අක්‍රමිකතා සිදු වී ඇතැයි පැවසෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් හා ස්වාධින පරීක්ෂණ පවත්වල ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම 28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලේ. ජාතික ආර්ථිකයට හානිකර අයුරින් මෙම බැඳුම්කර වෙන්දේසිය සිදු කිරීම නිසා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න,නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලයයේ හිටපු සාමාජික හා ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය පී උස්වත්තආරච්චි,රාජ්‍යසේවා කොමිසමේ හිටපු සාමාජික ආචාර්ය ඒ සී විශ්වලිංගම් මෙම පෙත්සම ගොනු කැර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ,මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ,භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් කමිටුවේ සභාපති පී සමරසිරි,මහ බැංකුවේ අධික්ෂණ හා ලියාපදිංචි අධිකාරිවරයා,පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ජාතික ආර්ථිකයේ හදිසි අවශ්‍යතා මත උද්ගතවන මූල්‍යම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කරන බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අධිපතිතුමාට හරිහැටි හුස්මක් කටක්වත් ගන්න බැරිවුණා. (නි)
පුදනකොටම කාපි යකා කිවුවලු (නි)
හිතෙන්නේ නැද්ද නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියලා !! (ම)