ඌව  පළාත් සභා ඡන්දයේ බදුල්ල දිස්ත්‍රික්  ප්‍රචාරක කටයුතු සඳහා  රාජ්‍ය සම්පත් බහුල ලෙස යොදාගෙන ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු (කැෆේ) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා  කියයි.

මහියංගණය , හාලි ඇළ , බදුල්ල හා ඌව පරණගම රජයේ දේපළ මෙන්ම ලංගම බස් හා සංචාරක බංගලා ද  රජයේ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇතැයි ඔහු  පැවසීය.

මහියංගනයේ නීතී විරෝධි ඡන්ද පෝස්ටර් හා පත්‍රිකා මං මාවත්වල අලවා ඇතැයි ඔහු කියයි.