
(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල වැලිමඩ මාර්ගයට පුහුල්පොල ප්‍රදේශයේ දී අද 18 රාත්‍රී 7 ට පමණ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇතැයි වැලිමඩ පොලිසිය කියයි.
පැවැති වර්ෂාව සමඟ මෙම ස්ථානයේ පස් කදු කඩා වැටී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දී ඇත.
හාලිඇල දික්වැල්ල මාර්ගයද අවහිර වී ඇති බව පොලීසිය කියයි. හාලිඇල දික්වැල්ල ප්‍රදේශයේ අද උදෑසන අවහිර වී තිබූ මාර්ග කොටස මේ වන විට පිළිසකර කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd