දේශපාලන පක්ෂ වශයෙන් බෙදී රට පාලනය කිරීමෙන් රටට සුගතියක් අත් නොවන බවත් අධිරාජ්‍යවාදීන් එදා රට බෙදා වෙන්කළේ ශ්‍රී ලාංකිකයන්ගේ අසමගිය හා පිල් බෙදීම නිසා බවත් අදත් එවැනි ලකුණු ඇති බවත් එයින් රටට හානියක් නොවන බවත් අස්ගිරි පාර්ශවයේ නව මහා නායක ගලගම අත්තදස්සි මාහිමියෝ අද (18) සිය නිල නිවසට ගෙවදිමින් ප්‍රකාශ කළහ.
‘අපි කවුරුත් පක්ෂ බේද හා වෙනත් අසමගිකම් දුරැර එක්වී රටේ දියුණුවට යහපතට ක්‍රියා නොකළොත් රටට මහ විපතක් සිදුවෙයි. ඒ තත්ත්වය සියලු දෙනාම සිත්හි තබා ගැනීම වැදගත්‘ රටේ අද සිදුවන පාලනය යහපත් බවද මහා නාහිමියෝ කීහ.
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" රැවුල ගිනිඅරන් තියනකොට සුරුට්ටු පත්තු කරනවා. රටේ බරපතල ප්‍රශ්න. මේගොල්ල ව්‍යවස්ථා සංශෝධනය කරනවා, ඡන්දෙ කල් දාගන්න. හොර ගිවිසුම් ගහල එහෙම කට්ටියක් දැන් එකතු වී ඉන්නේ (බ)
අති ගරු මහා නායක ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ අවවාදයට අනේක වාරයක් ස්තුතිය,නමස්කාරය. මුලින්ම මේ දේශපාලන ගැති භික්ෂුන් වහන්සේලාට රට දැය වෙනුවෙන් එක්වන ලෙස බල කරන්න. (බ)
අපේ හාමුරුවනේ,අර කලින් හිටපු එක්කෙනා මල්වට්ටියක් අරගෙන පන්සල පැත්තේ ආවොත් කරුණාවෙන් වදාරන්න,දැන් ඉතිං පැත්තකට වෙලා ඉන්න කියලා.එහෙම වුනොත් බෙදෙන එක නැතිකරගන්න පුලුවන්. (බ)
අප එකතු විය යුත්තේ රට ආරක්ෂාවන දෙයකටයි. (ර)
අනේ මන්දා මොනවා වෙන්න යනවාද කියලා මේ රටට? (නි)
මහා නාහිමියනි, මේ වදන් අනිත් පක්ෂවල අයටත් කියනවා නම් හොඳයි (නි)
මාහිමියෝ මේ කියන දේ ඇත්ත. (නි)
අපේ රටේ දේශපාලකයන්ගේ අසමගිය නිසා තමයි අද මේ රට මෙහෙම ආගාධයට ගිහින් තියෙන්නේ. (නි)
අපිට නම් පෙනෙන විදියට දැන් බෙදෙන්න දෙයක් නැහැ හාමුදුරුවනේ (නි)
පාර්ලිමේන්තුවට බලය ලබා දෙන ඕනෑම ආණ්ඩු ක්‍රමයක් තුළ පක්ෂ එකකට වඩා නොසිටිය හොත් එතන නැවතත් ඒකාධිපති බව රජ කරන බව කව්රු කවුරුත් අමතක කරන්න හොඳ නැහැ. තනි පක්ෂයක් ගැන කතා කිරීම මිනිස්සුන්ව මුලාවකට ඇද දැමීමකි. (කේ)
එකම බුදුන්ගේ ධර්මය අදහන සංඝයා වහන්සේලා නිකාය වශයෙන් බෙදිලා ඉඳගෙන අනිත් අයට එකමුතු වෙන්න කියන්නේ කොහොමද ??(ම)
තම තනතුරු රැකගෙන බලයේ රැදී සිටීමට රට ,ජාතිය, සහ හමුදාව පාවාදීමට දේසපාලුවෝ සුදානම්. (බ)
ඇලීම් ගැටීම් සහ මුලාවීම් වලින් තොර දිවි පෙවෙතක් පෘතග්ජන අපිට නැහැ ස්වාමීන් වහන්ස. (නි)
එකතු වෙලා රට තුරන් කන එක දැන් වෙන්නේ. උගත් , අවංක පිරිසක් පාලන තන්ත්‍රයට වහාම අවශයි. (බ)
හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත (නි)
සම්පුර්ණ ඇත්ත. සිංහලයාගේ තිබෙන දුර්වලකම තමා ඕක. (නි)
නිකාය වශයෙන් බෙදුනාට බුදුන්ගේ ධර්මය වෙනුවන් බෙදීමක් නැහැ. පක්ෂ වශයෙන් බෙදුනාට රටත් ජනතාවගේ අනාගතය පිළිබඳව බෙදීම් එපා. (නි)
හාමුදුරුවන් කියන්නේ සහතික ඇත්ත තමයි (නි)
අනුන්ට බණිමින්, මල්වට්ටිය අරගෙන වට වන්දනාවේ යන අපේ හිටපු සමහර නායකයන්ට කදිම කථාවකි. මල්වට්ටිය බුදුන් වෙනුවෙන් මිස දේශපාලනය වෙනුවෙන්වත් ශ්‍රී ලාංකිකයන් භේද කිරීමටවත් නොවන බව තේරුම් කරදිය යුතු යුගයකි. (නි)
බෙදීම ආත්මවාදී කෙළෙස් දහමකි (නි)
මහානාහිමි කියන දේ හරි.(හේ)
නිකාය බෙදෙන්න හේතු මොනවද කියල හොදට හොයල බලල කතා කරන්න, මේ නිකාය බෙදිලා තියෙන්නේ බල තණ්හාවකට වත් නායකත්වය නිසාවත් නෙමේ මුළුමනින්ම දාර්ශනික මත පදනම් කරගෙන (බ)