ලැබුවා වු මිනිසත් භවය යහපත් පැවැත්මකින් අවසන් කිරීමට නමි සියලු දෙයට ප‍්‍රථම තමන් විසින් හදුනා ගත යුතුය .ලෝකය තුල ජීවත්වන අපට ලෝකය කුමක්ද ? කෙයිවගේද ? වටිනාකම කුමක්ද ? දැනගන්න කීවේ ඒ නිසායඑ.සැමදෙයකටම සිත මුල්වන නිසා තමන්ගේ සිතෙහි උපදින සිතුවිලි පිලිබද මනා අවභෝදයකින් සිටිය යුතුය. නැතිනම් සිදුවන්නේ හැලිය ඇතුලේ නටපු කකුළුවාට සිදුවූ දෙයමය. මනුෂ්‍යයෙක්උවත් ඇතිවන සිතුවිල්ල යහපත්ද අයහපත්ද කියා තොරා ගැනීමට නොහැකිඋවහොත් ක‍්‍රියාව සිදුවන්නේද තේරුමක් නැතිවය.
තමන්ගේ සිතුවිල්ල අයහපත් නරක බව දැනුනහොත් එය ඉවත් කිරීමට හැකිය. යහපත් හොද බව දැණුන හොත් එය තවත් වැඩිකර ගැනීමට හැකියාව ඇත. සිතුවිල්ල හා සමානවම කි‍්‍රයාවද වචනයද මෙසේ විය යුතුය. තමා තමන්ගැන අවබෝද කරගත්විට කිසිවෙකුට එවැනිපුද්ගලයකු වෙනස්කල නොහැක. ලැබුවා වූ මිනිසත් භවය අමනුෂ්‍ය, තිරිසන්, භවයකට පරිවර්තනය වන්නේ තමාතමන්ව හදුනා නොගත් නිසාය. ලෝකෝත්තර වීමේ ප‍්‍රතිඵලය ලෝකවිදු වීමයි.
ලෝකයක් ඇති බව දැනෙන්නේ සිතකටය. සිත ඇත්තේ ලෝකයත් සමඟය. බුදුරජානන් වහන්සේ දේශනා කළ පරිදි ලෝකය නම් බඹයක් පමණ වූ මේ සිත හා කයයි. මේ ලෝකය මෙහෙය වන්නේ සිතය. එයට මූලික වන්නේ මේ කයේ පිහිටා ඇති ඇසෙන් රූපත්, කනෙන් ශබ්දත්, දිවෙන් රසයත්, ශරීරයෙන් ස්පර්ශයත් හෙවත් දැනීමත් මනසේ හැදෙන සිතුවිලිත්ය. මීට අමතරව මේ ලෝකයේ වෙන දෙයක් වෙනවාද? මේ ලෝකයේ අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියන්ගෙන් උපදවන දෙය සුභවාදී කැමති දෙයක් මිස වැරදි අකමැති දෙයක් වෙනවාද,? හිතනවාද,? කරනවාද? හැම මෙහොතේම හොඳ කැමති දෙයක් කිරීමට මිස වැරදි අකමැති දෙයක් කරනවාද,? කැමැත්ත සිදුවන්නේ සිතට එන බැදීම ආශාව නිසා නේද? සිදුවන දෙයට අකමැති වනවිට ඇති වන්නේ තරහ නොවේද? එසේ නම් මේ ලෝකයේ සෑමමොහොතකම ඇත්තේ කැමැත්ත හා අකමැත්තයි. කැමැත්ත යනු ආශාවයි.
අකමැත්ත යනු තරහයි. මෙය වෛරය සහ තන්හාවයි මෙම ඉන්ද්‍රියන්ගේ ක‍්‍රියාවලයෙන් සිතට දැනෙන දෙය පිළිබඳව නොදැනුනොත් විදවීම ක‍්‍රියාවේ පිරිසිදු හා අපිරිසිදු භාවය හේතුකොට ගෙනය. සිතට දැනි කරන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලය වඳභාවයක් නැත. එය කුමන වේලාවක හෝ ක‍්‍රියාත්මක වෙනවාමයි. ඉන්ද්‍රීයන් පිනවීමට ඇති කැමැත්ත ආශාව දුකක්මය, ලෝකය ඇති වන්නේ ආසාව නිසාත් වෛරය ඇති වන්නේ අකමැත්ත තරහ ක්‍රෝධය නිසාත්ය. මෙයට ප‍්‍රධාන හේතුව අනවබෝධය හෙවත් මෝහයයි.
සංසුන් සංවර වූ සත්‍ය අවබෝධ කරගත් ඉදුරන් ඇත්තා නොඇලීමෙන්, නොතැවීමෙන්, බුද්ධිමත්කම උපයෝගී කරගනිමින් සසර දුක නිමා කරගනි. ඉදුරන් අසංවර ලෙස පිනවීමෙන් තාවකාලික වින්දනය සදාකාලික විනාශයක් කර ගන්නා පෘතග්ජන බාලයා දුර්ලබව ලැබූ වටිනා මිනිස් බවය දුශ්ෂීලව මිත්‍යාදුෂ්ඨිකව සසර දුගතියට යොමු කරමින් සසරේ දුක්විදිමින් ඉපදෙමින් මැරෙමින් කර්මචක්ක‍්‍රයට පන දෙයි. සිතෙහි සංවරකම ශීලයයි. ශීලයේ පිළිවෙත් රකින්නා ලෝකයේ ස්වාභාවය ඇති සැටියෙන්දැන තමාගේත් , අනුන්ගෙත් හිත සුව පිනිස දෙලොවටම වැඩ කර ගනී. අසංවර දුශ්ශීල මිත්‍යා දෘෂ්ඨික අදහස් ඇති තැනැත්තා ප‍්‍රථමයෙන් තමන්ව විනාශ කරගෙන අනුන්වද විනාශ කර දමයි. ඇඹුලය, මිහිරිය, තිත්තය සිහිකරණ ඇත්තා සිත අවබෝධකර නොගනී. දක්‍ෂ ශිල්පියකු විසින් කරන ලද කැටයමක් බදු මේ ලෝකය කොටස් 32කින් වට වූ හන්මල්ලකි. හැම මොහොතකම නව දොරටුවලින් ජරාව වැගිරෙන ලේ, සැරව, කෙල සෙවල, සොටු, කභ, කඳුළු, මුත‍්‍රා, අසූචි, බඩවැල්, මස්, ඇට කටු , පිරුණු බදුනක් වැනිය.
මෙහි සුවය පතා වැඩ කිරීම මුවහත් ආයුධයක් ලෙව කන්නා සේය. ලෝකය පවතින්නේ හිත මුල් කරගෙනය. හිත නැති තැන ලෝකයක් නැත. නොවෙනස්ව එක සේ තබා ගැනීමට නොහැකි ලෝකයේ වටිනාකම කුමක්ද? වෙනස් නොවී තබා ගැනීමට ගන්නා උත්සහය සැපයක්ද? දුකක්ද? ඇතිවී පැවතී නැතිවී යන ලෝකය වෙනස්කිරීමට හැකිවුනේ කාටද? මේ ලස්සනයි මගේ කියු බදුන කොයි මොහොතේ හෝ බිම වැටී බිදුනොත් ( මරණය) දිනගණනාවකදී ඇතුළත ඇති දෙය පිටතට ගලද්දී පරිහරණය කිරීමට පමණක් නොව ළඟ ෂිටීමටහවයත් හැකිද? කුණු වී ඉදිමී පණුවන් ගසා ඔජස් ගලද්දී ලස්සන මගේ කිවූ ලෝකය කකුලෙන් වත් ස්පර්ශ කිරීමට හැකිද? මේ කොටස් 32ක වැඞී ඇත්තේ ආහාර නිසාය. (සබ්බේ සත්තා ආහාරට්ටිකා)ආහාර සෑදෙන්නේ කෙසේද? අපගේ ප‍්‍රධාන ආහාරය බත්ය. හාල් ඇටයක් ඇති වන්නේ වී ඇටයකින්ය. වී කරලක් හැදෙන්නේ ගොයම් ගසකින්ය. මෙම ගොයම් ගස හැදෙන්නේ වීදුරු කුටියක් තුළඳ? එය හැදෙන්නේ පස් වතුර ගිනි සුළං ( පඨවි, ආපෝ, තේජෝ, වායෝ) උපකාරයෙන්ය. සත්වයා හැදෙන්නේ ආහාර නිසානම් ආහාර හැදෙන්නේ පස් නිසානම් ආහාර වලින් හැදෙන සත්වයා පස් ගොඩක් නොවේද? ජලයට ජලය එකතු වන්නාසේද පස් වලට පස් පස් එකතු වී නොපෙනී යන්නේ පස් වලට යට කල කය පස් නිසානොවේද? එසේ නම් මේ ලෝකය ඇත්තක්ද? මුලාවක්ද? මේ මුලාවන වංචාකාරී ලෝකයට උත්තර සොයා ලෝකෝත්තර වූයේ ලෝකවිදු නමින් ගෞරවයට පත‍්‍ර වූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේයි.
මෙය අවබෝධ කර ගත හැක්කේ බුද්ධිමත් කමෙන් උගත්කම හසුරවන ඇත්ත ඇති සැටියෙන් නුවනින් දැන ගැනීමට උත්සහ ගන්නා බුද්ධිමතා හෙවත් බෞද්ධයාටයි. කිසිදු වටිනාකමක් නැති පැවැත්මක් නැති ලෝකය අතහැරිය යුතු කාලය නම් ධර්මතාවය අවබෝධකරගැනීමට හැකි බුදුවරයෙකු උපන් කාලයකයි. වි`දවන්නේ නොසිතාවිදීම කළ නිසාය. ක‍්‍රියාව විඳීමයි, විඳවීම ප‍්‍රතිඵල යයි. ලෝකය ඇති වන්නේ හේතුවක් නිසාය. හේතුව නැති වූ විට ලෝකයත් නැත. සිතක් ඇති වුනේ තන්හාව ආශාව නිසාය. මෙය නැති වූ විට සිත හට ගැනීමක් නැත. එය නම් නිවනයි. ඇතිවී පැවතී නැතිවී යන ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි.
යමෙක් කලින් ප‍්‍රමාදව
පසුව අප‍්‍රමාද වූයේනම්
හෙතෙම වලාගැබෙන් මිදුනු සඳක්මෙන් බබළයි.
කුලියාපිටියේ ධම්ම ගවේෂි හිමි
0712385967
ධම්ම ගවේෂී හිමියෝ ජපානයේ ටෝකියෝ නුවර ධර්ම චාරිකාවක් බලා වැඩම කළහ. ටෝකියෝ නුවර සිටින කාලයේදී ඒ හිමියන් කාව්‍යමය බෝධි පූජා හා භාවනා වැඩසටහන් මෙහෙයවීමට නියමිතය
ටෝකියෝ දුරකථන අංකය 00818066088114
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහම තරම් උතුම් දහමක් ලොව නැත්තේමය. (නදී)
බුදු දහම තරම් උතුම් දහමක් ලොව නැත (නදී)
ෆස්රුල් ගෆුර්, ඔබ වැනි බුද්ධිමත්ව හිතන, වෙනත් ආගම් වලටත් ගරුකරන අය සමාජයට වැඩදායකයි. (නි)
වටිනා ලිපියක්. ෆස්රුල් ගෆූර් මහතාගේ අදහස් ගැන සතුටුයි. ඔබට යහපතක්ම වේවා!!! (නි)
සාදු සාදු!!! ගොඩක් වැදගත් ලිපියක්. (නි)
හාමුදුරුවනේ සාදු සාදු සාදු ........ මේක කී දෙනෙක් තේරුම් ගනීද දන්නේ නෑ (බ)
මොනවා කිව්වත් හාමුදුරුවනේ අන්තිමට තණ්හාව වෛරය සහ ක්‍රෝධය ඉදිරියේ මිනිසා පරාජයට පත්වෙනවා. මෙය අපට සාමාන්‍ය මිනිසුන්ගේ සහ සමහර භික්ෂුන් කියා තමන්ව හදුනාගන්න පිරිසගේ ක්‍රියා කලාපය තුලින් දැකගන්නට හැක. (අ)
මාගේ විශ්වාසය සමහර බෞද්ධයන් තවමත් බුද්ධ ධර්මය හරිහැටි ඉගෙනගෙන නැහැ. නමට පමණක් බෞද්ධයින් වෙලා වැඩක් නැහැ මෙවැනි ස්වාමීන්වහසේලගේ බණ දේශනාවලට වැඩි වැඩියෙන් සවන් දෙන්න. (අ)
කෝ බොදුබලේ සගයන් මේවට ? (බ)
ඵස්රුල් ඔයාගේ අදහස් ගොඩක් වැදගත් මම බෞද්ධ හැමදාම මම ඔය ලියන දේවල් කියවනවා කිසිම දවසක ජාති ආගම ගාවගන්නේනැහැ. එක පත්තරේක තිබුන මුස්ලිම් විනිසුරුවරයෙක් ගැන එතුමා සමහර තීන්දු දෙන්නේ බෞද්ධ ධර්මය ගැන ලියාතිබෙන පොත පත ඇසුරෙන්කියලා. (අ)
ෆස්රුල් ගෆුර් ම්ත්රයා ... බෞද්ධ ලිපියක් කියවීම ගැන බෞධයෙක් හැටියට මම ඔබට ගෞරවය කරනවා. මිනිසුන්ගේ බුද්ධිය හැමෝගෙම එක හා සමාන නැහැ. ඒ නිසයි ඔබ ඔය කියන විවිධ චරිත දකින්න ලැබෙන්නේ. බුධුපියානන් වහන්සේ කියපු මාර්ගයේ යන ලස්සන මිනිස්සු අප අතර ගොඩාක් ඉන්නවා. හොඳ වැඩ කරන අය ප්‍රසිද්ද වෙනවා අඩුයි. දකින්න ලැබෙනවා අඩුයි. සමාජයේ හොඳ වැඩ කරන මනුස්සය බෙරගහගෙන කියන්නේ නැහැ මම යහපත් කියල වැරදි කරන කෙනා තමයි දගලන්නේ තමන් හොඳ බව පෙන්නන්න.(බ)
කලකට පසු ඇසු වටිනා ආදර්ශමත් දේශනයක් .අපේ රටට අවශ්‍ය මෙවැනි බුද්ධ පුත්‍රයන් , බුදුන්ගේ නිර්මල ධර්මය ගැන අසා ගැනීමට, එහෙත් බහුතරය බෞද්ධ දර්ශනය පසකලා දේශපාලනය කිරීම අපගේ දුකට කරුණක් (දිල්)
බටු ගෙදර.ණයට කහින්නේ නැතුව ඉන්නවද? වැදගත් ලිපියක් වැදගත් විදිහට නිමා කරන්න දෙන්නේ නැති උන්.ලිපියයි බොදුබල සේනා එකයි අතරේ තියන සම්බන්දය මොකක්ද? (බ)
සිතන්න යමක් කියා දීම පිළිබඳව ඒ සුවාමින්වහසේට පින්.මම ක්‍රිස්තු භක්තිකයෙක් .එ්ත් හොඳ දේට නමස් කාර කරනවා. මැරෙන මිනිසුන් හැටියට ජීවිත කාලය තුල නොමිනිස් කමින් ඈත්වී ,අන් අයටත් ආදර්ශයක් වෙමු.(අ)
ලක්ෂී - මම සිංහල මාධ්‍ය තමා ඉගෙන ගත්තේ. මහනුවර බෞද්ධ පාසලක. මට පන්සිල් පද පහ කට පාඩම් ඒ වගේම එහි අර්ථයත් හොඳින් දන්නවා. සිංහල සාහිත්‍ය මට ඉතාමත් කැමතිම විෂය. ඒ වගේම මම ගෞතම බුදුන් වහන්සේ ගැනත් ගොඩක් දේවල් කියවල තිබෙනවා. එය මා අදහන ආගම නොවුනත් බුදුරජානන් වහන්සේ ගැන විශාල ගෞරවයක් මගේ සිතේ තිබෙනවා. පංචශීලය රකින බෞද්ධයන් මෙන්ම හැම ආගමකම දේශනා කර තිබෙන්නාවූ යහපත් දේවල් අනුව අපි හැමෝම ජීවත් වෙනවා නම්, මේ ලෝකේ මොන තරම් සුන්දර එකක් වෙනවාද ඒ වගේ අපි කිසිවෙකුට පොලීසියක් හෝ උසාවියක් හෝ අවශ්‍ය වන්නේ නැහැ නේද? මා සිතන්නේ මාද්‍ය වලටත් විශාල කාර්ය භාරයක් තිබෙනවා මෙවැනි බුද්ධ පුත්‍රයන්ගේ වැඩසටහන් වැඩි වැඩියෙන් ජනතාව වෙතට ලැබෙන්නට සලස්වන්න. (අ)
මේ රටේ නායකයන්ට මේවා කියන්න (අ)
සෑම් බොහොම ස්තූතියි. (ර)