(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වක්‍ර බදු සියයට අසූවක් සහ ඍජු බදු සියයට විස්සක් තිබෙන ආර්ථික තත්ත්වය අනිත් පැත්ත හැරවීම රජයේ අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසාය  සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීතිය ක්‍රියාත්මක වීම ගැන සජිත් ප්‍රේමදාස මහතා කතා කළා.එතුමාගේ පියාගේ කාලයේ සිට නීතිය වල් වැදුණු හැටි අපි දන්නවා.අප රටේ නීතිය පොඩි මනුස්සයාට විතරක් ක්‍රියාත්මක වෙලා ප්‍රභූ පැලැන්තියට ක්‍රියාත්මක නොවූ හැටි අප දන්නවා.බොරුවට කෑගහලා වැඩක් නෑ. අප ගත්ත අඩිය පස්සට තියන්නේ නෑ.රජය මේ ගනුදෙනුව කරන්නේ සියලු වරප්‍රසාද කපාගෙනයි.රටකට බදු වැදගත් කියලා අපි ඔක්කොම දන්නවා.මේ අය අපට ඉතුරු කරලා ගියේ වක්‍ර බදු සියයට අසූවක් තිබෙන ඍජු බදු සියයට විස්සක් තිබෙන ආර්ථිකයක්.අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ මේ තත්ත්වය අනිත් පැත්ත හරවන්න.බදු දැල පුළුල් කරගත යුත්තේ ඒ නිසයි.සෘජු බදු ටික එකතු කරගන්න ඕන වගේම වක්‍ර බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කළ යුතුයි යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.