වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය මාර්ගය යට පිහිටි පස් බැමිවල නායයෑමේ ලක්ෂණ මතුව ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දුම්රිය දෙපාර්තුමේන්ව සමඟ එක්ව සිදුකළ පර්යේෂණයකදී සොයා ගත් බව කියති.
දුම්රිය මාර්ගයේ ගැඹුරු නිම්නවලදී කඳු යා කිරීමට ඉදිකර ඇති සමහර පස් බැමි ආශ්‍රිත නායයාමේ සළකුණු සහිත අනතුරුදායක ස්ථාන හඳුනාගත් බවත්, එමගින් බදුලු දුම්රියට බාධා සිදුවීම වැළැක්වීම සඳහා තාක්ෂණික පිළියම් යෙදවීමට යැයි පර්යේෂණ සංවිධානයේ බදුල්ල ශාඛාවේ නායයෑම් ආපදා පර්යේෂණ අංශයේ භූ විද්‍යාඥයිකු වන එරන්ද ජයසේකර, නිපුන වීරසේකර මහත්වරුන් සමඟ ඔහිය දුම්රිය මාර්ග අධික්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩරට දුම්රිය මාර්ගය අපට ලැබුණු අමිල වටිනාකමක් තියෙන වස්තුවක්. සියවස් එක හමාරක් විතර ගිහිල්ලත් ලොකු ප්‍රතිසංස්කරණ වුවමනා වෙලා නෑ. එකට හේතුව බ්‍රිතාන්‍යන්ගේ විශිෂ්ට ඉදිකිරීම් තාක්ෂණය. අද කාලේ මාර්ග ඉදිකිරීම් බලනකොට හිනහා යනවා. මේ දුම්රිය මාර්ගයේ කෙසේ හෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොපමාව කරලා තවත් සියවස් ගණනක් පවතින්න ඉඩ තබන එක අපේ යුතුකමක්.(ම)