පසුගිය සිකුරාදා (23) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි පොලිසියට තොරතුරු දී ඇත්තේ කඩවත පදිංචි තරුණියක බව පොලිස් ආරංචි කියයි.
ඇය එසේ බොරු තොරතුරක් ලබාදී ඇත්තේ ඇගේ පෙම්වතා වෙනත් තරුණියක හා විවාහ වීමට නියමිතව සිට ඒ සඳහා එම දුම්රියෙන් ඔහු ගමේ යාමට සිටි නිසා බවත් ඔහුගේ ගමන වැළැක්වීම ඇගේ අරමුණ වී ඇති බවත් කියති.
ඇය සිය පෙම්වතා ඔහුගේ ගමේ තරුණියක සමග හාදව සිටින බව දැනගෙන පසුගිය කාලය පුරා විවිධ ගැටුම් ඇතිකරගත් බවත් කියා ඇත. දුම්රියේ බෝම්බයක් ඇතැයි 119 අංකය ඔස්සේ පොලිසියට තොරතුරු ලබාදුන් ජංගම දුරකථනය සොයා යාමේදී ඇගේ තොරතුරු අනාවරණය වී ඇති අතර ඇය පොලිසියට මුලදී ප්‍රකාශ කර තිබුණේ කොටුව දුම්රිය ස්ථානයේ සිටි දෙදෙනකු දුම්රියේ බෝම්බයක් තැබූ බවට කථාවන ආකාරය තමාට ඇසුණු බවයි.
මෙම ව්‍යාජ තොරතුරු හේතුවෙන් මගීන් හා දුම්රිය දැඩි පරීක්ෂාවකට ලක් කැරුණු අතර දුම්රියේ ගමන පැය කිහිපයකින් ප්‍රමාද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත මුලින්ම දුටුවිට මට මේ හා සමාන දෙයක් හිතට ආවා. මට හිතුනේ ඒක දුම්රියේ යන්න හිටි කාටහරි වෙලාවට දුම්රියට එන්න බැරිවුණු නිසා දුම්රිය ප්‍රමාද කරවන්න දාපු උප්පරවැට්ටියක් කියලයි. දඬුවම් දියයුතු වරදක්. (නි)
ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ බව දන්නෙ නැද්ද? (නි)
තිස්ස, මෙයාගේ නුවණ නම් කන් හැන්දක මිට තරම්වත් දිග නැහැ (නි)
කවදා හෝ මෙයා විවාහ කරගන්නා අයට සියලු දෙවියන්ගේ පිහිටයි (නි)
මේ කතාව කියවනවිට මතක්වුණේ අලිතාලියා ගුවන් යානය පැහැරගත් අපේ සිංහල තරුණයාගේ සිද්ධියයි. ආදරය නිසා මේ වගේ දේවල් නොවෙයි මීට වඩා දරුණු දේවල් වුණත් නොකර ඉන්නේ නැහැ. (නි)
කොහොමද ගැහැණු මොලේ? කාන්තා පරපුරටම ආඩම්බරයක්. (බ)
මේක ගැන සිංදුවක් ලියලා ගායකයෙකුට දෙන්න ඕනෑ කියන්න. (නි)
එදා දුම්රිය පමා වීම නිසා වැඩ අවුල් වුන මිනිසුන් ගොඩට මෙයාව දමන්න. මෙයාව හම ගහන හැටි බලන්න. (බ)
දඬුවම? (බ)
ලංකාවේ ගැහැණු ඔහොමම තමයි. ඕපාදූප කියන්නත් හරිම දක්ෂයි. (නි)
ගැහැණියකගේ දෙතොල මත පිපෙන සිනහව පිරිමියකු නිසාම නොවේ. ඒත් ඇගේ දෙනුවන් තුළ උණන කඳුළු සහ හදවතේ ගිනි ගන්නා වෛරයට බොහෝ විට පිරිමියකු හේතුවෙයි (බ)
එයා අමාරුවේ වැටිලා මදිවාට අනෙක් අයත් අමාරුවේ දාන්න හදන එක හොද නැහැනේ. ප්‍රශ්නය බේරගන්න තිබුනේ ඒ මිනිහත් එක්කනේ. (නි)