පළාතේ ධනවත් ව්‍යාපාරිකයකුගේ 19 හැවිරිදි දියණිය ගැන පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිට කිසිම තොරතුරක් නැතැයි එම ව්‍යාපාරිකයා තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත. තම දියණිය ලොකු බුදලයක හිමිකාරියක් බැවින් කිසියම් පිරිසක් ඇය පැහැර ගන්නට ඇතැයි එම ව්‍යාපාරිකයා කියයි.
උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී ඇය අතුරුදන්වූ බවද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය පාර පොලිසියේ වෙනම ඒකකයක් පිහිටුවන්න සිද්ධවෙනවා ,ගෙවල් වලින් අතුරුදහන් වෙන, පැහැරගන්න ළමයින් සෙවීමට. (දී)
මට හිතෙන්නේ ඊට කලින් ප්‍රේම සම්බන්ධයක් තිබ්බද කියල බලන එක හොන්දයි කියලා(දී)
එයාගේ ෆේස් බුක් ( මුහුණ පොතේ ) ඉන්නා අය ගෙන විමසුමක් කලොත් සමහර විට උදව්වක් ලැබේවි (දී)
මේකටත් දන්නා කියන කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැරගැනීමක් කියලා හරියටම කියන්න බැහැනේ. ළමයාගේ වයසේ හැටියට වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්. (නි)
19 කියන්නේ නපුරු වයසක් ,කව්ද දන්නේ තම ආදර වන්තයාගේ වහසි බසට රැවටී පෑල දොරින් පැනල ගියාද කියලා ! (දී)
ලොකු බුදලයක හිමිකාරියක් නම් මීට වඩා පරිස්සම් වෙන්න තිබුන, අඩු ගානේ යන්න එන්න වාහනයක් පාවිච්චි කලේ නැත්තේ මොකද, යම් කිසි දෙයක් වෙන්න ඉස්සෙල්ල පිළියම් යොදන්න තිබුණා (දී)