ඕනෑම සේවා දායකයකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය නීතීඥවරුන්ට ඇතැයි ද, ඔවුන් ද අධිකරණ නිලධාරීන් ලෙස සලකන බැවින් ඔවුන්ට බැන තර්ජනය කිරීමෙන් වළකින්නැයි ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට අවවාද කළේය.
අප්‍රේල් 09 වැනි දා කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ පැවැති ජාතික බල සේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සභාපති වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන පැමිණිල්ල හා කොම්පඤ්ඤවීදිය පොලිසිය අසළ දී කුරාණයට අපහාස වන ප්‍රකාශ නිකු කළැයි කියන පැමිණිල්ල අද අධිකරණයේ දී කැඳවිණි.
කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයට දැන්වූයේ ඥානසාර හිමිගේ ප්‍රකාශයෙන් කුරාණයට අපහාස වීදැයි තහවුරු කැ ගැනීම සඳහා එම ප්‍රකාශය ඇතුළත් සංයුක්ත තැටිය ඉස්ලාම් ආගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්ට යොමු කළ බවයි.
පැමිණිල්ලේ විභාගය සැප්තැම්බර පළමු වැනි දාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ කතා කරද්දී තව ඉවසීමෙන් කතාකරන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)
මේ හාමුදුරුවෝ කරන කතා වලින් කියන්නේ ජාතියේ විනාසය අත ලග බවය (නදී)
මනෝජා - අපිටත් තිබෙන්නේ සිංහල ලේ. ඔයාට ඉතිහාසය ගැන දන්නවා නම් අලුතින් කියන්න අවශ්‍ය නැහැ කියලා සිතමි. ඔයාට හදිසි අවස්ථාවකට රෝහල් ගත කලානම් දොස්තර මහත්වරුන්ට කියන්න සිංහල ලේ විතරක් ඔයාට ලබා දෙන්න කියලා. ලාංකිකයින්ගේ ලේ එපා කියන්න. (නදී)
හාමුදුරුවනේ, ඉවසීමෙන් වැඩ කරන්න (නි)
අදහස් රාශියක් තිබෙනවා. අපි බලන්නේ පිටරට සිටයි. විවිධ අදහස් තිබෙන මිතුරන් සිටියත්, ලංකාවට ගියාම සැබෑ තතු දැනගත හැකි වේවි (නි)
බලනකොට අපේ රටේ ඉන්‍නෙ අමුතුම ජාතියෙ පිරිසක් (නි)
අපි යථාර්ථයට මුහුණදිය යුතුයි (නි)
ඇත්ත. ආගමික නිදහස ඕනෑතරම් තියෙනවා වෙනත් රටවල (නි)
හාමුදුරුවරු අනුන්ට හරිමඟ කියාදෙනවා මිසක් ගිහියන් ඒ අයට අවවාද අනුශාසනා කරන්නේ නැහැ.මේකෙන් තේරෙනවා අපි ඉන්නේ කොහෙද කියලා (නි)
මුකුත් නොකියා ඉන්න හිතුනත් මේ ටික අහන්න හිතුණා. මනෝජ්, ලේ ජාතින් අනුව වෙන්කරන්න පුලුවන්ද? (නි)
මම මේ සැමටමයි කියන්නේ. ඉතිහාසය කියවන්න. අපේ වීර චරිත ගැන දැනගන්න. කවුද පෙරමුණ ගත්තේ කියලා බලන්න (නි)
අහිංසා, ඔයාගේ අහිංසකකම ප්‍රකාශයෙන්ම පෙනෙනවා (නි)
මම නම් සැමදා හාමුදුරුවන් සමඟයි (නි)
අහිංසා, මම අහල තියෙනවා ජපානයේත් පාසල්වල ආගම උගන්වන්නේ නෑ කියලා. එත් ඒ රටවල බලන්න මින්සුන්ගේ ගතිගුණ කොහොමද කියලා. රටේ ආර්ථිකය . පිරිසිදු කම. එතොකට අපිට වැරදිලා තියෙන්නේ කොතනද? (නදී)
මේක ප්‍රංශය නෙමෙයි කියලා හිතාගත්තොත් හොඳයි (නි)
තෙරුවන් සරණයි ඔබ වහන්සේට (නදී)
හාමුදුරුවනේ, සැමදා අපි ඔබ සමඟයි (නි)
අහිංසා, ඔය ලංකාවේද ඉපදුනේ? හාමුදුරුවරු තමයි අනේක උපද්‍රවව ලින් වසර දහස් ගණනක් රට බේරාගත්තේ. ඒ නිසයි ඔබට මට තේරෙන භාෂාවෙන් කතා කරන්න රටක් ඉතිරි වුණේ. රට රැකගැනීම ලාංකීය භික්ෂුවගේ උරුමයක් (නි)
බුදුහාමුදුරුවනේ, අනේ නැවත වඩින්න (නි)
අහිංසාගේ අදහස් 100% කාලෝචිත බව මගේ පුද්ගලික හැඟීමයි (නි)
නියම ප්‍රතිඵල අනාගතයේදී සියලුම දෙනාටම නියම විදියට බුක්ති විඳීමට පුළුවන්. (නි)
ඔහොම යමු ඉදිරියට (නි)
හාමුදුරුවනේ අපි හැමදාමත් ඔබ වහන්සේ සමග සිටිනවා. තෙරුවන් සරණයි (නදී)
අපි නම් දන්නවා ඇත්ත මොකක්ද කියලා. අපිව රවට්ටන්න අමාරුයි (නි)
අනේ මනෝජ්, ඔයාට පෙනෙන අනාගතය කොහොම එකක්ද? අපිට මොනවත් නරක විදියට නම් පෙනෙන්නට නැහැ (නි)
සිංහලයන් වෙනුවෙන් ඉන්න හාමුදුරුවෝ තමා මේ හැම එකටම පෙන්නේ. අපේ බලු සිංහලයන්ගේ ඇස ඇරෙන්නේ බුරුමයට, ඉන්දුනීසියාවට උන දේ මෙහෙටත් උන දටයි.එතකොට පරක්කු වදී. (අ)
මේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය භික්ෂුවකට ගැළපෙන්නේ නැති බව මගේ පුද්ගලික හැඟීමයි. නමුත් උන්වහන්සේ කියන දේවල් වල අත්තක් තිබෙනවා (නි)
අහිංසා, දැනගන්න මේක ලංකාව කියලා (නි)
අහිංසා ඔබේ අදහස් හරි වැදගත් සියලුම ලාංකිකයන්ට !!! නවීන ලෝකය දෙස මනසින් බැලීමට කාලය එලඹ ඇත ! (අ)
නීතිය අතට ගත්තොත් ඉවරයි. හැමෝටම කියන්ඩ තියෙන්නෙත් එ්කම තමා. (නදී)
මේ ගැන කතා කළා හොඳටම ඇති කියලා මට හිතෙන්නේ. තේරෙන අය තේරුම් ගත්තා අනෙක් අය පස්සේ තේරුම් ගනීවි. කොහොමත් නිතිය එකට දාල කටයුතු කළාම කාටත් තේරේවි ටිකක් පස්සේ හරි (නදී)
අවවාද වලින් පලක් තියේවිද ? (නදී)
තව ඉවසන්න හාමුදුරුවනේ (නි)
මේ ස්වාමීන් වහන්සේ හැම දේටම බලහත්කාරයෙන් අතුලු වන්නේ. මොකක්ද තියෙන හයිය. කෝ ඒවට නීතිය ක්‍රියාත්මක වු අවස්ථා (නදී)
තව ඉදිරියට තව දේවල් අපිට බලාගන්න පුලුවන් වේවි (නි)
අහිංසා, සියලු හිංසාකාරී ක්‍රියාවන් නැවැත්විය යුතුයි. නමුත් ඔබේ ඉතිහාස දැනුම ගැන මට කණගාටුයි (නි)
දැන් එතකොට අර අධ්‍යක්ෂ ජෙනරාල් ඇවිල්ලා ප්‍රශ්නේ සම්පුර්ණයෙන් විසඳයි නේද ? (නදී)
තව ටිකක්කල් ගතවෙද්දී හැමෝටම තේරෙයි ඇත්ත මොකක්ද කියලා (නි)
මමත් සිංහලකම ඉහළින්ම අගයන කෙනෙක්. මේ හාමුදුරුවන්ගේ අගය කළයුතු ක්‍රියාවන් රාශියක් තිබුනා. (නි)
මෙ හාමුදුරුවන්ට උදව් කරන්න කැමති පිරිස් ගොඩක් පිටරටවල ඉන්නවා. එ් ගැනත් පියවරක් ගන්න හාමුදුරුවනේ (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් වෙත පිළිතුරක්. ඇත්තටම ඔයාල ලේ දන් දෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)
ඥානසාර හිමියන්ට මගේ ප්‍රණාමය! හාමුදුරුවන්ට ගරහන මිනිසුන් දේශපාලුවන් කරන වැරදි දැක දැක අහක බලාගෙන ඉන්න එකේ රහස මොකක්ද? (නි)
අහිංසා, ශානක වාගේ අය එදත් හිටියා, එයාලට අපි අනුකම්පා කරන්න ඕනෑ. (නි)
මොනවා වුණත් රටේ මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙන්න ලොකු හේතුවක් තියෙනවා. මේ රටේ මිනිසුන් නොමඟ යවන්න අන්තර්ජාතික බලවේග වලට ඉඩදිය යුතු නැහැ. (නි)
අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් සකස් කල් නීති නිසා අපේ ජාතික වීරයින් විනාශ කලබව ඉතිහාසයේ ඇත. (නදී)
මේ ප්‍රශ්නයට කියන්න දෙයක් නැහැ මට (නි)
සටන්කාමීත්වය කියන්නේ ආවේගශීලීව කෑ ගහන එක නෙමෙයි නේද? (නි)
රංජිත් සිල්වා මහතා ඔබ හරියටම හරි. ප්‍රංශය,බ්‍රිතාන්‍ය වගේ රටවල් බලන්න. බ්‍රිතාන්‍ය අගමැති ගේ ප්‍රකාශය මතක ඇති නේ? ජාතික විරයන්ව නැති කරගන්නේ අපේ ජාතියේම නිවට කම් නිසා. (නදී)
අපේ ස්වාමීන් වහන්සේ ගන්නා උත්සාහය මෙන් අනෙකුත් නායකයින්ද උත්සාහ ගන්නේ නම් මේ මවුබිම නිදහස් රටකි (නි)
අනේ පව් පොඩ්ඩකට අවවාද කරලා හදාගමු. (ස)
සමහර අය හාමුදුරු කෙනෙකුට කතාකරන්නවත් දන්නෙ නැහැ (නි)
දැන් හැමතැනම අපහාස නඩු... (නි)
අපේ හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනෑ. ආදී මුතුන් මිත්තන්ගේ ආශිර්වාද ලැබෙන්න ඕනෑ (නි)
මගේ රට, මගේ ජාතිය, මගේ ආගම රකින්න යම් කෙනෙක් නොබියව ඉදිරිපත් වෙනවා නම් මට අනෙක් දේවල් වලින් වැඩක් නැහැ (නි)
අර කතාවක් තියෙනවා පහනක් නිවෙන්න ලන් වෙනකොට දැල්ල ටිකක් නටනවා කියා. (නදී)
ඕකට තමා කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් කපන්න තියන්න එපා කියලා (නදී)
පුජ්‍ය පක්ෂය නිසා පොදු ජනයා සමඟ විය යුතුයි. ඒත් මීට වඩා යමක් නොලියමි. (නි)
මෙවන් සිද්ධීන් නිසා ලෝකය ඉදිරියේ සමච්චලයට ලක්වන්නේ අපේ මව් බිමයි. හිතට ලොකු වේදනාවක් දැනෙනවා. අපි එකමුතුවෙන් නැගී සිටිය යුතුයි. නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් මේ රට සුන්වේ (නදී)
මේකේ අදහස් දැක්කම පෙනෙනවා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අයට බොදු බල සේනාවේ සේවය තේරෙන්නේ නැතිබව (නි)
මම නම් මේ හාමුදුරුවන්ට පෞද්ගලිකව අකමැතියි (නි)
සිංහලයා සහ බුද්ධාගම රැකගන්න නම් පළමුව කළයුත්තේ,අපරාධ, දූෂණ නතර කිරීමයි. ඉන්පසුව අපිට පුළුවන් අනිත් ජාතීන් ගැන කතා කරන්න (නි)
මගේ මුස්ලිම් යහලුවන් නම් මෙහෙම හිතන්නෙ නැහැ.අන්තවාදයට එයාලා කැමති නැහැ.මෙතන හිතන තරම් ලොකු බරපතළ ප්‍රශ්නයක් නැහැ (නි)
අනික් හාමුදුරුවො ජාතියට ආදරේ නැද්ද? රට ජාතියට ආදරේ නිසා තමයි අපේ කොල්ලො කෙල්ලො හමුදාවට බැඳිලා රට වෙනුවෙන් දිව් පිදුවෙත්. (නි)
මේ හාමුදුරුවෝ නම් කලින් ආත්මයක ලොකු පවක් කරපු කෙනෙක් වෙන්න ඇති.මම කැමති නැහැ මොනම ආගමික කෙනෙකුටවත් අවැඩක් වෙනවාට.නමුත් ආගමේ නාමයෙන් හොර බොරු චන්ඩිකම් කරන තක්කඩින්ට මම ගරු කරන්නේ නැහැ. ප්‍රන්සය සහ එංගලන්තයේ කිසිම ආගමකට රජයේ අනුග්‍රහයක් දක්වන්නේ නැහැ.ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න පුළුවන්.ඕනෑම ආගමක් විවෘතව විවේචනය කරන්න පුළුවනි. ( සල්මන් රුස්දී ට ඉස්ලාම් අගමිකයන්ගෙන් මරණ තර්ජන එල්ලවුණේ එංගලන්තයේ තියෙන ඒ නිදහස නිසයි.) ප්‍රන්සයේත් ඒ වාගෙමයි..ප්‍රන්සයේ තියෙනවා පත්තරයක් ..' කැනා...' කියලා..ඒ පත්තරයෙන් රටේ ඕනෑම කෙනෙක්ව විවේචනය කරනවා..දෙසපාලුවන්ගේ හොරකම් නම් ගම් එක්කම කියනවා.හැම ආගමක්ම විවේචනය කරනවා.රටේ නිතිය කාටත් පොදුයි ...ප්‍රන්සයේ නැපෝලියන්ට කලින් හිටපු පාලකයෝ ආගමට ලොකු තැනක් දුන්නා.රජ්ජුරුවෝ ආගමේ වහලෙක් වුනා..රටේ හැම කෙනෙක්ටම බදු ගෙවන්න වුනා. ආගමික වැඩ සඳහා. ප්‍රන්සයේ තියන විශාල ඒ වගේම ලස්සන පල්ලි වල පිටුපස තියෙන්නේ ..අහිංසක දුප්පත් වහල්ලුන්ගේ ලේයි දහදියයි දුක් කදුලුයි . නැපෝලියන් බලය ගත්ත ගමන්ම ඒ පුජකයන්ව එළවලා දැම්ම. රජයේ වැඩ වලට ආගමික උපදේශකයෝ අවශ්‍ය නැහැ කියලා ව්‍යවස්තාවෙන්ම සහතික කළා. අදටත් ප්‍රන්සයේ සහ එංගලන්තයේ රජයේ පාසල්වල කිසිම ආගමක් උගන්වන්නේ නැහැ. කැමති අය පුද්ගලික ආයතන වලින් ඉගෙනගන්නවා. මේ නිසා අපේ රටේ වාගේ එක එක ආගමික චන්ඩි පාට් දාන්න කාටවත් ඉඩ නැහැ.මෑතකදී අපේ රටෙන් එංගලන්තයට ගිය බුද්ධාගමේ හාමුදුරු නමක් ( පුද්ගලිකව නම් මම මෙයාට ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ නැහැ - මොකද මෙයා බුද්ධාගම කෑවා ) ගැහැණු ළමයෙක්ව අපයෝජනයකලා කියලා ඔප්පුවුණා . තීන්දුව දුන්න - දැන් ඉන්නවා කුඩුවේ. එංගලන්තයේ කුඩුවල ඉන්නවා හැම ආගමකම නාමයෙන් ජරා වැඩ කරපු කට්ටිය. අපේ රටේ එහෙම වුනොත් මොනවා වේවිද....? (ස)
රටේ එදිනෙද ජන ජීවිතයට බාධාකරන කවරෙකුට වුවද තරාතිරම නොබලා දඩුවම් කරන්න (නි)
ඇත්තටම දේශීය වශයෙන් විතරක් නොවෙයි රටින් පිටත් මව්බිමේ අභිමානය විශාල වශයෙන් හානිවීගෙන යනවා. අපි කොපමණ ලස්සනට එකාවන්ව හිටපු සමාජයක්ද? හරි දුකක් දැනෙනවා. රටට හා ජාතියට සාමය පතනවා. (ස)
දැන් ගිහියන්ටත් අවවාද කරන්න වෙලා? (නි)
හිමියනි,අපි ඔබ සමඟයි (නි)
අපේ මේ අදහස් දාන සමහර අය වලිගය පාගාගෙන වගේ කතා කරනවා කියලා මට පෙනෙන්නේ. මොකද අපේ ජාතියේ පිනට පහළ වී ඉන්න අපේ හාමුදුරුවෝ කරන්නේ අපේ ජාතිය ආරක්ෂා කරන එකයි. නැතුව අහිංසක වෙනත් ජාතීන්ට අපේ රටෙන් යන්න කියන්නෙ නැහැනේ (නි)
පිරුණු කළේ දිය නොසැළේ කියලා කියනවනේ! (නි)
එතකොට නීතීඥවරුත් අමු බොරු කරනවා නේද බලාගෙන ගියහම. සේවාදායකයා මිනිමරුවෙක් නම් එයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මහතුන් වැරැද්ද යට ගහන්න නේද ගොඩක් දුරට කටයුතු කරන්නේ එහෙම බැලුවොත්. (නදී)
බුදුදහම රකින්න සැදැහැවත් හාමුදුරුවරුන් තවමත් අපේ රටේ ඉන්නවා. (නි)
නාමල් - ඔබ හරි. ඔයා දන්නවාද තුවාලයක් කසනකොට අපිට හරිම සනීපයක් දැනෙනවා. නමුත් එය ඉතාමත් නරක අතට හැරුනහම තමා එදා දැනුන සනීපයේ ප්‍රතිවිපාක තේරෙන්නේ. (නදී)
මේ අය රටත් ජාතියත් ආගමත් සල්ලිවලට විකුනනවා නේද? (නදී)
බුදු දහමේ කොතැනකවත් කියලා නැහැ තවත් ආගමකට,ජාතියකට හිංසා කරන්න කියලා.මේ වගේ දේවල් දැක්කම පිටරටක ඉන්න අපිටත් ලැජ්ජයි.මොකද මේ රටවල මිනිසුන්ට ඕනෑතරම් ආගමික නිදහස තිබෙනවා. (නි)
අධිකරණයට බොරු කීමේ හැකියාවක් නැහැ නේද ? (නදී)
මොනවද මේ වෙන්නේ? (නි)
අතීතයේ සිටි ජාතික වීරයන් සැබෑ ජාතික විරයන්මය. ඔවුන් සුරාවෙන් තොර වුවෝය. ඔවුන් ධාර්මිකව ආදර්ශමත් ජිවිතයක් ගත කළෝය. (නදී)
ෆස්රූල්, දැන් තියෙන සිංහලකම , අදහස් පාකිස්තානය එක්ක ලංකාව ක්‍රිකට් ගහනකොට නැත්තේ ඇයි කියලා තමයි අපිටත් පුදුම (නි)
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. (නදී)
මේකේ අදහස් දාලා තිබෙන සමහර අය ගැන අනුකම්පා හිතෙනවා. (නි)
අපේ හාමුදුරුවොත් එක්ක සිංහල ලේ තියන අපි හැමදාම ඉන්නවා. අපිට තේරෙනවා සිංහලයාගේ අනාගතේ මොන වගේද කියලා. හාමුදුරුවන්ට බනින මිනිස්සු ලිදේ ඉන්නේ ගෙම්බෝ වගේ මොනවත් දන්නේ නෑ.(නදී)