IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බුදුපිළිමට ගෙන ගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා දී රියදුරු බලපත්‍රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට පෙට්‍රල් ලීටරයක් මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින්ඉ ල්ලා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය වෙමින් පවතී.

මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා විසින් ඔහුගේ නමද සඳහන් කර මේබව සමාජ මාධ්‍යට මුදා හැර ඇත.

ඉකුත් දාහත් වෙනිදා මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ සිටසිය දරුවන්ද සමඟ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීමට ගොස් ආපසු එමින් සිටි අතරවාරයේ මෙම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් විසින් නතර කළ බව එම පුද්ගලයා සමාජ මාධ්‍ය පළ කළ ඇති තොරතුරු වල සඳහන් කර ඇත.

 



අදහස් (9)

බුදුපිළිමට ගෙන ගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්

vernon Monday, 20 November 2023 08:32 AM

මෙහෙමයි. මේ වාහනේ එයා බෑග් තියෙනවා නම් ඒ උඩ බුදු පිළිමයක් නෙවෙයි වෙන දෙයක් වුනත් තියන් යන එකේ අවදානමක් තියෙනවා. ඒත් මේ ඉන්ධන කතාව?

:       1       24

ලුම්බිණි Monday, 20 November 2023 09:00 AM

අපි උතුම් ජාතියක් කියන්නේ බොරුවටද?

:       2       10

abaran Monday, 20 November 2023 11:18 AM

අපේ සමහර මහලොකු සිංහල බෞද්ධයින්ට තියෙන තදබල මානසික රෝගයක් තමයි තමන් බෞද්ධයෙක් කියලා පිටස්තරයාට රඟපෙන්වීම... බුදු පිළිමය ඩෑෂ් බෝඩ් එකේ තියාගෙන රිය පදවන්නේ දේවදත්ත වගේ.., මේවා බහුබූත. උතුම් බුදු දහම කියන්නේ මොහොතකම පුහුණු කළයුතු දර්ශනයක්. අපේ අය නොකරන එකම දෙයත් ඕකම තමයි. එහෙම නොවුණා නම් මේ පොලිස් උන්නැහේලත් ඔය කැත වැඩේ කරන්නේ නැහැ...

:       4       18

MangalaMonday, 20 November 2023 02:11 PM

මේ මහත්තයා දැකලා තියෙන්නේ බුදුපිළිම තියාගෙන යන වාහන විතරයි. ඇයි අනෙක් ආගම්වල වාහන දැකලාම නැද්ද? නිකන් මෝඩ කතා කියන්න එපා.

:       4       11

abarnMonday, 20 November 2023 02:30 PM

මංගල මහත්තයා කන්නාඩිය ඉස්සරහට ගියාම මම කියන ජාතියේ කෙනෙක් ඔබට පෙනේවි .

:       2       3

Bamunuarachchi Monday, 20 November 2023 06:56 PM

ප්‍රශ්නය පොලිස්කාරයා vernon කියූ ආකාරයට කිසිම දෙයක් ඩෑෂ්බෝඩ් එක උඩ තියාගෙන යාම වරදක් හැටියට පෙන්වා නොදී දඩය හැටියට පැට්‍රල් ලීටරයක් ලබා ගැනීමයි. මේ රටවලත් කුරුසේ එල්ලා ගෙන තිබෙන වාහන දකිනවා. ඒ විතරක් නොවෙයි කුරුසේ බෙල්ලේ එල්ලාගෙන ඉන්න මිනිස්සු ඉන්නේ. හේතුව පෙන්වා දුන්නානම් නැවත ඔය වැඩේ නැවත කරන්නේ නැහැ...

:       0       0

rosan Monday, 20 November 2023 12:11 PM

වෑන් රථයක් නොවෙයි ත්‍රීරෝද රථයක්

:       0       2

Bamunuarachchi Monday, 20 November 2023 07:00 PM

රජය කියලා ඇති පුළුවන් තරම් දඩ ගසා ආදායම එකතු කරගන්න කියලා ඒත් පෙට්‍රල් වලින් දඩ ගැසීම කවදා සිට පටන් ගත්තාද කියා දන්නේ නැත. පොලිස් කාරයාගේ නොම්මරේත් පලකරා නම් තමයි හොඳ....!

:       0       0

S.k.ananda Monday, 20 November 2023 07:49 PM

පොලිසියේ සමහරක් ඔයවගේ බලු වැඩ කරනවා මම කියන්නේ බුදුපිළිමයක් තියාගෙන ගිහින් දඩ කෑවා නම් ඕකුන් වසලයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site