(ආරියරත්න රණබාහු)
කල් තැබීමේ යෝජනාවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද (6) විනාඩි 55කට සීමාවිය.
ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට ලැබී තිබූ කාලය විනාඩි 39ක් බවත් එය ප්‍රමාණවත් නොවන බවත් කියමින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග බේරා ගත යුතු දෙයක් බව කථානායකවරයා ඔහුට දැන්වීය.
නමුත් ඒකාබද්ධ විපක්ෂයේ බාධා කිරීම් හමුවේ පාර්ලිමේන්තුව හෙට (7) පෙරවරු 10.30 තෙක් කල්තැබීමට කථානායකවරයා ක්‍රියා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන උදවිය පාර්ලිමේන්තුව කරගෙන යාමට මොනවා හෝ නොවැදගත් දෙයක් ඉදිරිපත්කර බාධා කරන බව පැහැදිලියි.
මේ මොන විහිළුවක්ද? මේ මොන උදාහරණයක් ද රටට දෙන්නේ ....
දෙහිවල සත්තුවත්තේ පාර්ලිමේන්තුවට වඩා හොඳ විනයක් තියනවා. අට පාස් නැති උදවිය ළඟ මොන විනයක්ද?
පක්ෂ වශයෙන් වෙලාව වෙන් කිරීම නොව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්වූ විට ඔවුන් සියලු දෙනාට තමන්ගේ මත පාර්ලිමේන්තුවේ පලකිරීමට හැකිවන පරිදි වෙලාව වෙන් කිරීමට නිවැරදි ක්‍රමයක් ඉදිරි සංශෝධන වලදී හෝ හඳුන්වා දිය යුතුය. මක්නිසාද යත් ඔවුන් සියලු දෙනා ජනතා ඡන්දයෙන් පත් වී ඇති නිසා...
දෙහිවල සත්තුවත්තේ ඉන්න උන් කූඩු කරලනෙ. දියවන්නාව මැද සත්තුවත්තෙ උන් කූඩු කරල නැති එකයි ප්‍රශ්ණේ. හැමදාම තියෙන ප්‍රශ්ණෙ ඒකයි.
හැමදාම කලින් ගෙදර යනවා රටට මොන කලක් යයිද?
සියල්ල එක සේ ය