(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා වැටී ඇති මාර්ග කිහිපයක් අද 18 අලුයම සිට පස්කඳු කඩාවැටී අවහිර වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
හාලිඇල කැටවල මාර්ගය කිරිගොල්ල ස්ථානයෙන් පස්කන්දක් කඩාවැටී සම්පූර්ණයෙන් අවහිර වී තිබුණි .
බෝගහකූඹුර වැලිබිස්සාවෙල හරහා හෙවනකුඹුර මාර්ගය ස්ථාන කිහිපයකින් පසු කඳු කඩා වැටී අවහිර වී තිබුණි.
කැප්පිටිපොල පිරිවෙන මාර්ගයද පස්කඳු කඩාවැටී අවහිර වී තිබුණි. අවහිර වී ඇති මෙම මාර්ගය සියල්ලේ ම පිළිසකර කිරීම් කටයුතු අද බැකෝ යන්ත්‍ර ආධාරයෙන් සහ සහන සේවකයින් මගින් පිළිසකර කිරීමට කටයුතු කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පළමු හා දෙවන මට්ටමේ අවදානම් නිවේදන හපුතලේ, හල්දුම්මුල්ල, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තවදුරටත් ක්‍රියාත්මක බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd