බුදුරුව මුද්‍රණය කළ ඒප්‍රන් සහ අත්වැසුම් පෙට්ටි 4ක් රේගු භාරයට ගත් බව කොළඹ වරාය කියයි.

මෙම භාණ්ඩ ශාන්ත ජෝන් ආර්ක් නැවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්සේ ස්ලෝවේනියාවට යැවීමට සැලසුම් කර තිබී ඇත.

අන්තර්ජාතික රේගු නීතිය අනුව ආගමකට අපහාස වන භාණ්ඩ වෙළඳාම් කිරීම තහනම් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව පවසයි.

මීට වසර දෙකකට පෙර දකුණු අතේ බුද්ධ රූපය පච්චයක් ලෙස කොටා සිටි විදේශික  හෙදියක් පිටුවහල් කිරීමට රජය පියවර ගත්තේය.

2004දී බුද්ධ රුව සහිත කාන්තා යට ඇඳුම් ඉවත් කරගන්නා ලෙස රජය වික්ටෝරියාස් සීක්‍රට් ආයතනයට දැනුම් දුන්නේය.

webGLA_9961