගුවට ගත් නිලධාරීන්ට මොහු ස්තුති කල යුතුය. විදේශ ගතවන සියලු දෙනාට මෙය හොඳ උදාහරණයක්. අහිංසකයින්ව බිල්ලට යවා කෙටි කාලයකින් සමහරු ගොඩ වෙන්න උත්සාහ කරති. අවසානයේ අපේ ජීවිත සාපරදේ පූජා කිරීමට සිදු වේවි. මේවා නම් සාහසික ක්‍රියාවන්. අහිංසක මිනිසුන්ගේ ජීවිත අවදානමට ලක් කෙරෙන මෙවැනි අයට දැඩි දඬුවම් දිය යුතුය. ටෙනිසන් කීව වගේ මෙම පාර්සලය සමඟ ඔවුන්ව සෞදිය අරාබියාවට යවන්න ඕනේ. (නදී)
යාලුවෙකුගේ පමණක් නොව පවුලේ කෙනෙකු දුන්නත් , තමන් රැගෙන යන්නේ කුමක්ද යනු තමා විසින් දැක බලා රැගෙන යා යුතුය . එසේ නොවේ නම් කාගේ උවත් නොගෙන සිටීම තමන්ගේ ආරක්ෂාවට යහපත් (නදී)
මෙයාට ගෙනියන්න ඉඩදෙන්නයි තිබුනේ. සෞදි අරාබියේදී වුණා නම් කාට කාටත් බලාගන්න තිබුනා (නි)
මම නම් අම්ම තාත්ත දුන්නත් පාර්සල් නම් බාරගන්නේ නැහැ.(නදී)
ලංකාවේදී අහු උන එක හොඳ .... සෞදි වලදී අහු උනානම් (දී)
ඇත්තටම ලංකාවේ සතුටුදායක පුවත් එකක්වත් නැතිද ? (දී)
කොහොමද වැඩේ (දී)
තව දුරටත් ජීවත් වෙන්න වාසනාව තිබෙනවා,පාර්සලය ගෙනියන්න හැදුවේ නොදැනුවත්වනම් පොලීසියට හොද දානයක් දුන්නට කමක් නැහැ හැකියාවක් තිබේනම් දුන්න කෙනාව ඔය පාර්සලයත් සමග සෞදියට අරින්න (දී)
අය්යෝ කරගත්ත හරියක්. දැන් අදුනුම් කමට උනත් කාටහරි දෙන්න කියල බාරගන්න පාර්සලයක් බාරගන්නත් බයයි (දී)
තව කාව හරි අහු කරන්න මේවගේ ජරා වැඩ කරනවාද (දී)
පාරේ යන්නත් බයයි මේ තත්වය උද (දී)
මොනතරම් කැත වැඩක්ද?? බැරි වෙලාහරි අර මනුස්සය ඕක සෞදියට අරගෙන එනකොට ඒ රටේදී අහු උනානම් අරගෙන ආපු මනුස්සයව කිසිම ගැටලුවකින් තොරවම හිස ගසා මරන්න ඒ රටේ නීතියට අනුව පුළුවන්. (දී)