ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන තුනක් අඩුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය අද (04) උදේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු විය.
ජෝසප් මයිකල් පෙරේරා සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරු ද, නීතීඥ දයා පැල්පොල මහතා ද ඊට සහභාගී වූහ.
ඌව පළාත් සභාවේ පෙර පැවැති ආසන විසි එක නව සංශෝධනයත් සමග 18 දක්වා අඩු වී ඇති අතර මොණරාගල දිස්ත්‍රික්කයට හිමිව තිබූ මන්ත්‍රී ආසන 11 දැන් 14 දක්වා වැඩි වී ඇත.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජන ගහණය වැඩිවීම නිසා මන්ත්‍රී ආසන වැඩි කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන විදියට මෙතන ගණිතමය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉදිරි මැතිවරණයකදී ඇති වෙයි කියා සිතන ගැටළුකාරී තත්ත්වයන් ගැන ඇතිවූ වාකතාවරණයක් වගෙයි (නි)
මම නම් කියන්නේ මෙවර එජාපයෙන් පිබිදීමක් එනවා (නි)
නිශාන්තගේ ගණිත දැනුම පෙනෙනවා දාො තියෙන අදහසින්ම. කවුරුත් කියල නැහැ බදුල්ලේ ඡන්ද අඩු වෙලා කියලා. ආසන බෙදන්නේ ජන අනුපාතයට. ඒක වෙනස් වුණාම ආසන ගණන බෙදීයාම වෙනස් වෙනවා. ඒක මොන ආණ්ඩුව යටතේ වුණත් එකම විදිහට වෙන්නේ. (නි)
පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා ඒ දිහාත් (නි)
මේ පාර බදුල්ලේ මිනිස්සු බහුතරයක් එ.ජා.පයට ඡන්දෙ දෙන නිසයි මෙහෙම උනේ. (නදී)
චමින්ද, එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදිහට ඕක වෙනස් කරන්න බැහැ. පදනමකින් තොරව එහෙම කරනවා කියලා ඔයාට තේරෙනවා නම් අධිකරණයට ගිහින් වරද පෙන්වා දෙන්න. (නි)
සුනිල් ගම්පොල,මුණසිංහ, ඔබ දෙපලට තේරුනා කාරණය. ජෙරාඩ්, ශ්‍රී ලංකාවේ වෙනස් කරන්න බැරි මොනවද ? වෙනස් නොකරන්නේ මොනවාද ? මට ඕවා විස්තර ඇතුව මෙතන ලියන්න පුළුවන්. නමුත් අපිට මෙතන ලිවිය හැකි කරුණු, යම් කිසි සීමාවකට යටත් වෙන බව, ඔබත් දන්නවා නේද ? ඒ වගේම ඔය කරුණු අරගෙන අධිකරණයට යාමට තරම්, ඔබ මෙන් ,මම මෝඩයෙකුත් නොවන බවත් ඔබට පැවසිය යුතුයි. මම දරු පවුල් කාරයෙකි. (නදී)
මගෝඩිස් වැඩ තමා. (නදී)
මැතිවරණ කොමසාරිස් තුමා ආවාට ගියාට තීරණ ගන්න කෙනෙක් නොවෙයි. (අ)
මැකෝගේ පක්ෂය ඒ ජ නි පෙ ද කොහේදෝ ? (නදී)
ආණ්ඩුව දන්නවා මේ පාර මිනිසුන්ව ගොනාට අන්දන්න බැහැ කියලා (ස)
මොවුන්ට ආසන අඩු වුණාම තියෙන කැක්කුම නැහැ වකුගඩු රෝග වලින් මිනිස්සු මැරෙන කොට. (නදී)
මොණරාගල දිස්ත්‍රික්කයේ ජන ගහණය වැඩිවීම නිසා මන්ත්‍රී ආසන වැඩි කළ නම් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය අඩු වෙලා වෙන්න ඇති (නදී)
වැරදි දෙයක් හරි වෙන්නේ නැහැ. තමන්ට අවාසි නම් ඉල්ලීම් කර බලන්න. සටනක් දෙන්න අමාරු වෙයි. ඒත් උත්සාහ කරලා බලමු නේද? (නි)
හරියට කරනවා නම් සරල අංක ගණිතමය දැනුමෙන් කරන්න පුළුවන්. මම දන්නා තරමින් ලංකාවේ මැතිවරණ ක්‍රමයේ එහෙම වෙනස් කරන්න ප්‍රතිපාදන තියෙනවා. කලකට ඉහත කුරුණෑගල ආසන ගණන වැඩි කලා. කොහෙන් හරි අඩු වෙන්න ඇති. මූලික පදනම ජනගහනය. දැන් වෙන දේවල හැටියට මේකත් සැකයි. (නදී)
මේ දහං ගැට දාන්නේ හැමදා අපේ කටු ලෙවකන්නයි බලේ ඉන්නයි. අනිත්‍ය අවබෝද කරලා දෙන්න උෘවට ශක්තිය හා ධෛර්‍ය ලැබෙිවා (නදී)
ඒ කියන්නේ ඌව දිනනවා කියන එකද? දිනනවා නම් ඔය ආසන කොහාට ගියාම මොකද? (නි)
මගේ අදහස උනේ ඌව දිනන්න බැරි නිසා මෙවැනි දෙයක් කරන බවයි (නදී)
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් අඩු වුණා කියන්නේ විශාල ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා කියන එක නේද? එමනිසා අප්‍රමාදව මීට පිළියම් සෙවිය යුතු නොවේද? (නි)
බලමුකෝ වෙන්නෙ මොකක්ද කියලා (නි)
මේකේ ඔහේ කොමෙන්ට් දාන සමහරුන්ට කිසිම ගණිත දැනුමක් නැති බව නම් පේනවා. කරුණාකරලා පදනමක් නැතිව මැතිවරණ කොමසාරිස්ට දොස් නොකියා ජන හා සංක්‍යා ලේඛන කාර්යාලයට ගිහින් පළාත් දෙකේ තොරතුරු අරන් ගණනය කරලා බලන්න. දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. ඉන් පස්සේ කොමෙන්ට් දාන්න. (නදී)
ඌව පළාත් සභාවට යවන්න තව කව්රුහරි ඉන්නවද ? (නදී)