2016-10-11-ent-114

 

සවන් යොමා මග බලා සිටි මට

ගුවන් තලෙන් කොවුල් හඬක්

ඇසුණා සවනට

2016-10-11-ent-115සීගිරියෙන් සිහිල් සුළං හමනා විලසට

බුදුන් වැඩිය මගෙ මව්බිම

ගීය ඇසුණි මට

මේ දිනවල රටපුරා ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය වන බුදුන් වැඩිය මගෙ මව්බිම දේශාභිමානී ගීතය ගයන කුඩා ගායන ශිල්පියා නමින් කෝකිල රාජපක්ෂය. ඔහුගේ නවාතැන්පොළ වන්නේ කහවත්ත, වැල්ලදුර, හපුරුදෙනිය කපුදෙනිය නැමැති ගම් ප්‍ර‘දේශයයි. දේශාභිමානී ගීතයක් ලෙසින් රචිත මෙම ගීතයේ සංගීතය එච්.එම්. ජයවර්ධනයන් විසින්ද, පද රචනය අරුණ රාජපක්ෂ විසින්ද සිදුකර ඇති අතර, පුංචි කෝකිල ඉගෙනුම ලබනුයේ ර/කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේය. එහි විදුහල්පති සුදත් ජයසුන්දර මහතා "අද"ට අදහස් දක්වමින්, "සහජ හැකියාවක් තිබෙන දරුවෙක් ලෙසයි අපි ඔහුව හඳුනාගත්තේ. ඔහුගේ පියා තමයි මේ ගීතය රචනා කර තිබෙන්නේ. පාසල පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා එක්ක කතා කරලා අපි ඒ ළමයට සහනයක් දෙන්න තමයි හදන්නෙ.

පාසලේ නම් ළමයින්ගේ සෞන්දර්ය සහ ක්‍රීඩා අංශ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ළමයින් බොහෝ දුරට විෂය කේන්ද්‍රීය වෙලා ඉන්නෙ. අනාගතයේදී ළමයින්ගේ ආකල්ප රටේ පැවැත්මට හිතකර වේවි කියා හිතන්න බෑ. එනිසා අපි සෞන්දර්යාත්මක සහ ආගමික ඉසව්වලට හා ක්‍රීඩාව පැත්තට යොමු කිරීමක් කරනවා. එවන් ඉසවුවක කෝකිල සුවිශේෂී චරිතයක් ලෙස යොදාගන්නත් කටයුතු කරනවා" යනුවෙන් කියා සිටියේය. පසුගියදා පැවැති ලෝක ළමා දිනයදා එම පාසලේ විදුහල්පති සුදත් ජයසුන්දර මහතා, පාසලේ අනෙකුත් ගුරු දෙගුරුන් සහ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් මැද උපහාර ලබන්නටද කෝකිල රාජපක්ෂ සමත් විය.

 

0779 327 997 / 0717 408 655